Author: Buzzer Editor

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහාචාර්ය රංජිත් බණ්ඩාර තේරී පත්වී තිබෙනවා. අද (06) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වූ කෝප් කමිටුව මෙම තීරණය ගෙන තිබෙනවා.

Read More

රාජ්‍ය ආයතන කිහිපයක් මේ වසරේ අවසන් කාර්තුව වනවිට ලබා ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 4,000ක් පමණ වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළා. ඒ අනුව රටට බරක් වී ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යය දැනට ආරම්භ කර ඇති බවත් දශක ගණනාවක සිට එම ආයතනවල පාඩුව ඍජුව හා වක්‍රව මහජනතාවට දැරීමට සිදුව ඇති බවත් ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. 2022 අවුරුද්දේ දෙවැනි කාර්තුව අවසානය වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 1,057 ක්, ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 261 ක් හා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම රුපියල් බිලියන 799 ක පාඩුවක් ලබා ඇති බවද ජනපතිවරයා සඳහන්…

Read More

මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා සංචාරක ඉන්ධන අවසරපත් (Tourists Fuel Pass) ක්‍රමවේදයක් හඳුන්වාදීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එමගින් විදේශ සංචාරකයන්ට දැනට රටේ පවත්නා ඉන්ධන කෝටා ක්‍රමයෙන් බැහැරව, සිය අවශ්‍යතාවය අනුව ඉන්ධන ලබාගැනීමට හැකියාව ලැබෙන බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ. දිවයින පුරා පිහිටි ඕනෑම සම්පත් බැංකු ශාඛාවකට පිවිස ඕනෑම විදේශ මුදල් ඒකකයකින් සංචාරක ඉන්ධන අවසරපත මිලදීගැනීමේ පහසුව සලසා තිබෙනවා. එසේම දිවයින පුරා පිහිටි 300කට අධික Ceypetco සහ ලංකා IOC ඉන්ධන පිරවුම්හල්වලින් ඉතා පහසුවෙන් ඉන්ධන ලබාගැනීමේ පහසුවද ඔවුන්ට හිමිවන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

ගස්ලබු ඉදුණු ගස්ලබු විටමින් සී, විටමින් ඊ සහ බීටා – කැරොටීන් යන ප්‍රබල ප්‍රතිඔක්සිකාරක වලින් ඉතා පොහොසත්ය. මේ ප්‍රතිඔක්සිකාරක නරක කොලෙස්ටරෝල් (LDL) නහරවල බැඳීම වළක්වයි. මෙමඟින් හදවත් රෝග පමණක් නොව ආඝාතය වැනි තත්ත්ව ඇති වීමද වළක්වයි. ගස්ලබු කෙඳීවලින් පරිපූර්ණ පලතුරකි. කෙඳී මඟින් නරක කොලෙස්ටරෝල් මට්ටම අඩුකරන අතර ගස්ලබු වල කෙඳී වල අඩංගු ෆෝලේට්, විටමින් සී, බීටා කැරොටින් හා විටමින් ඊ බඩවැලේ පිළිකා ඇතිවීම අඩුකරන්නට ද ආධාර වේ. විටමින් සී, විටමින් ඊ හා බීටා – කැරොටීන් වල ප්‍රදාහ තත්ත්වයන් වැළැක්වීමට නැතිවම බැරි සංයෝග කිහිපයක් අඩංගුයි. ඇදුම, ඔස්ටියෝ ආතරයිටිස් වැනි ප්‍රදාහ තත්ත්වයන්ගෙන් පීඩා විඳීන අයට විටමින් සී, විටමින් ඊ හා බීටා -…

Read More

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා. කිලෝ ග්‍රෑම් 12.5 – රු.271 කින් (නව මිල: රු.4,280)කිලෝ ග්‍රෑම් 5 – රු.107 කින් (නව මිල: රු.1,720)කිලෝ ග්‍රෑම් 2.3 – රු.48 කින් (නව මිල: රු.800)

Read More

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි දුරකථන සමාගම් සිය ගාස්තු නැවත වරක් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. මෙම මස සිට 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කිරීම හේතුවෙන් මෙලෙස ගාස්තු සංශෝධනය කරන බවයි එම සමාගම් නිවේදනය කර තිබෙන්නේ. ඒ අනුව අද සිට පෙරගෙවුම් රීලෝඩ් පැකේජද වෙනස් වන අතර, නව ගාස්තු සම්බන්ධයෙන් සියලුම තොරතුරු අදාළ දුරකථන සමාගම්වල වෙබ් අඩවිවලින් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඩයලොග්: https://dlg.dialog.lk/revision මොබිටෙල්: https://www.mobitel.lk/Price-Revisions-October-2022 එයාර් ටෙල්: https://www.airtel.lk/price-change/ හච්: https://hutch.lk/price-revision/

Read More

ඩෙංගු යනු ආසාදිත මදුරුවන්, විශේෂයෙන් ඊඩිස් ඊජිප්ටයි මගින් ඇති කරන භයානක රෝගයක් විය හැකිය. සමහර ඩෙංගු රෝග ලක්ෂණ රහිත විය හැකි නමුත් සාමාන්‍යයෙන්, අධික උණ, සන්ධි වේදනාව සහ කුෂ්ඨ වැනි මූලික රෝග ලක්ෂණ බොහෝ රෝගීන්ට සමාන වේ. ඩෙංගු බහුලව දක්නට ලැබෙන්නේ පිලිපීනය වැනි උපනිවර්තන සහ නිවර්තන කලාපීය රටවල වන අතර ඩෙංගු එහි සියලුම ප්‍රදේශවලට ආවේණික රෝගයක් ලෙස සැලකේ. ඩෙංගු රෝගීන්ගෙන් බහුතරයක් කිසිදු ගැටලුවකින් තොරව සුවය ලබන අතර, ඩෙංගු කම්පන සින්ඩ්‍රෝමය (ඩීඑස්එස්) හෝ ඩෙංගු රක්තපාත උණ (ඩීඑච්එෆ්) ලෙස හඳුන්වන වඩාත් දරුණු ඩෙංගු වර්ගයක් කම්පනය හා මරණය පවා ඇති කළ හැකිය. ඩෙංගු සඳහා දැනට ප්‍රතිකාර නොමැත, නමුත් සාර්ථක වාහක පාලන ක්‍රම සහ…

Read More

ඇමෙරිකාවට කඩා වැදුණු ‘ඉයන්’ සුළි කුණාටුව හේතුවෙන් මියගිය ගණන 62 තෙක් ඉහළ ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. තද සුළං සහ මහ වැසි සමඟ ‘ඉයන්’ සුළි කුණාටුව ඇමෙරිකාවට ඇතුළු වූයේ ෆ්ලොරීඩා ප්‍රාන්තය හරහාය. ඒ, පැයට කිලෝ මීටර් 249 ක වේගයකිනි. ඇමෙරිකන් කාලගුණ විද්‍යාඥයන් පවසා ඇත්තේ, දශක ගණනාවකට පසු ඇමෙරිකාවට කඩා වැදුණු ප්‍රබලතම සුළි කුණාටුව මෙය බවය. (රොයිටර්)

Read More

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පත්වී තිබෙනවා. ඒ අනුව ඔහු ඒකමතිකව තේරී පත්වී ඇති බවයි පාර්ලිමේන්තුව සඳහන් කළේ.

Read More

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සම්බන්ධ සේවා, රෝහල්වල, සාත්තු නිවාස වල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම ඇතුළු සේවා මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය පහතින්.

Read More