Author: Buzzer Editor

වසර ගණනක් එකදිගට විෂය දැනුම මතක තබාගෙන විභාගවලට මුහුණදීමේ පීඩාකාරී මානසික වදයෙන් දරුවන් නිදහස් කිරීමට තමන් දැඩි උත්සාහයක නිරත වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලටත් එහා ගිය අධ්‍යාපන පරිවර්තනයක් ඔස්සේ පවත්නා විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව වෙනස් කළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. පෙර පාසලේ සිට පාසල් පන්ති කාමරය හරහා මෙම පරිවර්තනීය වෙනස සිදුවිය යුතු බවත් පෙර පාසලේදීත් කුතුහලයෙන් පරිසරය නිරීක්ෂණයට ලැබෙන අවකාශය පුළුල් වන තරමට, පන්ති කාමරයේදී ප්‍රශ්න විමසමින් දැනුම් මූලාශ්‍ර හඹා යමින් ගවේෂණාත්මක නිදහස් අධ්‍යාපනයක නිරත වීමට දරුවන්ට අවස්ථාව හිමිවිය යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. විශ්වවිද්‍යාලයේදී විශ්වදැනුම හා මුසුවී සමාජයට ප්‍රතිඵලදායක නිර්මාණ බිහිකිරීමට හැකිවන්නේ එවන්…

Read More

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් මන්ත්‍රීවරුන් නම්කර තිබෙනවා. ඒ අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අදාළ මන්ත්‍රීවරුන්ගේ නම් අද (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අදාළ නම් ලැයිස්තුව පහතින්,

Read More

රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කරන බවට පැතිර යන ප්‍රචාරයන් හි කිසිඳු සත්‍යතාවයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. රජය කිසිසේත්ම එවැනි තීරණයක් ගෙන නොමැති බවත් මුළු රාජ්‍ය ආදායමෙන්ම වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවන තත්ත්වයක සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. ආර්ථිකය අක්‍රමවත් ආකාරයෙන් ගමන් කළා නම් රාජ්‍ය සේවක වැටුප් සම්පූර්ණයෙන්ම අහිමි වන තත්ත්වයක් උදා වන බවත් දැන් එවැනි තත්ත්වයක් නොමැති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

මහ කන්නයේ වගා කරන ගොවීන් සඳහා මෙට්ට්‍රික් ටොන් 12,000 ක පොහොර තොගයක් තවත් සති කිහිපයකින් මෙරටට ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ අනුව මහ කන්නයට අවශ්‍ය පොහොර නිසි වේලාවට ගොවීන්ට ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. වී වගාවට අමතරව අනෙකුත් බෝග වගා සඳහා ද පොහොර ගොවීන්ට ලබාදෙන බවත් පෙර තිබුණු මිලට වඩා අඩු මිලකට එම පොහොර ලබාදීමට පෞද්ගලික අංශය එකඟතාව පළකර ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

කාන්තාවන් සහ පාසල් දැරියන් අතර සනීපාරක්ෂාව සහතික කිරීම සහ සනීපාරක්ෂක නිෂ්පාදන වඩාත් දැරිය හැකි මිලකට ලබාගැනීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා ආනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය 05ක් මත පැනවූ බදු සියල්ල ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මෙම බදු සහන සමග දේශීයව නිෂ්පාදීත සනීපාරක්‍ෂක තුවා 10ක් සහිත පැකට්ටුවක මිල රුපියල් 50ක – 60ක මිලකින් අඩුවීමට නියමිත අතර එහි උපරිම සිල්ලර මිල රුපියල් 260ක් – රුපියල් 270ක් වනවා. තවද ආනයනික නිමි නිෂ්පාදනවල පාරිභෝගික සිල්ලර මිල 18%කින් හෝ 19% කින් අඩුවීමට ද නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ ට්විටර් හා…

Read More

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් මිල ගණන් ඉහළ දැමීමට සමාගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව DCSL සමාගම විසින් මිලිලීටර් 750 අති විශේෂ මත්පැන් බෝතලය මිල රුපියල් 150කින් ඉහළ දමා ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ. එසේම අනෙක් මත්පැන්වල මිල ගණන් ද ඉහළ දමා ඇති බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා. මේ අතර දුම්වැටි වර්ග දෙකක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමටද අදාළ සමාගම් තීරණය කර තිබෙනවා.

Read More

ඉන්දුනීසියානු පාපන්දු තරඟයක් අතරතුර ප්‍රේක්ෂකයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් පාලනයට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඇතිවූ තෙරපීමෙන් පුද්ගලයින් 127 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තරඟය අවසන් කිරීම සඳහා අවසන් විසිල් නාලද කිරීමෙන් අනතුරුව ක්‍රීඩා ලෝලීන් තණතීරුව වෙත දිව ගොස් තිබෙනවා. පසුව පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර, එය සෙනඟ තෙරපීමකට සහ හුස්ම හිරවීමේ සිදුවීම්වලට හේතුවූ බවයි එරට බලධාරීන් සඳහන් කරන්නේ. මියගිය අය අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දුනීසියානු පාපන්දු සංගමය මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) අලුයම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියා. පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ඔක්තෝම්බර් 16 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරඟ කිහිපයකටද එක්වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙක් ලෙස මහේල ජයවර්ධනද කණ්ඩායම සමඟ එක්වීමට නියමිතයි.

Read More

ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 41 වන වියේ පසු වුණා. මෙරට සිංහල හා දමිල චිත්‍රපට බොහෝමයකට ඔහු රංගනයෙන් දායකවී තිබෙනවා.

Read More

සමකාලීන මිසර සහ බැබිලෝනියන් ශිෂ්ටාචාර සමග රාවනා රජතුමා සෘජුවම සබදතා දක්වා ඇති බව මීට පෙර සටහනකින් පැවසුවෙමි. ඒ අනුව මහා රාවනා යුගයද පෙර කී ශිෂ්ටාචාර වල පරිසරයන්ගෙන් යුක්ත විවුණ බව දැනටමත් සනාථ වී ඇත. පෙර කී මිසර, සුමේරියන්, බැබිලෝනියන් ශිෂ්ටාචාර වලට පිටසක්වල සම්භවයක් ඇති බවත් ලොවම දන්නා සත්‍යයකි. මහා රාවනා රජුගේ කාල පරිච්ඡේදයෙන්ද මේ හා සමාන පිටසක්වල සම්භවයක් පිළිබදව හෙළි වේ. මේ ශිෂ්ටාචාර සියල්ලක්ම එක හා සමාන කාලයකදී ආරම්භ වී (අහසින් පැමිණි සිංහ මිනිසුන්ගෙන්) එක හා සමාන කාලයක පැවතී එක සමාන කාලයකදී විනාශ වීම පුදුම සහගත සිද්ධියකි. එකී සමකාලීන ශිෂ්ටාචාරයන් එකිනෙක අතර තිබූ සහසම්බන්ධය එමගින්ම පැහැදිළි වෙයි. අප රටේ සිට…

Read More