Author: Buzzer Editor

පින්තාරු අමුද්‍රව්‍යවල මිල ගණන් 400% කින් පමණ ඉහළයාම හේතුවෙන් එම ක්ෂේත්‍රයේ නියැලෙන පිරිස් දැඩි අර්බුදයකට මුහුණදී ඇති බව ජාතික ඉදිකිරීම් සේවක සංගමය පවසනවා. ඒ අනුව සමාගම්වල කැමැත්තට අනුව මිල ඉහළ නැංවීමට කටයුතු කිරීමේදී නිලධාරීන් නිහඬව බලා සිටින බව එම සංගමයේ ජාතික සංවිධායක නෙළුම් පුෂ්පකුමාර සඳහන් කළා. ඒ අනුව රු. 750 ක පැවති තීන්ත ලීටරයක මිල අද වන විට රු. 4215 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව තීන්ත ලීටරයක මිල හතර ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි ඔහු සඳහන් කළේ. එසේම අනෙකුත් පින්තාරු අමුද්‍රව්‍ය රැසක මිල ගණන්ද සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත් මේ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් නිහඬව සිටින…

Read More

කැසිනෝ සඳහා වන වාර්ෂික බද්ද රුපියල් මිලියන 200 සිට රුපියල් මිලියන 500 ක් දක්වා පසුගිය අගෝස්තු 1 වනදා සිට ඉහළ දමා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ අනුව ඔට්ටු සහ සූදු සඳහා ද බදු වැඩි කිරීමේ අරමුණින්, ඔට්ටු සහ සූදු පනත ද සංශෝධනය කර ඇති බවයි සඳහන් වන්නේ. බදුවැඩි කළ ආකාරය පහතින්. සජීවි ඔට්ටු මධ්‍යස්ථාන සඳහා රුපියල් ලක්ෂ 6ක් වූ වාර්ෂික බද්ද අවම වශයෙන් රුපියල් ලක්ෂ 10ක් දක්වා වැඩිකිරීම.සජීවි ඔට්ටු මධ්‍යස්ථාන සඳහා පිරිවැටුම මත අය කෙරෙන 10% ක බද්ද අවම වශයෙන් 15%ක් දක්වා වැඩි කිරීම.ඔට්ටු උප නියෝජිතයන් සඳහා වූ වාර්ෂික බද්ද රුපියල් මිලියන 4 සිට අවම වශයෙන්…

Read More

අධ්‍යයන කටයුතු ආරම්භයේ දී මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ප්‍රමාදය වළක්වා සිසුන්ට නියමිත කාලය තුළ අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට අවස්ථාව සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. කොළඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් සමග ඊයේ (22) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. මෙහිදී ජනාධිපතිවරයා විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳව සිසුන්ගෙන් කරුණු විමසූ අතර සිසුහු ජනාධිපතිතුමා දැනුවත් කර සිටියේ විදේශීය උසස් අධ්‍යාපනයේ උපාධියක් ලබා ගැනීමට ගතවන කාලය සහ දේශීය විශ්වවිද්‍යාලයක ගතවන කාලය අතර දැඩි වෙනසක් ඇති බවයි. එය පිළිගත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඒ පිළිබඳ වන විධිමත් පිළියමක් නුදුරේදීම යෙදීමට කටයුතු කරන බවයි. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Read More

ඔබ සැමට වඩාත්ම වැදගත්වන ලිපියකින් හමුවෙන්නයි මේ සූදානම. අලුතින් නිවසක් හදන්න බලාපොරොත්තුව ඉන්න අයටත්, සුළුවෙන් හෝ යම් යම් වෙනස් කම් තම නිවෙසේ කරගන්න හිතන් ඉන්න අයටත් මේ ලිපිය වැදගත් වේවි. ඔබ නිවෙසක් හදන්න බලාපොරොත්තු වෙනවා නම් එම නිවෙසේ ප්‍රධාන දොර, නිදන කාමරය, කුස්සිය, බුදු කුටිය, ආලින්දය, කෑම කාමරය, නානකාමරය, සැරසිලි, ආදිය ගැනයි අපි අද කතා කරන්න යන්නේ. විශේෂයෙන්ම ඔබගේ ගෘහය පිහිටන ඉඩම හතරැස් එකක් නම් ගොඩක්ම හොඳයි. මුළු හතරක් තිබෙන ලෙස ඉඩම තිබිය යුතුයි. නිවසේ ප්‍රධාන දොර වාස්තු විද්‍යාවට අනුව ගෙදරක ප්‍රධාන දොර අනෙක් දොරවල්වලට වඩා උසින්, පළලින් සහ ඝනකමින් වැඩිවිය යුතුය. දොර ගෙදර ඇතුළු පැත්තට ඇරිය යුතුය. බොහෝදුරට ගෙදරට…

