Author: Buzzer Editor

අද (27) මධ්‍යම, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

පෙරේදා (25) කොවිඩ් මරණ 01 ක් වාර්තාවී ඇති අතර ඊයේ (26) කොවිඩ් ආසාදිතයින් 09 ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 670,718 ක් සහ කොවිඩ් මරණ සංඛ්‍යාව 16,755 ක් වනවා.

Read More

එක්සත් ජනපද ඔත්තු සේවා කොන්ත්‍රාත්කරුවෙකු වන Edward Snowdenට රුසියානු ජනාධිපති පුටින් විසින් එරට පුරවැසිභාවය ලබා දී තිබෙනවා. අමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ (CIA) රහස් ඔත්තු මෙහෙයුම්වල දත්ත හෙලිදරව් කිරීමේ ආන්දෝලනාත්මක සිදුවීමෙන් වසර නවයකට පසු මෙලෙස ඔහුට පුරවැසිභාවය ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. CIA හි සේවය කරමින් සිටි ඔහු 2013 වසරේදී එම ඒජන්සිය විසින් සිදුකරන ලද දේශීය හා ජාත්‍යන්තර නිරීක්ෂණ හෙළි කර තිබෙනවා. පසුව Edward Snowden අමෙරිකාවෙන් පළාගොස් රුසියාව වෙත ගොස් එරට සරණාගතභාවය ලබාගෙන තිබුණා.

Read More

අධික රක්ත චාපය යන්න කුමක්දැයි ප්‍රථමයෙන් වටහා ගැනීම සුදුසු වේ. මෙය සාමාන්‍ය කවුරුත් හඳුන්වන්නේ ප්‍රෙෂර් එක නමිනි. ප්‍රෙෂර් එක හෙවත් අධික රුධිර පීඩනය කෙරෙහි වකුගඩු (Kidney) වල ප්‍රබල බලපෑමක් තිබේ. මෙකල අතිශය බහුතරයක් මධුමේහය, දියවැඩියාව හෙවත් (Blood Sugar) රෝගයෙන් පෙළෙයි. මෙම දියවැඩියා රෝගීන්ට ද වකුගඩු දුබලතාව තදබල ලෙස පවතිනු ඇත. එවැනි රෝගීන් හට අධික රුධිර පීඩනය බෙහෙවින් බලපෑමට හේතු වේ. එනමුත් වත්මන් ආහාර රටාව නිසාත් දෛනික ඇවතුම් පැවතුම්වල පවතින නොමනා තත්ත්වය නිසාත් නිතර මුහුණදෙන ව්‍යුහගත රෝග හෙවත් ප්‍රමේහ රෝග ද බොහෝ සේ පවතී. මෙයද අධික රුධිර පීඩනය (High Blood Pressure) කෙරෙහි බලපාන ප්‍රබල සාධකයකි. මෙම රෝගයේ විද්‍යාත්මක පැත්ත ගැන පාඨකයින්ට…

Read More

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා. මහා බ්‍රිතාන්‍යයේ වසර 50 ක කාලය තුළ විශාලතම බදු කප්පාදුව නව අගමැතිනී ලිස් ට්‍රස්ගේ රජය විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මෙම තත්ත්වය ඇතිවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ආසියානු මූල්‍ය වෙළෙඳපොළ තුළ ඩොලර් 1.0327 ක් දක්වා 4.9% කින් ස්ටර්ලිං පවුම පහත වැටී ඇති අතර බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම මෙලෙස අවප්‍රමාණය වී ඇත්තේ 1971 වසරෙන් පසුව බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Read More

