- මහින්ද සිරිවර්ධන මහතාගේ සේවය ජනපති විසින් අගයයි
- කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට
- සරසවි සිසුවා නවකවධයට ලක්කිරීමේ සිද්ධියට එරෙහි FR පෙත්සම සලකා බැලීමට දින දෙයි
- සාර්ථකත්වය තියෙන්නේ එකට වැඩ කළොත් විතරයි -කොළඹ පුරපතිනිය
- බූස්සේ රැඳවියන් 5ක් විරෝධයක් අරඹයි
- බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි
- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ඉරාන අධ්‍යාත්මික නායකයා පහසු ඉලක්කයක් බව ට්‍රම්ප් කියයි
Author: Buzzer Editor
පවතින ආර්ථික අර්බුදය හමුවේ සහනයක් ලබා ගැනීම සඳහා වත්මන් බදු ප්‍රතිපත්තියට අනුගතවීම අනිවාර්යෙන්ම සිදුවිය යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. මේ අවස්ථාවේ ඇති එකම මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම බවත් මේ වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පියවරේ රැඳී සිටින බවත් පවතින ආර්ථික අර්බුදය යහපත් තත්ත්වයට ගැනීම සඳහා බදු ප්‍රතිපත්තියේ සහ මූල්‍ය ප්‍රතිපත්තියේ අඩුපාඩු නිවැරදි කරගත යුතු බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ. පවතින බදු ව්‍යූහය තුළ වැඩි කළ හැකි පහසුම ක්‍රමය වක්‍ර බදු වැඩි කිරීම වන අතර ඒ අනුව වක්‍ර බදු වැඩි කිරීමට රජයට සිදුවූ බවත් බදු ප්‍රතිපත්තිය වසරක් ක්‍රියාත්මක කළහොත් බදු ආදායම අපේක්ෂා කළ…
තිරිඟු පිටි මිල තවත් රුපියල් 25ක් අඩුකළ බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව රුපියල් 290ක් ව පැවැති තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 265 ක් දක්වා අඩුකර තිබෙනවා. කෙසේ නමුත් බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළේ.
එළඹෙන උත්සවය සමයේ කුකුළු මස් ඉල්ලුම ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් කුකුළු මස් මිල අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. ඒ අනුව කුකුළු මස් කිළෝග්‍රෑමයක මිල රුපියල් 1080ක් දක්වා අඩු කිරිමට පියවර ගන්නා බවයි එම සංගමයේ කැඳවුම්කරු සුජීව ධම්මික සඳහන් කළේ. මේ අතර බිත්තර මිල ද පහළ දැමීමට කටයුතු කරන බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළා.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවිමේ විවාදය අද (21) දෙවන දිනටත් පැවැත්වෙනවා. ඒ අනුව දෙවනවර කියවීමේ ඡන්ද විමසීමද අද සවස පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (20) අධිකරණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
“ඉටුකම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” වසා දැමීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල නමින් ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ පවත්වාගෙන යනු ලැබූ නිල බැංකු ගිණුම ඔක්තෝබර් මස 18 වන දිනෙන් පසු ක්‍රියාත්මක නොවන බවයි එහි ලේකම් ආචාර්ය තාරක ලියනපතිරණ සඳහන් කළේ. මේ හේතුවෙන් එම ගිණුම සඳහා මුදල් බැර නොකරන ලෙසත්, එම ගිණුමට බැර කිරීම සඳහා තවදුරටත් චෙක්පත් හා මුදල් ජනාධිපති කාර්යාලය වෙත යොමු නොකරන ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. කොවිඩ් අරමුදල සඳහා රුපියල් 2,207,164,785.58 ක් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබී තිබෙනවා. 2022 ඔක්තෝබර් 18 වැනිදා වන විට කොවිඩ් අරමුදලේ ඉතිරිව…
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් ට ඉදිරි පැය 12 ක කාලය තුළ තම පරිපාලනය ස්ථාවර කරගන්නා ලෙස ටෝරි මන්ත්‍රීවරු ඇයට අනතුරු අඟවා තිබේ. ලිස් ට්‍රස්ට පක්ෂ කැබිනට් අමාත්‍යවරුද තත්ත්වය දරුණු බව පිළිගෙන තිබේ. අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් ට තම නෞකාව ආපසු හැරවීමට ඇත්තේ පැය 12 ක පමණ කාලයක් බව ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රී සයිමන් හෝර් බී.බී.සී රේඩියෝවට පවසා ඇත. ධුරයට පත් වී වසරක් යනතුරු බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යවරයා හෝ වරියට එරෙහිව විශ්වාසය කඩ කළා යැයි ඡන්ද විමසීමක් පැවැත්විය නොහැකි වුවත් ඊයේ රාත්‍රියේ 50 ත් 100 ත් අතර ටෝරි මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් ලිස් ට්‍රස් විශ්වාසය කඩ කළ බවට ඊයේ (19) රාත්‍රියේ ලියුම් භාර දෙන්නට ඇතැයි ටෝරි මන්ත්‍රීවරු…
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවති තරඟයෙන් ලකුණු 16 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 162 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 79 ක් ලබා ගත් අතර ඔහුගේ ඉනිම සඳහා හතරේ පහරවල් 5 ක් හා හයේ පහරවල් 5 ක් අඩංගු වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 146 ක් පමණයි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 3…
1961 වර්ෂයේ සැප්තැම්බරයේදී, බෙටී සහ බාර්නි හිල්, ප්‍රමාද වූ මධුසමය ගත කර නිවසට යන ගමනේදී කැනඩාවේ මොන්ට්‍රියල් නගරයේ සිට නිව් හැම්ප්ෂයර් හි පෝට්ස්මවුත් නගරය වෙත යමින් සිටියා. නිව් හැම්ප්ෂයර් හි ධවල කඳුකරය හරහා යමින් සිටියදී මෙම යුවළ පිටසක්වළ සංසිද්ධියකට මුහුණ දුන් අතර එමඟින් ඔවුන් ජාත්‍යන්තර අවධානයට ලක් වුණා. බෙටී සහ බාර්නි හිල් දෙදෙනාම පෝර්ට්ස්මෞත් හි දිගු වේලාවක් එදින වැඩ කළා. බෙටී, ළමා සුභසාධන නඩු හසුරුවන සමාජ සේවකයෙකු වූ අතර බාර්නි තැපැල් සේවකයෙකු විය. බොහෝ විට දිනකට සැතපුම් 60 ක් ධාවනය කර රාත්‍රී වැඩ මුරයේ වැඩ කළා. දිනක්, හොඳ විවේකයක් ගැනීමට තීරණය කිරීමෙන් පසු හිල්ස්, මොන්ට්‍රියල් සිට නයගරා දිය ඇල්ල දක්වා…
පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් බව කතානායකවරයා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ අනුව එය සම්මත කරන්නේ නම්, අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් පසුව හෝ එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමෙන් පසුව සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බවයි කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
අද (20) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ උදෑසන කාර්යාල දුම්රිය ධාවන වේලාවන් සංශෝධනය කර තිබෙනවා. මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ දී පැන නැගී ඇති ගැටලු කිහිපයක් සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මීට පෙර දුම්රිය ධාවනය වු වේලාවට මිනිත්තු 10කට හෝ 15කට පෙර නව සංශෝධිත දුම්රිය කාල සටහන අනුව දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා. නව කාලසටහන පහතින්.