- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
- ඉරානයේ රාජ්‍ය ප්රවෘත්ති නාලිකාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
- ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
- රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි
- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
Author: Buzzer Editor
මෙරට සංචාරයක නිරත වී සිටින අමෙරිකාවේ ආසියානු කලාපීය නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත්, භාණ්ඩාගාර ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා හමුවී තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මේ වන විට ඇති කරගෙන ඇති කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති බවයි මෙරට අමෙරිකානු තානාපතිනි ජූලී චන්ග් සඳහන් කළේ. මෙරට මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් ගත හැකි තිරසාර විසඳුම් සහ ආර්ථිකය ගොඩනැගීමට ශ්‍රී ලංකාව දරන උත්සාය පිළිබඳව ද මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා වු බවද Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඇමෙරිකානු තානාපතිනිය වැඩිදුරටත් සඳහන් කළා.
වේග යනු එදිනෙදා ජීවිතයේදී කායික හා මානසික වශයෙන් ඉටු කළ යුතු විවිධ ක්‍රියාවන් වේ. ආයුර්වේදයේ නොදැරිය යුතු වේග හා දැරිය යුතු වේග යනුවෙන් දෙයාකාරව දක්වා ඇත. මෙම වේග නිසි පරිදි ඉටු නොකිරීමෙන් බොහෝ රෝග හටගනී. වේග ධාරණය පුද්ගලයකුට සෑම අවස්ථාවකදීම ඇතිවන සෑම ක්‍රියාවක් තමා විසින් වුවමනාවෙන් දරා සිටීම වේග ධාරණයයි. ආයුර්වේදයේ ශාරීරික වේග තමාට දැනුණු අවස්ථාවේදීම පහ කළ යුතු බව දන්වා ඇත. ඒ නිසා එම වේග නොදැරිය යුතු වේග ලෙස හඳුන්වයි. අද බොහෝ දෙනකු කාර්ය බහුල අවිවේකී ජීවිතයකට හුරුපුරුදු වී ඇති බැවින් වුවමනාවෙන් දරා සිටීමට පුරුදු වී සිටී. එය නොයෙක් රෝගයන්ට ප්‍රධාන හේතුවකි. ආයුර්වේදය අංග සම්පූර්ණ වෛද්‍ය ක්රමයකි. එය මිනිසාගේ…
2023 වර්ෂයට අදාළ අයවැය නොවැම්බර් මස 14 වන සඳුදා දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ඉන වටා ප්‍රමාණය පිරිමි අයගේ අඟල් 40 (සෙ.මි.102) ලෙස සහා කාන්තාවන්ගේ අඟල් 35 (සෙ.මි.88) ක් ලෙසින් සටහන් වීම ස්ථූලතාවයේ ලක්ෂණයක් බවයි සෞඛ්‍යය විශේෂඥයින් විසින් පෙන්වා දෙන්නේ.තරබාරුකම පුද්ගලයෙකුගේ පෙනුමට බාධාවක් ඇතිකරනවා වගේම ශරීර සෞඛ්‍යයටත් විශාල තර්ජනයක් එල්ල කරන බව කිව යුතුයි. සිරුරේ මේද තැන්පත්වීම ඉන්සියුලින් නිෂ්පාදන ක්‍රියාවලියට බලපෑම් සිදුකරයි. එමඟින් සිරුරේ ආතති හෝර්මෝන අසමතුලිත වී විවිධ රෝග මතු විය හැකියි. තරබාරුකමත් සමඟ දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය ආදි රෝග රැසක්ම වැලඳීමට ඇති අවදානම වැඩි වේ. එබැවින් උදරයේ මේද තැන්පත් වීම වළක්වාගනිමින් සිරුර මනා හැඩයකින් පවත්වාගැනීම ඉතාමත්ම වැදගත් දෙයකි. ආහාර පාලනය ,නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ,ක්‍රියාශීලි ජීවන රටාව වැනි ක්‍රම අතුරින්…
අද (27) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ පැවති සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව එම අමාත්‍යාංශවලින් ඉවත් කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ අනුබද්ධිත ආයතන සහ රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය තාක්ෂණ අමාත්‍යාංශය යටතට පත්කර ඇති බවයි ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. අදාළ ගැසට් නිවේදනය පහතින්,
