Author: Buzzer Editor

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ අමෙරිකානු තානාපතිනිය වන සින්ඩි මැකේන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ශ්‍රී ලාංකිකයන්ට පවතින ආර්ථික දුෂ්කරතාවල බලපෑම පිළිබඳව සහ හදිසි මානුෂීය අවශ්‍යතා සපුරාලීම සඳහා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි මෙරට ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් සඳහන් කළේ. මෙම සාකච්ඡාව සඳහා මෙරට ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග්ද සහභාගීවී තිබෙනවා.

Read More

තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) අලුයම ජපානය බලා පිටත්ව ගොස් තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට නියමිතව තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානය තුළ රැදී සිටින කාලය තුළ ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා සහ ඉහළ පෙළේ නායකයින් රැසක් සමඟ සාකච්ඡා කිරීමටද නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. පසුව ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට සැප්තැම්බර් 28 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිලිපීනය බලා පිටත්ව යාමට නියමිතව යාමට නියමිතයි.

Read More

විදුලි බිල සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී සාධාරණ විසඳුමකට පැමිණීමට හැකියාව ලැබෙනු ඇති බව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. ඊයේ (25) පැවති උත්සවයකට එක්වෙම්න් අග්‍රමාත්‍යවරයා සඳහන් කළේ, පවතින අර්බුදයෙන් ගොඩ ඒමට සියලුදෙනාගේ එකමුතුවෙන් හැකියාව ඇති බවයි. විදුලිය පිළිබඳ අර්බුදයක් ඇති බවට තමාද පිළිගන්නා බවයි අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

චීනය සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා වන සාකච්ඡා ක්‍රියාවලිය වේගවත් කිරීමට දෙපාර්ශවය එකඟවී තිබෙනවා. 77 වන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරය අතරතුර චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අතර පැවති හමුවේදී මේ බව සඳහන් කර තිබෙනවා. එක් තීරයක් – එක් මාවතක් වැඩසටහන ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීමට දෙපාර්ශවය එකඟවී ඇති බවද සඳහන්. හම්බන්තොට වරාය, කොළඹ වරාය නගරය සහ අනෙකුත් ප්‍රමුඛ ව්‍යාපෘති මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය ඉහළ නැංවීමටද සාකච්ඡා කර තිබෙනවා.

Read More

වසර 59 කට පසු බ්‍රහස්පති පෘථිවියට ළං වීමට නියමිතය. නාසා ආයතනය නිකුත් කළ නිවේදනකට අනුව, සැතපුම් මිලියන 600 කට වඩා ඈතින් පිහිටි බ්‍රහස්පති ලබන සදුදා (26) වන විට පෘථිවියේ සිට සැතපුම් මිලියන 367 ක් දුරින් පිහිටනු ඇති බවය. මෙය පෘථිවියේ සිට බ්‍රහස්පති තවත් පැහැදිලිව දැක ගැනීමට තාරකා විද්‍යාඥයන්ට හොද අවස්ථාවක් වනු ඇතැයි ද නාසා ආයතනය පැහැදිලි කර තිබේ. සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය ලෙස සැලකෙන්නේ බ්‍රහස්පතිය. බ්‍රහස්පති වායු යෝධයෙකි. (රොයිටර්ස්)

Read More

ශ්‍රී ලංකාව අභ්‍යන්තර හා බාහිර වශයෙන් මුහුණදෙන අභියෝග මෙරට තුළ නව දේශපාලන සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණයකට අවස්ථාවක් කරගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසනවා. ඒ අනුව ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 77 වැනි සැසිවාරය අමතමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මේ බව සඳහන් කර තිබෙනවා. අවසන් වරට පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිවාරයෙන් පසු කාලය තුළ ශ්‍රී ලංකාවේ සැලකිය යුතු වෙනස්කම් රාශියක් සිදුව ඇති බවත්, අනාගතය සඳහා තම සාමූහික දැක්ම සාක්ෂාත් කර ගැනීමට මෙය සුදුසුම අවස්ථාව බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

Read More

පිරිසුදු මනසකින් යුතුව නිවස තුළ සෑම නිමේෂයකම ජීවත් වීමට හැකි වේ නම් එතැනට ශ්‍රී කාන්තාව ලැගුම් ගනී. අපේ දේශීය බලියාග ශාන්ති කර්මයන් තුළ අන්තර ගත වී ඇත්තේ බෙරහඬේ නාද රටාව රිද්මයෙන් අවට විෂබීජ විනාශවීමත් ය. දුම්මල පන්දම් ගින්නෙන් ගැසීම් නිසා විෂ බීජ වහා නැසේ. අපේ දේශීය බලියාග කර්ම යන්නෙන් කායික හා මානසික ව්‍යාධි සමනය විය. අට අනූවක් රෝග දෙසියතුනක් අන්ත්‍ර නැති වූ වගයි. සූර්යාගෙන් නිකුත්වන වර්ණජාලය පිළිබඳව කරන ලද පර්යේෂණ අනුව වර්ණ විද්‍යාඥයින් සිය වර්ණ විද්‍යාත්මක සටහන් හරහා වර්ණ 6013ක් බැව් සොයාගෙන තිබේ. දැනටමත් තීන්ත නිෂ්පාදකයින් දහස් සංඛ්‍යාත වර්ණ ආලේප නිපදවා ඇත. මිනිස් සිරුරින් පිටත නිල් හා දම් පැහැය මිශ්‍ර…

Read More

කොළඹ නගරයේ දෛනිකව ඇතිවන මහාමාර්ග තදබදයට විසඳුමක් ලෙස බත්තරමුල්ල දියත උයන සහ අග්ගොන හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා සූර්ය පැනල මඟින් ක්‍රියාත්මක වන මගී බෝට්ටු සේවාවක් ආරම්භ කර තිබෙනවා. එසේම ඉදිරියේදි කොළඹ නගරයේ අභ්‍යන්තර ජල මාර්ගවල මෙවැනි බෝට්ටු සේවාවන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ. බත්තරමුල්ල දියත උයන සහ හීනටිකුඹුර සිට වැල්ලවත්තට මෙම බෝට්ටු මගින් විනාඩි 30ක් ඇතුළත ලඟාවීමට හැකියාව පවතින බවයි සඳහන් වන්නේ. එමෙන්ම බත්තරමුල්ල සිට වැල්ලවත්ත දක්වා එක් පුද්ගලයකුගෙන් රුපියල් 200ක මුදලක් අයකෙරෙන අතර අග්ගොන, හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා එක් පුද්ගලයකුගෙන් රුපියල් 300ක මුදලක් අය කෙරෙනවා. දිනපතා කාර්යාල වේලාවන්හිදී මෙම බෝට්ටු…

Read More

ඌව, උතුරු-මැද, උතුරු සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

ආනයන සීමා හේතුවෙන් මේ වනවිට රූපලාවන්‍යාගාර සියයට 90ක් පමණ වසාදැමෙන තත්ත්වයකට පත්වී තිබෙන බව රූපලාවන්‍ය ශිල්පීන් පවසනවා. ඒ අනුව මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ජැකී අපෝන්සු සඳහන් කළේ, මේ හේතුවෙන් සිය සේවකයන් 80% ක් පමණ ඉවත් කිරීමට සිදුවන බවයි. මාස හයකට වරක් උපකරණ අලුත් කළ යුතු බවත් මෙම නිෂ්පාදන ගෙන්වා ගැනීම සඳහා මේ මාසය අවසන් වන විට හෝ මෙම සීමා ඉවත් කළ යුතු බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

Read More