- රුසියානු – යුක්රේන යුද ගැටුමට පාස්කු සටන් විරාමයක්
- ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
- ලොව පුරා කිතුණු බැතිමතුන් අද පාස්කු දිනය සමරයි
- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
Author: Buzzer Editor
රටපුරා ග්‍රාම නිලධාරී කොට්ඨාශවල සංවර්ධන ව්‍යාපෘති සියල්ල අනිවාර්යයෙන්ම ඉදිරි මාස 05 තුළ නිමකළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කිසිවෙකු විසින් ප්‍රමාද කළහොත් ජනාධිපති විශේෂ කාර්ය කමිටුව විසින් එම නිලධාරීන්ට එරෙහිව විනායනුකූල පියවර ගැනීමට තීරණය කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා පැවසුවා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
කිලෝ මීටර් 310 ක විෂ්කම්භයක් ඇති, යෝධ ග්රහකයක්, පසුගිය (14) වැලන්ටයින් දිනය හෙවත් ආදරන්තයන්ගේ දිනය දා පෘථිවිය අසලින් ගමන් කළා. ‘2024 බීආර්4’ යන නමින් නම් කළ මෙම ග්රහකය, පළමු වරට සොයා ගැනීම සිදුවූයේ පසුගිය ජනවාරි 30 වැනිදාය. ග්රහකය පෘථිවිය අසලින් ගමන් කලේ කිලෝ මීටර් මිලියන 4.6 ක් ඈතිනි. ග්‍රහකයේ ගමන් මඟ වෙනස් වුවහොත් එය පෘථිවියේ ගැටී මහා විනාශයක් වීමට ඉඩ තිබෙන බව විද්‍යාඥයන් බිය පළ කළත්, එවැන්නක් සිදු නොවන බවට ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයෝ සහතික වී ඇත. (Reuters) Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.
සිරගතකර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. 47 හැවිරිදි ඔහු ශාරීරික සුවතාවය සඳහා ඇවිදීමෙන් පසු ඔහුට සිහිය නොමැති වූ බවත්, පසුව ගිලන් රථ කණ්ඩායමක්ද එහි කැඳවූ බවයි බන්ධනාගාර ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ. ඔහුට ප්‍රතිකාර සිදුකළද ඔහු මරණයට පත්වූ බවත්, ඔහුගේ මරණය සම්බන්ධයෙන් ව්ලැඩිමීර් පුටින්ට දැනුම් දුන් බවද එරට බන්ධනාගාර ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. (CNN) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
නාසා ආයතනයේ, Nova-C චන්ද්‍ර ගවේෂණ යානය ඊයේ (15) ස්පේස් එක්ස් පෞද්ගලික සමාගමේ ෆෝල්කන් රොකට්ටුවක් ආධාරයෙන් උඩු ගුවනට යැවීම සිදුවිය. වසර 50 කට පමණ පසු ඇමෙරිකාවේ නාසා ආයතනය සඳට රොබෝ ගවේෂණ යානයක් යවන පළමු අවස්වෙ මෙයයි. ලබන පෙබරවාරි 22 වැනිදා යානය සඳුගේ කක්ෂයට ළං වනු ඇතැයි පැවැසෙයි. නාසා ආයතනය, පෞද්ගලික සමාගමක් සමඟ එක් වී සඳට යානයක් යවන පළමු අවස්ථාව මෙයයි. Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.
