- වලාකුළු ආවරණය හැකිලීම ගෝලීය උණුසුම තීව්ර කරන බවට අධ්‍යයනයකින් අනතුරු අඟවයි.
- ඉරානය මෙතෙක් භාවිත නොකළ නව මිසයිල ගුවන්ගත කරයි
- දුම්රිය වර්ජනය කල්යයි
- නව අභියාචනාධිකරණ සභාපතිවරයෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක්
- කෙහෙළියගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් ප්‍රශ්න කිරීමට කැඳවයි
- ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල
- සංචාරක ක්ෂේත්රයේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප වර්ධනයට පියවර
- Air India ජාත්‍යන්තර ගුවන් සේවා සියයට 15කින් අඩුකරයි
Author: Buzzer Editor
මෙම 2022 වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ප්‍රංශ ගත්කතුවරියක වන ඈනී ඉරැනෝව් (Annie Ernaux)ට හිමිවිය. ඒ ඇය ඇගේ පෞද්ගලික අත්දැකීම් ද ඇසුරින්, ඉතා සරලව, ජීවිතය, පංති භේදය සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබද ලියූ නිර්මාණ ඇගයීමට ලක් කරමිනි. 82 හැවිරිදි ඈනී ඉරැනෝව් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා ඇත්තේ නොබෙල් සාහිත්‍ය තෑග්ග තමන්ට හිමිවීම තමන් ලැබූ ගෞරවයක් බවය. ඈනී ඉරැනෝව් රචනා කළ පොත් 20 කට වැඩිය. ඒවායින් වැඩි ගණනක් ප්‍රංශ පාසල් පෙළ පොත්වලට පවා ඇතුළත් වී තිබේ. (ඒ.එෆ්.පී.)
සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව අද (07) සිට වසා දැමීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. විදේශ විනිමය හිඟය හේතුවෙන් මෙරටට ගෙන්වා ඇති තුන්වන බොරතෙල් නෞකාවේ ඇති තොගය ගොඩබෑමට නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. කෙසේ වෙතත් මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පැවතීම හේතුවෙන් ජනතාව අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ෂර්ලක් හෝම්ස් කිව්වම අද නොදන්න කෙනෙක් නැති තරම්. මොකද ලොකු පොඩි ඕනම කෙනෙක් ඉතාමත් ආසාවෙන් කියවන නවකතාවක් තමයි මේ ෂර්ලක් හෝම්ස්ගේ නව කතා. අද මම කතා කරන්න යන්නේ ඒ ලියවුනු නව කතා ගැන නම් නෙවේ. ඇත්තටම කවුද මේ ෂර්ලක් හෝම්ස්? මොහු ඇත්තම චරිතයක්ද? අන්න ඒ කරුණු ගැන අද මම කතා කරන්න යන්නෙ. ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්. ඒ තමයි මේ මහා චරිතයේ පිටුපස ඇති දැවන්ත බලවේගය. මොහු ව්‍රුත්තියෙන් වෛද්‍යවරයෙක් වුනත් වඩාත් කැමති නව කතා ලියන්න. ඉතින් මෙම මහතාට 1885 දී තමයි හිතෙන්නෙ රහස් පරීක්‍ෂකයෙක්ගෙ කතාවක් ලියන්න ඕන කියල. ඉතින් ඔන්න එතකොට තමයි කල්පනා කරන්නෙ මොහු මොන වගේ චරිතයක්ද මෙම කතාවට ගොඩනගන්න…
ණය ප්‍රතිව්‍යුහගත කිරීම, දැඩි ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණය සඳහා ඉතා වැදගත් බව ලෝක බැංකුව පවසනවා. එසේම ඕනෑම අභියෝගයකට මුහුණදිය හැකි පරිදි ආර්ථිකය ශක්තිමත් කිරීම වැදගත් බවයි ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ. කොවිඩ් වසංගත තත්ත්වය හා යුක්රේනයේ යුද්ධයේ බලපෑම හේතුවෙන් වාර්තාගත ලෙස භාණ්ඩ මිල ඉහළ ගොස් විදේශ සංචිත ක්ෂයවීම නිසා ශ්‍රී ලංකාවට විශාල හානියක් සිදුව ඇති බවද එමඟින් සඳහන් කර තිබෙනවා. දරුණුතම ආර්ථික අර්බුදයට ඇද වැටී ඇති ශ්‍රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය මේ වසරේ 9.2% කින් සහ 2023 දී තවත් 4.2% කින් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ නව යෝජනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසනවා. ඒ අනුව මානව හිමිකම් මණ්ඩලයේ සීමාවන්ට විෂය නොවන ශ්‍රී ලංකාවේ දේශීය ආර්ථිකය හා මූල්‍ය ප්‍රතිපත්ති පියවර පිළිබඳව යෝජනාවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන්ද විරෝධය පළ කරන බවයි විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ. ලොව රටවල් රැසක් අද මුහුණ දෙන ආර්ථික හා මූල්‍ය අර්බුදය පිළිබඳ අදහස් දැක්වීම මෙම මණ්ඩලයේ යාන්ත්‍රණයට හෝ විශේෂඥතාවට අදාළ කරුණක් නොවන බවයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වී ඇති නව යෝජනාව වැඩි ඡන්ද 13කින් සම්මතවී තිබෙනවා. යෝජනාවට පක්ෂව ඡන්ද 20 ක් හා විපක්ෂව ඡන්ද 7 ක් ලැබී ඇති බවයි සඳහන් වන්නේ. සාමාජික රටවල් 20ක් අදාළ යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට තිබෙනවා.
