Author: Buzzer Editor

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් එළඹෙන 21දා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇතැයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසා සිටිනවා. (දිවයින)

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.75 වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

මෙම වසරේ ගෝලීය සාගිනි දර්ශකයේ 64 වෙනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. මෙවර සාගිනි දර්ශකයට රටවල් 121 ඇතුළත්ව තිබේ. ශ්‍රී ලංකාව ලකුණු 13.6 ක් ලබා ගනිමින් 64 වෙනි ස්ථානය හිමිකරගෙන ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාව සාගින්න අතින් මධ්‍යස්ථ මට්ටමේ පසු වෙයි.ඉකුත් වසරේ සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාව රටවල් 116 ක් අතරින් 65 වැනි ස්ථානය හිමිකරගත්තේය. මෙම වසරේ සාගිනි දර්ශකයේ දකුණු ආසියාතික රටවල් අතරින් ඉන්දියාව 107 වැනි ස්ථානයේ පසුවන අතර පාකිස්තානය 99 වැනි ස්ථානයේත් බංගලාදේශය 84 වැනි ස්ථානයේත් පසුවේ. (ලංකාදීප)

Read More

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂ කෙන්ජි ඔකමුරා සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළ බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සම්මේලනයට සහභාගී වී සිටින අතරතුර මෙම හමුව සිදුව තිබෙනවා.

Read More

Crop Circle නොහොත් බෝග කව යනුවෙන් හඳුන්වන්නේ, නොදන්නා බලයක් මඟින් තිරිඟු වගා භූමියක හෝ වෙනත් වගා භූමියක, බෝග සමතලා කිරීමෙන් නිපදවන ජ්‍යාමිතික රටාවන්ටය. (බොහෝ භෝග කව නිසැකවම මිනිසා විසින් සාදන ලද ඒවා බව සොයා ගෙන ඇත. නමුත් ඇතැම් භෝග කව, මිනිසාට කල නොහැකි මට්ටමේ අති දැවැන්ත රටාවන් වේ.) මේ ඇති විශාල බෝග කව වල, ඉතා සුමට ලෙස පැල තලා දමා ඇති ආකාරය සහ ශාක කද අග්‍රයේ ඇති පිලිස්සී ගිය සලකුණු, මිනිසා විසින් සමතලා කිරීමෙන් ලබා ගත නොහැකි දේවල් වේ. MIT විශ්ව විද්‍යාලයේ සිසුන් විසින්, ගොවියන්ගේ ආයුද උපකරන බාවිතා කර, මෙම බෝග රටාවන් නැවත ප්‍රතිනිර්මාණය කිරීමට උත්සහ ගත්තත්, එය අසාර්ථක වී…

Read More

ශ්‍රී ලකාවේ ජෛව විවිධත්වය වැඩි කරමින් නව මදුරු විශේෂයක් සොයාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතන කීටවිද්‍යා කණ්ඩායම සමත්ව තිබේ. එම මදුරු විශේෂය ශ්‍රී ලංකාවෙ මීරිගම සහ කළුතර ප්‍රදේශවලින් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ දිස්නක දිසානායක මහතා පවසයි. කියුලෙක්ස් සින්ටෙලස් Culex(lephoceraomyia) cinctellus නැමති මෙමෙ විශේෂය දැනට තායිලන්තය සහ ඉන්දියාව වැනි රටවලින් වාර්තා වී තිබේ. මෙම මදුරු විශේෂය රෝග වාහකයෙක් ද නැද්ද යන පිළිබඳව තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර ලෝකය තුළ ද රෝග වාහකයකු වශයෙන් වාර්තා වී නොමැත. මීට අමතරව එම කණ්ඩායම විසින්ම මෑතකදී culex ගණයට අයත් culex near infula කියුලෙක්ස් නියඉන්ෆියුලා නැමති මදුරු විශේෂය ද සොයාගැනීමට සමත් විය. එම මදුරුවා ඉන්දියාව…

Read More

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 55,000 ක් පමණ පීඩාවට පත්ව සිටින බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව පවුල් 13,902 කට අයත් 55,435 දෙනෙකු මෙලෙස පීඩාවට පත්ව සිටින බවයි අපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 6 සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More

2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා නැමීබියාව අතර තරඟය අද (16) පැවැත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව හා නැමීබියාව අතර තරඟයෙන් ලකුණු 55 ක ජයක් වාර්තා කිරීමට නැමීබියා කණ්ඩායම සමත් වුණා. තරඟයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට නැමීබියා කණ්ඩායම ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 163 ක් රැස් කිරීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 108 ක් පමණයි. ඒ අනුව 2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ පැවති පළමු තරඟයෙන්…

Read More

හින්දු භක්තිකයන් විසින් උද්‍යාන කර්පාස සහ දේව කර්පාස නමින් හදුන්වනු ලබන රතු පැහැ මල් ඇති කපු ගස සහ කළු පැහැයට හුරු මලක් ඇති කාලාංජනී වශයෙන් ඉන්දියාවේ විවිධ කපු වර්ග දක්නට ඇතත් ඒ සෑම කපු වර්ගයක්ම ගුණයෙන් සමානය. මෙවන් වූ ප්‍රයෝජන රාශියක් ලබා දෙන කපු ගස පිළිබදව බොහෝ දෙනා හොඳින් හඳුන්වනු ලැබුවද තවත් සමහරු තුළ ඇත්තේ අල්ප දැනුමකි. වැවෙන ප්‍රදේශ විදේශීය වශයෙන් අරාබියට හා ආසියාවේ කුඩා කොටසකට ආවේණික විය හැක. සෑම ඝර්ම කලාපීය රටකම පාහේ වගා කර ඇත. මිසරය ආදී රටවල විශේෂයෙන් දක්නට ලැබේ. දේශීය වශයෙන් ශ්‍රී ලංකාවේ අතරමැදි හා වියළි කලාපීය ගෙවතු හා හේන්වල වගා කෙරේ. මාවත් දෙපස හා අත්හැර…

Read More

දිවයින ආශ්‍රිතව අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය) බලපෑම හේතුවෙන් දැනට පවතින තද වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි සඳහන් වන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී.75 වැඩි තරමක…

Read More