තෙත් කලාපයේ ඇති පුරන් කුඹුරු වෙනත් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. තෙත් කලාපයේ කුඹුරු ඉඩම් රැසක් වී වගා කිරීමට නොහැකිව කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අතහැර දමා ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරන්නේ. අයවැය යෝජනාවක් ලෙස එම ඉඩම් වෙනත් වගාවන් හා සත්ත්ව පාලනය සඳහා මුදා හැරෙනු ඇති බවද, ලබන මාසයේ සිට ඒ සඳහා පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා. ඒ අනුව තමන් අයත් ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයට ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් වගාව සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමේ හැකියාව පවතිනවා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
බාහිරින් හමා එන සුළංවල පවතින දූෂණ කාරක නිසා දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කය තුළ වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පවතින බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. කුඩා දරුවන්, වයෝවෘද්ධ පුද්ගලයින් හා ශ්වසන ආබාධවලින් පෙළෙන පුද්ගලයින්ට මෙම තත්ත්වයෙන් යම්කිසි සෞඛ්‍යමය හානිකර තත්ත්වයක් පවතින බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්යක්ෂ E L M උදයකුමාර පවසා සිටිනවා. සෞඛ්‍ය ගැටලු ඇති පුද්ගලයින් මුව ආවරණ පැළඳීම සිදුකරන ලෙසත්, විවෘත පරිසරයේ රැදී සිටීමෙන් වැළකෙන ලෙසත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත විභාග පැවැත්වෙන දින සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ අනුව 2024 වසරේ පැවැත්වෙන 2023 සාමාන්‍ය පෙළ විභාගය මැයි – ජූනි මාසවල පැවැත්වීමට නියමිත බවත්, උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. එසේම 2025 වසරේ පළමු පාසල් වාරය 2025 ජනවාරි 02 වනදා ආරම්භ වන බවද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත වැඩිදුරටත් සඳහන් කරනවා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
Greenpeace දකුණු ආසියාතික ප්‍රාදේශීය කාර්යාලය පෙබරවාරි 13වැනි දින කොළඹදී ආරම්භ කළ අතර එහි ආරම්භය සුප්‍රසිද්ධ Rainbow Warrior නම් නෞකාවේ චාරිකාවත් සමඟින් සනිටුහන් වීම විශේෂත්වයකි. Rainbow Warrior නෞකාවේ පැවැති සමාරම්භක අවස්ථාවේදී දකුණු ආසියාතික කලාපයේ ‘වගවීම සහ ඔරොත්තු දීමේ හැකියාව’ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ප්‍රබෝධමත් ගමනක් සඳහා වේදිකාව සකස් කෙරිණි. එමෙන්ම ඉදිරි දින 06 තුළදී ‘දේශගුණය සඳහා ජනතාව – Greenpeace ඉන්දියානු සාගර නැව් චාරිකාව 2024’ දියත් කිරීමට අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාවේ උරුමය සහ සංස්කෘතිය පිළිබඳව සිත් ඇදගන්නාසුළු විශේෂාංග රැසකින් සමන්විත වූ මෙම උත්සවය තුළින් එකමුතුකම සහ සහයෝගීතාවය විචිත්‍රවත් ලෙස නිරූපණය විය .දේශගුණික විපර්යාසවලට මුහුණ දීම පිළිබඳ Greenpeace හි මෙහෙවරට සම්බන්ධ වූ…
මෙම වසරේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු පුළුල් කරමින්, ටික්ටොක් සමාජ ජාලය සමඟ එක් වී සිටී. බයිඩන්, ටික්ටොක් සමාජ මාධ්‍ය සමඟ එක් වූයේ තත්පර 26 ක වීඩියෝවක් එක් කරමින්, ජනපතිවරණය වෙනුවෙන් ප්‍රචාරණ කටයුතුවල නියැලෙමින් බව ද පැවැසෙයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නොවැම්බර් 5 වැනිදාය. බයිඩන් නියෝජනය කරන්නේ, ඩිමොක්රටික් පක්ෂයයි. රිපබ්ලිකන් පක්ෂයෙන් බයිඩන්ට අභියෝග කිරීමට සූදානමින් සිටින්නේ ඩොනල්ඞ් ට්‍රම්ප්ය. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පාඨමාලා අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීම සඳහා වන නියමු ව්‍යාපෘතිය Microsoft ආයතනයේද සහාය ඇතිව ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පාඨමාලා අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීම සම්බන්ධයෙන් 2023.10.02 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගත් අවස්ථාවේදී කෘත්‍රීම බුද්ධියට අදාළව ජාතික උපායමාර්ගයක් සහ සැලැස්මක් සකස් කිරීම පිණිස පත් කරනු ලැබ ඇති කාර්යසාධක බලකාය විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශයන්ට අනුගතව යෝජිත පාඨමාලා හඳුන්වා දිම සුදුසු බවට තීරණය කළ බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ. අනුව, අදාළ උපායමාර්ග සැලැස්මේ එක් අංගයක් වශයෙන් සාමාන්‍ය අධ්‍යාපනයට අදාළව කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පාඨමාලා හඳුන්වා දීම පිණිස නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර…