- මහින්ද සිරිවර්ධන මහතාගේ සේවය ජනපති විසින් අගයයි
- කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට
- සරසවි සිසුවා නවකවධයට ලක්කිරීමේ සිද්ධියට එරෙහි FR පෙත්සම සලකා බැලීමට දින දෙයි
- සාර්ථකත්වය තියෙන්නේ එකට වැඩ කළොත් විතරයි -කොළඹ පුරපතිනිය
- බූස්සේ රැඳවියන් 5ක් විරෝධයක් අරඹයි
- බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි
- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ඉරාන අධ්‍යාත්මික නායකයා පහසු ඉලක්කයක් බව ට්‍රම්ප් කියයි
Author: Buzzer Editor
බ්‍රිතාන්‍ය මුදල් අමාත්‍ය ක්වාසි ක්වාටෙන්ග් එම තනතුරෙන් ඉවත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු පසුගියදා හඳුන්වාදුන් ආර්ථික පැකේජය හේතුවෙන් ආණ්ඩුවේ දැවැන්ත බදු කප්පාදුව මුල්‍ය වෙලඳපොල කැලඹීම නිසා මෙලෙස තනතුරෙන් ඉවත් කර ඇති බවයි සඳහන් වන්නේ. වොෂිංටන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමුළුවට ගොස් සිටි අමාත්‍යවරයාව වහාම සිය රටට කැඳවීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් කටයුතු කර තිබෙනවා. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
අමෙරිකාව විසින් රුසියාවේ MIR ගෙවීම් පද්ධතියට පනවා ඇති සම්බාධක හේතුවෙන්, රුසියානු MIR කාඩ්පත් ජාලය මෙරට බැංකු පද්ධතිය තුළ ක්‍රියාත්මක කළ නොහැකි බව ශ්‍රී ලංකාවේ මහ බැංකුව දන්වා තිබෙනවා. අමරිකානු කාඩ්පත් සමාගම් වන Visa සහ Mastercard රුසියාවේ මෙහෙයුම් කටයුතු පසුගියදා නවතා දැමීමත් සමඟ, රුසියානු ජාතිකයන්ට එම කාඩ්පත් හරහා විදෙස් ගනුදෙනු කිරීමේ අවස්ථාව ගිලිහී ගිය අතර, ඉන්පසු රුසියානු MIR කාඩ්පත් ජාලය අන්රටවල ක්‍රියාත්මක කරවීමට ඔවුන් ඉල්ලීම් කළා.
අද (14) සිට තිරිඟු පිටි කිලෝවක තොග මිල පහත හෙළීමට තීරණය කර තිබෙන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය නිවේදනය කරනවා. ඒ අනුව තිරිඟු පිටි කිලෝවක නව තොග මිල සටහන් වන්නේ රුපියල් 290 ක් ලෙසයි.
සූර්යයාගේ පිටත වායුගෝලය වන “Sun’s Corona” කලාපය යනු සූර්ය සුළං වල ප්‍රභවය වන අතර මෙහිදී සූර්යයාගෙන් ආරෝපිත අංශු ස්ථාවරව ගලා යයි. මේ අංශු සතුව, මුළු සූර්යගෝලය -[heliosphere] (ප්ලුටෝගේ කක්ශයටත් එහාට ගිය අවකාශයක් දක්වා පැතිරුණු කලාපයක්) පුරාම විහිදී යා හැකි තරමේ ශක්තියක් අඩංගු වේ. මෙම අංශු පෘථිවි කක්ෂය පසුකර ගලා යන විට, ඒවා සාමාන්‍යයෙන් තත්පරයට කිලෝමීටර් 400 ක වේගයෙන් ගමන් කරයි. සූර්යයාට තත්පරයට ටොන් මිලියනයකට වඩා අංශු ප්‍රමාණයක් අහිමි විය හැකි නමුත් සූර්යයාගේ මුළු ස්කන්ධයට සාපේක්ෂව එම ප්‍රමාණය ඉතාමත් කුඩාය. සූර්ය සුළං මූලිකව සමන්විත වන්නේ දළ වශයෙන් සමාන ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවකින් මෙන්ම බර අයන කිහිපයකින් ය. මේ අංශු වල ප්‍රවේගය…
රුසියන් යුක්රේන අර්බුදය හමුවේ, බලශක්ති අර්බුදයකට මුහුණ දෙන ජර්මනියට, ප්‍රංශයෙන් ගෑස් සැපයීම මේ වනවිට ආරම්භ වී ඇතැයි පැවැසෙයි. ප්‍රංශයෙන්, ජර්මනියට ගෑස් සැපයීමක් සිදු කරන පළමු අවස්ථාව මෙයයි. ජර්මනිය මීට පෙර ගෑස් ආනයනය සිදුකළේ රුසියාවෙනි. කෙසේ නමුත් රුසියාවෙන් යුක්රේනයට එල්ල වන කෙණෙහිලිකම් සැලකිල්ලට ගනිමින්, රුසියාවෙන් ගෑසම් මිලදී ගැනීම නැවැත්වීමට ජර්මනිය තීරණය කළේය. රුසියාව ද ජර්මනියට ගෑස් සැපැයීම නැවැත්වීමට තීරණය කළේය. අවසානයේ දෛනික ගෑස් අවශ්‍යතාවයෙන් සියයට දෙකක අඩු ප්‍රමාණයක් ප්‍රංශයෙන් ලබා ගැනීමට ජර්මන් රජය තීරනය කළේය. (බීබීසී) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