දීවාලි සැමරුම්වලින් පසු ඉන්දියාවේ නවදිල්ලි අගනුවර විෂ දුමාරයකින් වැසී ඇති බවත්, නගරයේ වායු දූෂණය අන් කවරදාටත් වඩා ඉහළ ගොස් ඇති බවත් වායු ගෝලයේ ගුණාත්මකභාවය අධ්‍යයනය කරන ‘අයි.කියු එයාර්’ ජාත්‍යන්තර සමාගම අනතුරු අඟවයි. ලොව වායු දූෂණය අතින් ඉදිරියෙන්ම සිටින නගරයක් ලෙස නවදිල්ලිය සැලකෙයි. මේ නිසාම දීවාලි සැමරුම් සඳහා ගිණිකෙළි තහනම් කිරීමට දිල්ලි බලධාරීන් පියවර ගෙන තිබේ. ගිණිකෙළි ළඟ තබා ගැනීම සහ දැල්වීම තහනම් කර තිබියදී පවා නවදිල්ලි වැසියන් අලුයම් කාලයේ ඒවා දල්වමින් දීවාලි සැමරුම් පැවැත්වූ බව පොලිසිය පවසා ඇත. නවදිල්ලියේ ජනගහනය මිලියන 20 කි. දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල් පවසා ඇත්තේ වායු දූෂණය අවම කිරීම සඳහා ගත් සෑම උත්සාහයක්ම මේ වනවිට…
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත්, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
2022 ඔක්තෝබර් මස 01 වනදා සිට විදුලි පාරිභෝගිකයින්ගෙන් 2.5% ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අයකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව සමාජ ආරක්ෂණ බදු පනතට අනුව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම සමාජ ආරක්ෂණ දායකත්ව බද්දට යටත් වන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරන්නේ. මෑතකදී විදුලි ගාස්තු සංශෝධනය කිරීම හේතුවෙන් විදුලි පරිභෝජනය මෙම බද්දෙන් නිදහස් කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම මුදල් අමාත්‍යංශයට යෝජනා කළ බවත් කෙසේ නමුත් අදාළ පනත අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි සැපයුම මෙම බද්දට යටත් වන බවට මුදල් අමාත්‍යංශය දැනුම්දී ඇති බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන් රැසකගේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග හඳුනාගෙන ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි. ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවේ ශ්‍රී ලංකාවේ එච්.අයි.වී./ඒඩ්ස් ආසාදිත තරුණයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි. වයස අවුරුදු 18-30 අතර තරුණයින් අතර ආසාදන වැඩිවීමක් දක්නට ලැබෙන බව ඇය පැවසුවාය. 2021 වසරට සාපේක්ෂව මේ වසරේ ආසාදිතයින් සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවාය. වැඩිවීමට හේතු වූ හේතු අතර ස්පා ප්‍රතිකාර සඳහා යොමුවන තරුණ සංඛ්‍යාව ඉහළ යාම ද වේ. ලිංගාශ්‍රිත රෝගවලට ගොදුරු වූවන් අතර පාසල් සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන් ද සිටින බව ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්…
අන්තර්ජාල පුවත් වෙබ් අඩවි අතර, “විශ්වාසනීය සහ සත්‍ය වූ නිල පුවත්” සපයන Buzzer රජයේ නිළ පුවත් වෙබ් අඩවියක් ලෙස ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් පසුගියදා නම් කරනු ලැබුවා. වර්තමානයේ අන්තර්ජාලය තුල සැරිසරන පුවත් කොතරම් සත්‍ය සහ විශ්වසනීය ද යන්න පාඨකයාට කුතුහලයක් දනවන කාලරාමුවක Buzzer.lk අපි අපගේ පාඨකයන්ට “විශ්වාසනීය සහ සත්‍යාපනය (Fact Checked) වූ නිල පුවත්” සපයන්නට ඉදිරියටත් කටයුතු කිරීමේ අපගේ බලාපොරොත්තුවයි. Buzzer මාධ්‍ය ජාලය ඉදිරියේදී තවත් නවමු අත්දැකීම් රාශියක් ඔබවෙත ගෙනෙන්නට බලාපොරොත්තුවන අතර දේශපාලන තොරතුරු සිට ඔබගේ ජිවන රටාවේ නව අත්දැකීම් දක්වා සියලු තොරතුරු ඉදිරියේදී Buzzer තුලින් රැගෙන එන්නට අපි කටයුතු කරමු. පසුගිය කාලය පුරා පාඨක ඔබ අප ගැන තැබූ විශ්වාසය එළෙසම…