- සබරගමුවේ සිසුවා මියගියේ නවකවධය නිසා බව හෙළිවෙයි
- වලාකුළු ආවරණය හැකිලීම ගෝලීය උණුසුම තීව්ර කරන බවට අධ්‍යයනයකින් අනතුරු අඟවයි.
- ඉරානය මෙතෙක් භාවිත නොකළ නව මිසයිල ගුවන්ගත කරයි
- දුම්රිය වර්ජනය කල්යයි
- නව අභියාචනාධිකරණ සභාපතිවරයෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක්
- කෙහෙළියගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් ප්‍රශ්න කිරීමට කැඳවයි
- ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල
- සංචාරක ක්ෂේත්රයේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප වර්ධනයට පියවර
Author: Buzzer Editor
උද්භිද උද්‍යාන ආරම්භ වී ඇත්තේ රෝගාබාධ වලට ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ ශාක සංවිධානාත්මකව වගාකරනු පිණිසයි. ග්‍රීසිය, ඉන්දියාව, මිසරය, මෙක්සිකෝව, රෝමය හා චීනය යන පැරැණි ශිෂ්ටාචාරවල මෙවන් ඖෂධ උයන් තිබී ඇත. එහෙත් නූතන උද්භිද උද් යානයක කාර්යභාරය ඉතා පුළුල් වී ඇත. ශාක වැවීම, දුර්ලභ ශාක ආරක්ෂා කිරීම, පර්යේෂණ කිරීම, අධ්‍යාපනික වැඩසටහන් මෙහෙයවීම, ශාක වලට අදාලව පුස්තකාල රසායනාගාර සහ කෞතුකාගාර පවත්වාගෙන යෑම එම කාර්යන් සමහරකි. ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධානම උද්භිද උද්‍යාන අතරින් එකකි පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය. දුටුවන්ගේ සිත් ඇදගන්නා සුළු පරිසරය කින් සමන්විත මෙම උද්‍යානය සති මැදදී මෙන්ම සති අන්තයේ දී ජනයාගෙන් පිරී යාම සුලභ ලක්ෂණයකි. තුන්වන වික්‍රමබාහු රජු විසින් පිහිටුවන…
හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල තවදුරටත් අඩු කරන බව එම සමාගම පවසනවා. ඒ අනුව ගෑස් මිල සූත්‍රයට අනුව ලිට්රෝ කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරය රුපියල් 200ත් 300ත් අතර අගයකින් පහත දැමීමට බලාපොරොත්තු වන බවයි ලිට්රෝ සමාගම සඳහන් කරන්නේ. එයට සමාගමීව අනෙකුත් ගෑස් සිලින්ඩරවල මිලද අඩු කරන බවද ලිට්රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කළා.
COVID-19 සහ ආර්ථික අර්බුදයේ බලපෑම වැනි හේතු නිසා යොවුන් පරපුරට දැඩි මානසික පීඩාවන්ට මුහුණ දීමට සිදු වී තිබේ. මීට පිළියමක් වශයෙන් ජෝන් කීල්ස් පදනම ChildFund Sri Lanka සමග එක්වී, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සහ කොළඹ මහනගර සභාවේ දායකත්වයද සමගින් කොළඹ 02 ප්‍රදේශයේ දරුදැරියන් සහ තරුණ තරුණියන් වෙනුවෙන් සෞන්දර්ය වැඩමුළු මාලාවක් පැවැත්වීමට කටයුතු කළේ ය. 2021 වසරේදී ආරම්භ කරන ලද මෙම වැඩසටහන යටතේ මාස 9 ක කාලයක් තුළ චිත්‍ර, රංග කලාව, සංගීතය සහ නර්තනය යන විෂයන් සම්බන්ධ වැඩමුළු 48 ක් පවත්වන ලදි. දෘශ්‍ය කලා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සෞම්‍ය ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් මෙහෙයවන ලද මෙම වැඩමුළු මාලාවට වයස අවුරුදු…
ඉන්දීය ගුවන් හමුදාවට සහ යුද හමුදාවට අවශ්‍ය සැහැල්ලූ ප්‍රහාරක හෙලිකොප්ටරය ඉන්දියාව විසින් නිෂ්පාදනය කරන ලද බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඊයේ ලොවට හෙළි කළා. ලොව පුරා ඇති අනෙකුත් සටන් හෙලිකොප්ටර් යානා අතරින් ඉහළම පියාසර සිවිලිමක් ඇති එකම ගුවන් යානය මෙයයි. මෙම ව්‍යාපෘතිය 2004 වසරේ මුල් භාගයේදී ඉන්දියානු අභ්‍යවකාශ නිෂ්පාදකයෙකු වන Hindustan Aeronautics Limited විසින් ආරම්භ කරන ලදී.