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක රකීම් කෝන්වෝල් විස්සයි විස්ස තරඟයකදී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා. අමෙරිකාවේ පැවැත්වෙන ඇට්ලන්ටා විවෘත විස්සයි විස්ස තරඟාවලියේ Atlanta Fire සහ Square Drive කණ්ඩායම් අතර තරඟයේදී ඔහු පන්දු 77 කදී නොදැවී ලකුණු 205 ක් රැස් කළ අතර ඊට හයේ පහර 22 ක් හා හතරේ පහර 17 ක් අන්තර්ගත වුණා. ඒ අනුව ඔහු නියෝජනය කරන Atlanta Fire කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ එක් කඩුල්ලක් පමණක් දැවි ලකුණු 326 ක් රැස් කර තිබෙනවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Square Drive කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 154 ක් පමණයි. කෙසේවෙතත් මින්…
මුළු ලෝකයේම හොඳම ආලෝකය සහ ඒ සමඟම තෘප්තිමත් කෑමක් සැන්ඩ්විච් ලෙස සැලකේ. සැන්ඩ්විච් සාමිවරයා විසින් මෙම ප්‍රියතම ආහාරය බොහෝ කලකට පෙර සොයා ගත් අතර එතැන් සිට අපි ඔහුගේ සූපශාස්ත්‍ර නිපැයුම සමඟ උදේ, දහවල් හෝ සවස වෙන් නොවෙමු. මෙම ප්‍රණීත ආහාරය පිළියෙළ කිරීම සඳහා අපි විවිධ නිෂ්පාදන භාවිතා කරමු: හතු, මස්, චීස්, බිත්තර, සොසේජස්, මාළු, පැළෑටි, අනුකලනය කිරීමක් ලෙස, කේවියර්, රසයේ මුල් පිටපත හා ශෝධනය ලෙස, ගෘහ චීස්, නට් බටර් සහ චොකලට්. ඇරෝමැටික තේ හෝ ශක්තිමත් කෝපි සමඟ, එවැනි කෑමක් දවසේ වේලාව නොසලකා මිහිරි ආත්මයක් සඳහා යයි. ඔබට සහ මුළු පවුලටම සංග්‍රහයක් කිරීම සඳහා ඔබට දිගු වේලාවක් උදුන අසල සිටගෙන සිටීමට…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව තිබෙනවා. ඒ අනුව ඔහු 3 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ. විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 8 වන ස්ථානයේ පසුවනවා.
සමහර අයට තම ජීවිත කාලයම පුරාවට නිවසක් ඉදිකිරීමට හැකියාවක් නොමැත. කුලී ගෙවල්වල, ලොකු මුරමඩුවල ,රජයේ නිවාසවල සමහර අය වෙසෙයි. තවත් සමහරෙකුට අගු පිලක්, ගසක් යට, පාලමක් යට හෝ වැස්සෙන් අවුවෙන් ආරක්ෂා වීමට කුමන ස්ථානයක හෝ වාසය කිරීමට සිදුවේ. මිනී කනතුවල ද ඇති සොහොන් ගෙවල්වල පවා මිනිසුන් යන්න එන තැනක් නැති විට වාසය කරනවා අප දැක ඇත. කෙලෙසින් හෝ තමුන්ට කියා ඇති ඉඩමක කුමන හෝ සෙවණක් ලැබීමට පුංචි පොල් අතු පැළක් හෝ ඇති ඔබ ගොඩක් වාසනාවන්තයි. කුලී ගෙවල්වල අනුන්ගේ ගෙවල්වල ජීවත් වෙමින් ඉතා දුකසේ ඉතුරු කරගත් මුදලකින් බිම් කැබැල්ලක් ගන්නා අයෙකු තමන්ට හැකි පරිදි උපරිම ශක්තිය යොදා ලබාගත් භූමියේ නිවසක් සෑදීමට…