Author: Buzzer Editor

ලෝකයේ ඕනෑම රටක සිසුන්ට අධ්‍යයන කටයුතුවල නිරතවීමට හැකි වන ආකාරයෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනා කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා (Masatsugu Asakawa) අතර හමුව අද (30) පෙරවරුවේ මැනිලා නුවර ආසියනු සංවර්ධන බැංකු මූලස්ථානයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ පිළිබඳ අවධානය යොමු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් ක‍ළේ. පසුගිය කාලය තුළ ආසියනු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ලබාදුන් හදිසි ආධාර පිළිබඳ සභාපතිවරයා වෙත ස්තූතිය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර පවත්නා දීර්ඝ කාලීන සබඳතා තවදුරටත්…

Read More

රාජ්‍ය පාලනය වැඩි දියුණු කිරීම හා දූෂණය පිටුදැකීම සම්බන්ධයෙන් සිය කැපවීම සහතික කිරීම අමෙරිකානු ආයෝජකයින් ශ්‍රී ලංකාවෙන් අපේක්ෂා කරන බව මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් පවසනවා. අමෙරිකානු ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ උත්සවයකට එක්වෙමින් තානාපතිනිය මේ බව සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ වෙළඳපොල පුළුල් කිරීම හා ශක්තිමත් කිරීමට මෙම ප්‍රතිසංස්කරණය මූලික වන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

දිවයිනේ තෝරාගත් ඉන්ධන පිරවුම්වල, ඉන්ධන වල ප්‍රමිතිය පරික්ෂා කිරීමේ කටයුතු අද (30) දිනයේ සිදුකෙරෙනවා. ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අනුව මෙම පරික්ෂා කිරීම් ආරම්භ කළ බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ. පෙට්‍රල් නිකුත් කිරීමේදී ලීටරයකින් 1.2%ක් අඩුවෙන් නිකුත්කළ ඉන්ධන පිරවුම්හලක පොම්ප 02ක් මුද්‍රා තැබීමට ඊයේ (29) මහජන උපයෝගීතා කොමිසම කටයුතු කළා.

Read More

පෙරේදා (28) කොවිඩ් මරණ 02 ක් වාර්තාවී ඇති අතර ඊයේ (29) කොවිඩ් ආසාදිතයින් 14 ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 670,763 ක් සහ කොවිඩ් මරණ සංඛ්‍යාව 16,760 ක් වනවා.

Read More

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද සහ ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි අතර වයඹ පළාතේද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තද සුළං ඇතිවීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං…

Read More

යුගදනවි හා සොබදනවි විදුලි බලාගාර නිරීක්ෂණය සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී චානක සහ ඉන්දික අනුරුද්ධ සහභාගි වී තිබෙනවා. නොරොච්චෝලේ බලාගාරයේ බිඳ වැටීමත් සමග ජාතික පද්ධතියට අවශ්‍ය විදුලි උත්පාදනයට මෙම දැවි තෙල් බලාගාරය පූර්ණ වශයෙන් ක්‍රියාත්මකව පවතිනවා. සොබාදනවි විදුලි බලාගාරය ලබන වසරේ සිට ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා නිකුත් කළ Twitter පණිවිඩයක සඳහන් වන්නේ.

Read More

ලකේගල (Lakegala) ඉතා පැරැණි ඉතිහාසයකට උරුමකම් තියෙන අපගේ රටේ සැඟවුණු ස්ථාන බොහෝ ප්‍රමාණයක් තියෙනවා… එවැනි එක ස්ථානයක් ලෙසට “ලකේගල” හදුන්වන්න පුළුවන්. මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා තියෙන මෙය රාවණා යන නාමය සමඟ තදින් බැදී පවති.. මෙම භූමිය ගොඩක් වටිනා ඓතිහාසික කතා රැසකට උරුමකම් කියන පාරිශුද්ධ භූමයකි.. විද්වත් මතය වන්නේ මෙම පර්වත මුදුනේ රාවනා රජතුමාගේ ආකාශ පරීක්ෂණ මධ්‍යස්ථායක් තිබී ඇති අතර මෙහි ස්වභාවයෙන්ම ඇති මායාමය පිහිටීම නිසා රාවනා රජු මෙය ස්වභාවික බලකොටුවක් ලෙස ද භාවිතා කර ඇති බවයි… මහා රාවණා යුගයේදී මෙය ස්වභාවික පිරමීඩයක් විදිහට භාවිතයට ගෙන තිබෙන බව ජනප්‍රවාදයන්ගෙන් කියවෙයි. මෙම ලකේගලෙහි ඇති විශේෂත්වය වන්නේ එය බැලූ බැලූ විට වෙනස් වන කළු…

Read More

ශ්‍රී ලංකාව මුහුණදී ඇති ණය අර්බුදය හමුවේ තමන්ගේ කාර්යභාර්යය කිරීමට ජපානය සූදානම් බව එරට මුදල් අමාත්‍ය ෂුනිචී සුසුකි පවසනවා. කෙසේ වෙතත් චීනය හා ඉන්දියාව වැනි අනෙකුත් ණය හිමියන්ද එය විසඳීමට දායකවිය යුතු බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ. පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකුවේ රැස්වීමට සහභාගීවෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාව ණය අර්බුදය සම්බන්ධයෙන් පූර්ව කොන්දේසි සපුරා ඇත්නම් ජපානය කිසිඳු පැකිලීමකින් තොරව ශ්‍රී ලංකාවට උපකාර කරන බවයි ජපාන මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Read More

කොළඹ කොටුව සිට මහනුවර දක්වා විශේෂ සුඛෝපභෝගී සංචාරක දුම්රියක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඔක්තෝබර් 01 වනදා සිට සෑම සති අන්තයකම එම දුම්රිය ධාවනයවීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නව සංචාරක දුම්රිය පෙ.ව. 6.30ට කොළඹ කොටුවෙන් පිටත්වන අතර පෙරවරු 9.18ට මහනුවරට ළගාවීමට නියමිත අතර නැවතත් පස්වරු 4.50ට මහනුවරින් පිටත් වන දුම්රිය පස්වරු 7.40ට කොළඹ කොටුවට පැමිණීමට නියමිතයි. දළදා මාළිගාව වැඳපුදා ගැනීමට සහ පේරාදෙණිය මල්වත්ත නැරඹීමට පැමිණෙන සංචාරකයින් ඉලක්ක කරගනිමින් මෙම විශේෂ දුම්රිය සැලසුම් කර තිබෙනවා. නිවේදනය පහතින්,

Read More

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව ආනයනය අත්හිටවූ භාණ්ඩ ආනයනය, ප්‍රමුඛතාව මත ලිහිල් කිරීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. අද (29) පස්වරුවේ ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ඒ අනුව විවිධ පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වන ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඉදිරියේ දී තවදුරටත් ආනයන සීමා ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Read More