රාජ්‍ය හා පෞද්ගලික සියලු ණය හිමියන්ට සමානව සැලකුමක් සහිත පොදු යාන්ත්‍රණයක් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පවසනවා. එසේම ශ්‍රී ලංකාව වැනි මැදි ආදායම් සහිත රටවල් වෙත පරිත්‍යාගශීලීන් සම්බන්ධීකරණය කිරීම වැනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ක්‍රම සොයා බලමින් සිටින බවද ඇය සඳහන් කර තිබෙනවා. ඒ අනුව කඩිනම් අවශ්‍යතා හඳුනාගෙන එක්ව කටයුතු කිරීමෙන් මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිතවලට වෙනසක් ගෙන ආ හැකි බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජියේවා වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට සහාය වන ලෙස පැරිස් සමාජය චීනයෙන් හා ඉන්දියාවෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව චීනය හා ඉන්දියාවෙන් මෙම ගැටලුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සමීප සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරන ලෙස පැරිස් සමාජය ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ. වොෂින්ටන්හි පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවේදී පැරිස් සමාජයේ නියෝජිතයින් ඉන්දීය නියෝජිතයින් හමුවේ මේ සම්බන්ධයෙන් විමසා ඇති අතර චීන නියෝජිතයින් පිරිසක් එම සමුළුවට පැමිණ නොතිබීම හේතුවෙන් පැරිස් සමාජ නියෝජිතයින්ට ඔවුන් හමුවීමට නොහැකි වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේවෙතත් මේ වනතෙක් දෙපාර්ශවයෙන් මේ පිළිබඳව පිළිතුරක් තවමත් ලැබී නොමැති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ.
පවතින අයහපත් කාලගුණයත් සමඟ දිස්ත්‍රික්ක 3 කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, කිරිඇල්ල, ඇහැළියගොඩ,ඇලපාත, රත්නපුර, පැල්මඩුල්ල,නිවිතිගල,කුරුවිට සහ කළවාන යන ප්‍රදේශ සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ. එසේම කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, බුලත්සිංහල, වලල්ලාවිට, ඉංගිරිය, දොඩංගොඩ, අගලවත්ත, මතුගම හා බණ්ඩාරගම යන ප්‍රදේශ සඳහාද නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
දිවයින ආශ්‍රිතව පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී.75 වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට…
අවශ්‍ය ද්‍රව්‍ය: බිම්මල් ග්‍රෑම් සීයක්ලියාගත් ලියා ගත් ලොකු ලූනු ගෙඩි එකක්කොටු කපාගත් තක්කාලි ගෙඩි එකක්බිත්තර ගෙඩි පහක්හින්ව ලියාගත් අමූ මිරිස් කරල් දෙකක්කෑලි මිරිස් මේස හැඳි එකක්පාන් පිටි මේස හැඳි දෙකක්බටර් ග්‍රෑම් පනහක්තක්කාලි සෝස් මේස හැදි එකක් සාදන ක්‍රමය:බිත්තර කඩා පාන් පිටි එකතු කර ලුණු ගම්මිරිස් දමා හොඳින් ගසා ගන්න. සාස්පානකට බටර් දමා රත්කර තක්කාලි ලූනු අමු මිරිස් සහ කුඩාවට කපාගත් බිම්මල් එකතු කර බදින්න. බැඳුණු පසු බිත්තර එම මිශ්‍රණයට එකතු කර ඔම්ලට් එක සාදා ගන්න. මෙය පොඩිත්තන් ආසාවෙන් රස බලන රසවත් කෑමක් වේවි. (aayubo) Buzzer.lk සහ Buzzer Food සමඟ සම්බන්ධ වීමෙන් විවිධ ආහාර සහ ආහාර වට්ටෝරු ගැන වැඩි විස්තර දැන ගන්න.