Author: Buzzer Editor

ඉන්දියානු ණය ආධාර යටතේ ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 100ක මුදල ඉදිරියේ රජයේ ගොඩනැගිලිවල සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතිය සඳහා යොදාගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව ඉදිරියේ දී පාසල්, විශ්ව විද්‍යාල, අධ්‍යාපන ආයතන, රෝහල්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, රජයේ ගොඩනැගිලි සහ ආගමික ස්ථාන කේන්ද්‍ර කරගනිමින් වහල මත සවි කරන මෙම සූර්ය පැනල ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතයි.

Read More

යුරෝපයේ ඉතා ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් ලෙස සැලකෙන්නේ පෘතුගාලයේ ලිස්බන් නුවරයි. නමුත් පෘතුගාලය සංචාරය කිරීමට වටින තවත් නගර රැසකින් සමන්විතයි. මේ සූදානම් වන්නේ සංචාරක පුරවරයක් වූ පෘතුගාලය ගැන ඔබට කියන්න. ලිස්බන් නුවර සේම පෘතුගාලයේ දෙවන නගරය වන පෝර්ටෝ එහි රිබිරා දිස්ත්‍රික්කය පුරාණ ගල් කැට සහිත වීදි සහ නිවාසවලින් පිරී තිබේ. විශේෂයෙන්ම එය ප්‍රසිද්ධ පෝර්ට් වයින් සඳහයි. මීට අමතරව කොයිම්බ්‍රා (Coimbra), බ්‍රාගා (Braga), එවෝරා (Évora) වැනි ඉතිහාසයේ ගිලී ඇති තවත් නගර රැසකි. මේ සියල්ලම පොහොසත් ඉතිහාසයක් සහ අලංකාර ගෘහ නිර්මාණ ශිල්පයක් ඇති නගරයන් වේ. පෘතුගාලයේ සංචාරය අතර තුර 16 වන සියවසේ මිනිස් හිස් කබල් හා ඇටකටුවලින් සරසා ඇති දේවස්ථානයකට එවෝරා හිදී ඔබට…

Read More

රාජ්‍ය අමාත්‍යංශයන් 04ක් සඳහා විෂය පථයන් ගැසට් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය යටතට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම, ත්‍රිකුණාමලය ඛනිජ තෙල් පර්යන්ත සමාගම ඇතුළු ආයතන කිහිපයක් ගැසට් කර තිබෙනවා. ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය යටතට ආයුර්වේද දෙපාර්තමේන්තුව, ආයුර්වේද වෛද්‍ය සභාව, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව යන ආයතනයන් ගැසට් කර තිබෙනවා. සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය යටතට පෞද්ගලික වෛද්‍ය නියාමන සභාව, 1990 සුවසැරිය පදනම, දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ආයතනය පත් කර ඇති බවයි සඳහන් වන්නේ.

Read More

පහර දී යුක්රේනය විනාශ කිරීමේ කිසිදු අදහසක් තමන්ට නොමැති බවත්, යුක්රේන අර්බුදය විසඳා ගැනීමට සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. යුක්රේනයට අලුතින් පහර දීම් සිදු නොකරන බව ද රුසියන් ජනාධිපතිවරයා ප්‍රතිඥා දී තිබේ. ජනාධිපති පුටින් මෙසේ ප්‍රතිඥා දුන්නේ කසක්ස්තානයේ අස්තානා නුවර පැවැති ‘ආසියානු සංවර්ධන සමුළුව’ ට සහභාගී වීමෙන් පසු රැස්ව සිටි මාධ්‍යවේදීන් අමතමිනි. යුක්රේනයට හමුදා යෙවීම නවත්වන බවත්, යුක්රේන රජය කැමැති නම්, නිසි ජාත්‍යන්තර මැදිහත් වීමක් සිදුවන්නේ නම්, තමන් කඩිනමින් සාකච්ඡා සඳහා යොමු වන බව රුසියන් ජනාධිපතිවරයා අවධාරණය කළේය. (රොයිටර්)