තඹුත්තේගම පෞද්ගලික බැංකුවක් වෙත මුදල් තැන්පත් කිරීමට පැමිණි ව්‍යාපාරිකයකුගේ අත තිබූ රුපියල් ලක්ෂ 223ක මුදලක් ආයුධ සන්නද්ධව යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පැහැරගෙන තිබෙනවා. සැකකරුවන් දෙදෙනා මුදල් මංකොල්ලකා පලා යන අවස්ථාවේදී එම ස්ථානයෙන් ගමන්කළ තඹුත්තේගම පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් නිලධාරියෙක් ආයුධ සන්නද්ධ සැකකරුවන් මෙල්ල කර අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂ 223ක මුදලද පොලිස් භාරයට ගැනීමට එම අවස්ථාවේදීම කටයුතු කර තිබෙනවා. ඒ අනුව මෙම මෙලෙස මුදල් තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙන්නේ තඹුත්තේගම පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් බුද්ධික කුමාර නම් නිලධාරියෙක්. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 48 හා 50 වයස්වල පසුවන තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි…

Read More

ආනයනික බොරතෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. ඒ අනුව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපතිවරයා විසින් කරන ලද චෝදනාවලට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වන බව Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ. තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඩීසල් සහ ඉන්ධන තෙල් තොග ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. ලක්ෂපාන බිඳවැටීම, ඩීසල් සහ ඉන්ධන තෙල් සහ ජල කළමනාකරණය සඳහා ලංවිම සතුව ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැතිවීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් දීර්ඝ කරන ලද විදුලි කප්පාදුවක් ඉල්ලා ඇති බවයි අමාත්‍යවරයා නිකුත් කළ Twitter පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Read More

ගන්නෝරුව කෘෂිකර්ම පුහුණු ආයතනයේ අභ්‍යාසලාභීන් සඳහා වෙන් කර තිබූ සහල් පිටි සැකසුම් කර්මාන්ත ශාලාව ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය යටතට ගෙන නිෂ්පාදන කටයුතු ඊයේ (25දා) සිට ආරම්භ විය. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර හා රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම කර්මාන්ත ශාලාව විවෘත වූ අතර මෙහි නිෂ්පාදනය කෙරෙන සහල් පිටි සැකසුම් නිෂ්පාදන අලෙවිය හා බෙදාහැරීම හේලීස් සමාගමේ දායකත්වයෙන් රටපුරා සිදු කිරීමට කටයුතු යොදා තිබේ. එමෙන්ම ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ වෙළෙඳසල් මගින්ද මෙහි නිෂ්පාදිත සහල් පිටි බෙදාහරින බව ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති පාලින්ද සාගර මහතා සඳහන් කළේය. ගන්නෝරුව සහල් සැකසුම් මධ්‍යස්ථානයේ නිෂ්පාදිත සහල් පිටි අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් සකස්…

Read More

අද (26) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

කාන්තාවකට මවු පදවිය දරන කාලය තරම් ජීවිතයේ තවත් වැදගත් කාලයක් නොමැති තරම්ය. හැම මවකගේම,පියෙකුගේම පැතුම නිරෝගි දරු සම්පතකි. මවකට තම ආදරණීය සිඟිත්තාගේ ආරක්ෂාව උදෙසා ගැබිණී සමයේදී ආරක්ෂා විය යුතු ආකාරය, කළ යුතු සහ නොකළ යුතු දේවල් කිහිපයකි මේ. 01) ඔබගේ සෞඛ්‍ය සේවා සැපයුම් නිලදාරියා පිළිබඳව ප්‍රථමයෙන් දැනුම්වත් වන්න. 02) ආහාරයට අමතර කැලරි එකතු කර ගන්න 03) අනතුරුදායක ක්‍රීඩා ආදියෙන් බැහැර වන්න 04) ඔබට සුව පහසු ඇඳුම්, පාවහන් පළඳින්න 05) බිම හිඳගත් පසු නැගිටින විට සෙමින් සහ ආරක්ෂිතව නැගිටින්න 06) යහමින් ජලය පානය කරන්න 07) සිරුර අනවශ්‍ය විදිහට දිගාවී සිටින ලෙසින් (මුනින්තලාවී) හිඳීම නොකළ යුතුයි. 08) එකම තැන හිඳගෙන සිටිනවා වෙනුවට…

Read More