Author: Buzzer Editor

වර්තමානයේ රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ තේ අපනයනයෙන් ලැබෙන ආදායම මසක් ඇතුළත මෙරටට ගෙන්වීමට කටයුතු කිරීම වැදගත් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමයේ මහ සභාව අමතමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ. අපනයන සම්බන්ධ ව්‍යාපාරයක් සිදුකිරීමේදී එම ආදායම රටට ගෙන ඒමට දින 180 ක කාලයක් ලබාදෙන බවයි. එසේ වුවත් රටේ ගෙවුම් ශේෂ අර්බුදයක් ඇති අවස්ථාවක විදේශයන්හි මිලදී ගැනීම් සඳහා දින 180ක කාලයක් ඔවුන්ට ණයක් ලබාදෙන බවට එයින් අදහස් නොවන බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ. අපනයනයන් සිදුකරනවා නම් මසක් ඇතුළත මුදල් ගෙනඒම සිදුකළ යුතු අතර ඒ සඳහා පරිපාලන ක්‍රියාමාර්ග ඉදිරිපත් කිරීමට තමන් පුද්ගලිකව…

Read More

වෙළෙඳපොළ තුළ නීතිවිරෝධි ලෙස අලෙවි වන මත්පැන් ක්ෂණිකව හඳුනා ගැනීම සඳහා QR පහසුකම් සහිත ජංගම දුරකථන යෙදුමක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබෙනවා. “EXCISE TAX STAMP VALIDATOR” නමින් නම් කර ඇති මෙම App එක ඕනෑම Android හෝ Apple ස්මාර්ට් දුරකථනයකට ලබාගැනීමෙන් අනතුරුව, ඒ හරහා මත්පැන් බෝතලයේ ඇති QR කේතය scan කර එහි විස්තර පරීක්ෂා කිරීමේ හැකියාව පවතිනවා. යම් QR කේතයක් scan කර විස්තර ලබාගත නොහැකි නම්, ඒ පිළිබඳව අදාළ App එක ඔස්සේම සුරාබදු දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමේ හැකියාවද ලබාදී තිබෙනවා. අදාළ App එක පහතින් ලබාගත හැකියි. Android – https://play.google.com/store/apps/details?id=com.madrassecurityprinters.digitalstampvalidatorApple – https://apps.apple.com/za/app/excise-tax-stamp-validator/id1640893927

Read More

පසුගියදා කාර්මික දෝෂයක් හේතුවෙන් අක්‍රීය වූ නොරොච්චෝල බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කොට මේ වන විට ජාතික පද්ධතියට එක්කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. 2 වන ජනන යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුත්තක් මේ වන විට ක්‍රියාත්මක අතර එය මෙම මස මැදදී අවසන් කොට නැවත ජාතික පද්ධතියට එකතු කිරීමට අපේක්ෂා කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ. මේ වන විට 1 වන සහ 3 වන ජනන යන්ත්‍රය පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

Read More

ගල් අඟුරු නොමැති වීම නිසා ඔක්තොම්බර් මාසයේ දීර්ඝ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මීට පෙර අපේක්ෂා කළත්, දැන් එම අවශ්‍යතාවය නොමැති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ලබන වසරේ ජනවාරි මාසය තෙක් දීර්ඝ විදුලි කප්පාදුවක අවශ්‍යතාවයක් ඇති නොවනු ඇති බවයි. නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ බිඳ වැටී තිබූ ජනන යන්ත්‍රයන් යථා තත්ත්වයට පත්කොට සඳුදා (03) පමණ විට ජාතික පද්ධතියට එකතු කිරීමට හැකියාවක් ලැබෙනු ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

Read More

පසුගිය ජනවාරි මාසයේ දී බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ හමුදා කුමන්ත්‍රණයකින් බලය අත්කරගෙන සිටි හමුදා නායක ලුතිනන් කර්නල් පෝල් හෙන්රි දමිබා බලයෙන් පහ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට තුළ ඇතිව තිබෙන ඉස්ලාමීය ජිහාඩ් කැරැල්ලක් මැඩපැවැත්වීමට හමුදා නායකයා අපොහොසත් වීම මත මෙලෙස ඔහු බලයෙන් පහ කර ඇති බවයි සඳහන් වන්නේ. එරට හමුදාවේ ප්‍රකාශකයෙකු හමුදා නායකයා බලයෙන් පහ කළ බව රූපවාහිනි මාධ්‍ය ඔස්සේ පවසා තිබුණා.

Read More

අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40/- කින් අඩු කර ඇති අතර නව මිල රු.410/- වනවා. එමෙන්ම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30/- අඩු කර ඇති අතර නව මිල රු.510/- වනවා. CEYPETCO සහ ලංකා IOC පිරවුම්හල් සියල්ලේම අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මකයි.

Read More

2.5% ක් වන නව සමාජ ආරක්ෂණ බද්ද අද (01) සිට ක්‍රියාත්මක කර තිබෙනවා. රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සහ Covid 19 වසංගතයෙන් පීඩාවට පත් ආර්ථිකය නැවත ගොඩනැගීමේ අරමුණින් හදුන්වා දෙනු ලැබූ පියවරක් ලෙස 2022 අයවැය මඟින් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හඳුන්වා දීමට මුදල් අමාත්‍යංශය කටයුතු කළා. වාර්ෂික පිරිවැටුම රු. මිලියන 120 ඉක්මවනු ලබන ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන් සහ තොග වෙළෙන්දන් සහ සිල්ලර වෙළෙන්දන්ගේ බද්දට යටත් පිරිවැටුම මත සියයට 2.5 ක අනුපාතයකින් මෙම බද්ද අය කිරීමට නියමිතයි.

Read More

අද (01) දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවත්, ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තද සුළං ඇතිවිය…

Read More

ලෝකයේ අනාගතය උදෙසා සියලුම දරුවන් සුරැකීමට ප්‍රමුඛතාවය ලබාදීම සඳහා ලෝක ප්‍රජාවගේ යුතුකමක් යැයි මතක් කිරීම සඳහා සියලුම රටවල ලෝක ළමා දිනය නැතහොත් විශ්ව ළමා දිනය සමරනු ලබනවා. වර්ෂ 1856 දී ජුනි දෙවැනි ඉරිදායින් ඇරඹි ලෝක ළමා දිනය ලෝකයේ බොහෝ රටවල සමරනු ලබන අතර ශ්‍රී ලංකාවේ ළමා දිනය ඔක්තොම්බර් 01 වනදාට යෙදී තිබෙනවා. එමෙන්ම ලෝක වැඩිහිටි ප්‍රජාව සඳහා වෙන්වූ ‘ලෝක වැඩිහිටි දිනයත්’ අද (01) දිනයට යෙදී තිබෙනවා.

Read More

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රණය කරන කණ්ඩායමට හිමිවන ත්‍යාග මුදල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව ජයග්‍රාහී කණ්ඩායමට ඩොලර් මිලියන 1.6 ක ත්‍යාග මුදලක් හිමිවන අතර අනුශූරතාවය හිමිකරගන්නා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් ලක්ෂ 8 ක මුදලක් හිමි වනවා.

Read More