Read More

2022 T20 ලෝක කුසලානයේ පළමු අදියර ආරම්භ කරමින් හෙට (15) ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමිබියා කණ්ඩායම තරඟ බිමට පිවිසීමට නියමිතව තිබෙනවා. තරඟයට පෙර සුදානමක් ලෙස පැවැති පුහුණු සැසිය අවස්ථාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංඛ හට සුළු ආබාධ තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් පවසා සිටියේ ඩිල්ෂාන් සුළු ආබාධයකට ලක්ව ඇති බවත්, ඔහුගේ ආබාධ තත්ත්වය පිළිබඳව තවමත් නිසි වාර්තාවක් ලැබී නොමැති බවයි. කෙසේ වෙතත් ඔහු තවදුරටත් ප්‍රතිකාර ලබාගනිමින් සිටින බව නවාස් පවසා සිටියා.

Read More

ඊයේ (14) වරකාපොල, අගුරුවැල්ල තුඹලියද්ද ප්‍රදේශයේදී දෙමහල් නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් අනතුරක් සිදුවුණා. එහිදී එම නිවසේ සිටි පියා, මව සහ පුත්‍රයා එම පස් කන්දට යට වූ අතර ආපදාවට පත් පිරිස ගලවා ගැනීමට ආරක්ෂක අංශ සහ ප්‍රදේශවාසීන් දැඩි උත්සාහයක නිරත වුණා. එහිදී තුවාල ලබා සිටි පියාව මුදා ගැනීමට හැකිවූ අතර ඔහුව රෝහල් ගත කර තිබෙනවා. අද (15) උදෑසන දක්වා ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වූ අතර එහිදී මව සහ පුතාගේ සිරුරු සොයා ගැනීමට හැකිව තිබුණා.

Read More

අද (15) රාත්‍රී 10 සිට ඉරිදා (16) පෙරවරු 10 දක්වා පැය 12ක කාලයක් කොළඹ 02, 03, 04, 05, 07, 08, 09 සහ 10 යන ප්‍රදේශවලට ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි. හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඊයේ (14) දිනයේ නිවේදනය කළා.

Read More

දිවයිනේ ප්‍රදේශ රැසකට දින කිහිපයක් තිස්සේ බලපෑ මහ වැසි, තද සුළං සහ අකුණු අනතුරු හේතුවෙන් දිස්ත්‍රික්ක 11 ක පවුල් 5,212කට අයත්, 21,888 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදා තත්වය හේතුවෙන් මරණ 4 ක්ද වාර්තා වී ඇත. මේ අතරින් අවතැන් වූ පවුල් 64කට අයත් 264 දෙනකු ආරක්ෂිත ස්ථාන 4ක රඳවා සිටින බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි. හම්බන්තොට, ගාල්ල, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය, ගම්පහ, කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර, පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කවල ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටිති. මෙම ආපදා තත්වයෙන් නිවාස 117කට අර්ධ හානි සිදුව, තවත් නිවාස 2ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප්…

Read More

අද (15) බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවත් එහි වැඩිදුරටත් සඳහන්.

Read More

හැරී පොටර් චිත්‍රපටවල “හැග්‍රිඩ්” ලෙස රඟපෑ ස්කොට්ලන්ත ජාතික රොබී කෝල්ට්‍රේන්, සිකුරාදා මිය යන විට වයස අවුරුදු 72 පසුවූ බව බ්‍රිතාන්‍යයේ පීඒ මාධ්‍ය වාර්තාවකට අනුව, ඔහුගේ ඒජන්සිය උපුටා දක්වයි. මෙම නළුවා ගෝල්ඩන් අයි (Goldeneye) සහ ද වර්ල්ඩ් ඊස් නොට් ඊනෆ් (The World is Not Enough) ඇතුළු ජේම්ස් බොන්ඩ් චිත්‍රපට කිහිපයකම මෙන්ම ජනප්‍රිය රූපවාහිනී රහස් පරීක්ෂක නාට්‍යයක් වන ක්‍රැකර් (Cracker) සඳහා ද පෙනී සිට ඇත. (රොයිටර්) Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Read More