Read More

පවතින අධික වර්ෂාවත් සමඟ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ අනුව කළුතර, කෑගල්ල, ගාල්ල, නුවරඑළිය සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවලට නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ, ඉංගිරිය, වළල්ලාවිට, පාලින්ද නුවර සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුවකෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට අවදානයෙන් සිටින ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඩනතාවගෙන් ඉල්ලා සිටින්නේ. රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, රත්තනපුර, නිවිතිගල, ඇහැළියගොඩ සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර තිබෙනවා.

Read More

කෘෂි කර්මාන්තයට යොදා ගන්නා වාරි ජලාශවල සමස්ත ජල ධාරිතාව 40% ක සීමාවට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජල කළමණාාර අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන සඳහන් කළේ, කෘෂිකර්මාන්තය සඳහා මේ වන විට ජලය නිකුත් කිරීමට ආරම්භ කර ඇති බවයි. ඒ අනුව සී සෑමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

වැඩි ඡන්දයෙන් සම්මත වූ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක 21 වැනි සංශෝධනය බවට පත් වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, 22 වැනි සංශෝධනය නොව 21 වැනි සංශෝධනය ලෙස හැඳින්විය යුතු බවයි ඔහු සඳහන් කළේ. සමගි ජන බලවේගය විසින් මීට පෙර 21 වැනි සංශෝධනය ලෙස තවත් සංශෝධනයක් සභාගත කළ අතර ඒ හේතුවෙන් රජය ඉදිරිපත් කළ යෝජනාව 22 වන සංශෝධනය ලෙස නම් කෙරුණා.

Read More

මෙරටට ඩිස්නිලන්තය ගෙන ඒම සඳහා එම සමාගම සම​ඟ සාකච්ඡා පවත්වමින් සිටින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා. ඒ අනුව ඩිස්නිලන්තය මෙරටට ගෙන ඒම හරහා විශාල සංචාරක ආකර්ෂණයක් ලබාගත හැකි බවද ඇය පෙන්වා දෙනවා.

Read More

මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාලසටහන සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව 2022 දෙසැම්බර් මස 18 වනදා උදෑසන 9.30 සිට මධ්‍යහන 12.15 දක්වා විභාගය පැවැත්වීමට නියමිතයි. මෙම නව සංශෝධනය හරහා දෙවන ප්‍රශ්න පත්‍රය ප්‍රථමයෙන් ලබාදීමටත්, පළමු ප්‍රශ්න පත්‍රය දෙවනුව ලබාදීමටත් කටයුතු කිරීමට නියමිතයි. මේ සම්බන්ධ වන නිවේදනය පහතින්,

Read More

ලෝකය පුරාම විවිධාකාර ලෙස නිර්මාණය වූ හෝටල් නිවාඩු නිකේතන දක්නට ලැබෙනවා. අධික කාර්යබහුල ජීවිත ගත කරන සියලු දෙනාම ටික කාලයකට විවේකය සඳහා හෝටලයක් තෝරාගන්නේ ගත සිත සැහැල්ලු කරගැනීමේ අරමුණෙන්. ඒ සඳහා ඒවා නිර්මාණය වී ඇති ආකාරය වඩාත් වැදගත්වෙනවා. මේ ලිපිය හරහා බලාපොරොත්තු වන්නේ නිවාඩුව ගත කරන්න කදිම මුහුද යට පිහිටි හෝටල් කිහිපයක් ගැන ඔබව දැනුවත් කරන්නයි. 1. මාලදිවයිනේ ෆුවා ඉන් ෆුෂි මුහුදු පතුලේ පිහිටි ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානය නිසාම මාල දිවයිනේ ෆුවා ඉන් ෆුෂි හෝටලය විශේෂ ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. මනස සැහැල්ලු වන ස්ථානයක් ලෙසින් ඇති ප්‍රසිද්ධිය නිසාම බොහෝ දෙනා විවාහ මංගල්‍ය උත්සවයක් පවා මෙම හෝටලය පැවැත් වීමට වැඩි කැමැත්තක්…

Read More