තමන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. මීට පෙර එහි සභාපති ධූරයේ කටයුතු කළ මහාචාර්ය චරිත හේරත්ව යළි එම කමිටුව සඳහා පත් කිරීමට තමන් මෙලෙස ඉල්ලා අස්වන බව මන්ත්‍රීවරයා සඳහන් කරනවා.
ස්වීඩන් විද්‍යාඥ ස්වැන්තේ පාබෝ (Svante Pääbo) විසින් වෛද්‍ය විද්‍යාව සඳහා හිමි නොබෙල් ත්‍යාගය දිනාගෙන තිබෙනවා. වඳවී ගිය මානව පරිණාමය පිළිබඳ සිදු කළ ජාන පිළිබඳ ඔහු සිදුකළ සොයාගැනීම් සඳහා මෙය හිමිවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
වෛද්‍ය අජේ ආර්යන්ගේ ජීවන ගමන පාදක කරගත් “අජේ වර්ධන් (Ajay Wardhan)” චිත්‍රපටිය නොවැම්බර් 4 වැනිදා එළිදැක්වීමට නියමිතයි. රොමිල් චෞද්රි (Romil Chaudhary) සහ ප්‍රියා ශර්මා (Priya Sharma) මෙහි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වේ. ඔවුන්ට අමතරව ගිරිෂ් තාපර් (Girish Thapar), අර්ජුම්මන් මුගල් (Arjumman Mughal), රුස්ලාන් මුම්ටාස් (Ruslaan Mumtaz), අයිශ්වර්යා රාජ් භකුනි (Aishwarya Raj Bhakuni) සහ අප ශ්‍රී ලංකාවෙන් රශිප්‍රභා සංදීපනී (Rashiprabha Sandeepani) ඇතුළු බොලිවුඩ් නළු නිළියෝ ද චිත්‍රපටයට සම්බන්ධ වෙති. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ Dr Pragati Agarwal විසිනි. චිත්‍රපටයේ අධීක්ෂණ අධ්‍යක්ෂණය බොලිවුඩයේ ප්‍රවීණ අධ්‍යක්ෂක දුෂ්යන්ත් ප්‍රතාප් සිං විසින් සිදු කර ඇත. දුෂ්යන්ත් කෝපරේෂන් බැනරය යටතේ, මෙම චිත්‍රපටය නොවැම්බර් 4 වනදා ඉන්දියාව…
එදා හෙළදිව තුළ මහත් වූ වික්‍රමයන් පෑමට අප මුතුන් මිත්තන්ට හැකි විය. ඔවුන් කරවූ වැව් අමුණු, දාගැබ්, මාලිගා, පිළිමගෙවල්, පන්සල්, කෝවිල් දකින කල අප සිටින්නේ කොතැනද? එදා ඔවුන් සතුව තිබූ ඥානය, පරිකල්පන හැකියාව, ගණිත මිණිත හැකියාව අද ඇත්තේ කා තුළද? පරිගණක, ගණක යන්ත්‍ර නොමැති යුගයක වූව ද ඔවුන් මේ සියලු දේ සිදු කිරීමට සමත් වීම අපට මහත් අභිමානයක්, ලැජ්ජාවක් හා කුතුහලයක් දනවන කරුණකි. අපට මෙන්ම එදා හෙළදිව ආක්‍රමණයට පැමිණි පෘතුගීසි, ඉංග්‍රීසි, ලන්දේසීන්ට ද මෙය මහත් කුතුහලයක් හා ලැජ්ජාවක් විය. එම නිසාම ඔවුන් මේ පිළිබඳ ඉතා තීක්ෂණව සොයා බැලීය. රාජ සභාවල, මන්ත්‍රණ සභාවල වාඩිගත් අපේ හෙළ නායකවරු, ඇමතිවරු ඉතා නිශ්ශබ්දව හිඳ…
පෙරේදා (01) කොවිඩ් මරණ කිසිවක් වාර්තා නොවූ අතර ඊයේ (02) කොවිඩ් ආසාදිතයින් 10 ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 670,790 ක් සහ කොවිඩ් මරණ සංඛ්‍යාව 16,762 ක් වනවා.
අද (03) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උතුරු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර 50ත් 55ත් අතර තද සුළං ඇතිවීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත…