Author: Buzzer Editor

දිනෙන් දින වැඩි වන ඉල්ලුම සපුරාලීම සඳහා පුහුණු වැඩසටහන් එමගින්, වර්තමානය වන විට දක්නට ලැබෙන ක්‍රිප්ටෝ අපරාධවලට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන පාර්ශ්වයන් වෙත සහයෝගය දැක්වීම Binance සමාගමේ අරමුණයි. ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු සේවාව හා සම්බන්ධ ගෝලීය Blockchain පද්ධතිය වන Binance සමාගම සිය ජාත්‍යන්තර නීති බලාත්මක කිරීම වෙනුවෙන් පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ අතර, පසුගිය වසරට සාපේක්ෂව පුළුල් අයුරින් පැවැත්වුණු එම පුහුණු වැඩසටහන අති සාර්ථකව අවසන් විය. ලොව ක්‍රිප්ටො මූල්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිතව පැවැත්වුණු ප්‍රථම සම්බන්ධීකරණ වැඩසටහන වන මෙම වැඩසටහන Binance විසින් නිර්මාණය කරනු ලැබුවේ මූල්‍ය හා සයිබර් අපරාධ හඳුනාගනිමින්, ඒ ආශ්‍රිතව නීතිය ක්‍රියාත්මක කරන පාර්ශ්වයන් වෙත…

Read More

තොටළඟ – කජීමාවත්තේ ප්‍රදේශයේ නිවාස පෙළක හටගත් ගින්නෙන් නිවාස 80ක් පමණ විනාශ වී ඇති බව පොලීසිය පවසනවා. ඊයේ (27) රාත්‍රී හටගත් මෙම ගින්න ගිනි නිවන ඒකකය, පොලිසිය හා යුද හමුදාව එක්ව පාලනය කිරීමට කටයුතු කර තිබෙනවා. ගින්නෙන් ජීවිත හානි හෝ තුවාල සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැති අතර පවුල් 80ක පුද්ගලයන් 220ක් අවතැන් වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Read More

අද (28) සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

2022 අගෝස්තු මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ඉපැයීම් 10.24% කින් ඇමරිකානු ඩොලර් මිලියන 1,213.7 දක්වා වැඩි වී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. ඒ අනුව ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ඉපැයීම් ඉහළ යාම මෙයට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 2022 ජනවාරි-අගෝස්තු කාලසීමාව සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 1,310.05 ක් වූ අතර එය 2021 අනුරූප කාල සීමාවට වඩා 5.58% කින් වැඩිවී ඇති බවද සඳහන්.

Read More

තොටළඟ – කජීමාවත්තේ මහල් නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්න මේ වන විට සම්පූර්ණයෙන් නිවා දමා තිබෙනවා. ගින්නෙන් නිවාස 50 ක් පමණක් සම්පූර්ණයෙන් විනාශවී ඇති අතර කිසිඳු පුද්ගලයෙකුට තුවාල සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.

Read More

මෙරට මත්පැන් භාවිතය 20% – 30% ත් අතර ප්‍රතිශතයකින් අඩුවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. අද (27) සුරාබදු දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා. පවතින ආර්ථික අර්බුදය හා ආහාර උද්ධමනය ඉහළ යාම වැනි කරුණු ඒ සඳහා බලපා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. පවතින අසීරු තත්ත්වය යටතේ වුවද සුරාබදු දෙපාර්තමේන්තුව, සුරාබදු ආදායම 65% ක් පමණ සොයා දී තිබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

බොරතෙල් සම්බන්ධයෙන් තමා සිදු කළ ප්‍රකාශය අදටත් වලංගු බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා. තමා සිදුකළ ප්‍රකාශයට එරෙහිව නීතිමය පියවර ගන්නේ නම් තමා එයට කැමැත්තෙන් පසුවන බවත් එවිට අධිකරණය ඉදිරියේ මෙම බොරතෙල් ලබාගත් තැන් සහ එහි මිල ඇතුළු සියලු කරුණු මහජනතාවට දැන ගතහැකි බවයි ඔහු සඳහන් කළේ. මෙහිදී දේශපාලන අධිකාරියේ මූලික කටයුත්ත විය යුත්තේ මෙවැනි ගැටලුවක් ඇතිවී ඇද්ද සහ එයට වගකිවයුතු පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීම බවත් වැරැද්ද පෙන්වාදෙන පුද්ගලයාට නීතිමය පියවර ගැනීම විහිළුවක් බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ. ආනයනික බොරතෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සිදු කළ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වන…

Read More

අද දිනට පමණක් විදුලි කප්පාදුව පැය 3ක් දක්වා දීර්ඝ කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා. නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන කොටසේ ඇතිවූ හදිසි බිඳවැටීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන් කළේ. හෙට දිනයේ සිට නැවත විදුලි කප්පාදුව පැය 2යි මිනිත්තු 20 ක් දක්වා ගෙන ඒමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Read More

සිංගප්පූරුව සමඟ ඇති කරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබෙනවා. ටෝකියෝ නුවරදී සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූං (Lee Hsien Loong) සමඟ අද (27) විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ප්‍රසාදය පළ කළ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, සිංගප්පූරුව යළිත් වරක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බවයි. ලබන වසරේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සංවත්සරයට සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාට මෙහිදී ආරාධනා කර තිබෙනවා.…

Read More

නාසා ආයතනය විසින් දියත් කළ Dart මෙහෙයුම සාර්ථකවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙහිදී සලකා බලා ඇත්තේ පෘථිවියේ ඝට්ටනය වීමේ අවදානමක් ඇති ග්‍රහක ආරක්ෂිතව එම පථයෙන් වෙනස් කිරීමට ඇති හැකියාව පිළිබඳවයි. ඒ අනුව කිලෝග්‍රෑම් 610 ක පමණ බරකින් යුත් අභ්‍යවකාශ යානයක් ග්‍රහකයක ගැටීමට සලස්වා තිබෙනවා. මෙම පර්යේෂණය සාර්ථකව අවසන් වූ බවයි නාසා ආයතනය පවසන්නේ.

Read More