- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
- ඉරානයේ රාජ්‍ය ප්රවෘත්ති නාලිකාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
- ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
- රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි
- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
Author: Buzzer Editor
තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 250 දක්වා අඩුවී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න පවසනවා. ඒ අනුව උත්සව සමයේද මෙම මිල තත්ත්වය පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවත් තිරිඟු පිටි මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයින්ට ලබාදෙන ලෙස බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළා. එසේම විවෘත ගිණුම් ක්‍රමය හරහා තිරිඟු පිටි ඉදිරි කාලය සඳහාද ආනයනය කර ඇති බවත් ඒවා ලැබෙමින් පවතින බවද නිහාල් සෙනවිරත්න වැඩිදුරටත් සඳහන් කළා.
සුපිරි යාත්‍රා බෝහෝ විට භාවිතා කරන්නේ ලෝකයේ ප්‍රකට ව්‍යාපාරිකයන් දේශපාලඥයින් සහ ප්‍රභූ පැළැන්තියේ ධනවත් උදවියයි. නමුත් Earth 300 ලෙසින් හැඳින්වෙන අඩි 984 ක් (මීටර 300) දිගින් යුක්ත මීටර 60 ක පළලින් යුක්ත මේ සුපිරි යාත්‍රාව නිර්මාණය වන්නේ එවැන්නකට නම් නොවේ. මෙය සම්පූර්ණයෙන්ම සාදවා ඇත්තේ විද්‍යාත්මක ගවේෂණ, සාගර ගවේෂණ සහ මේ වන විට සමස්ථ ලෝකයම මුහුණ දී සිටින කොරෝනා වසංගතය වැනි ගෝලීය අර්බුධ හමුවේ. ගොඩබිමට පැමිණීමෙන් වැළකී සිට විවිධ ඖෂධ හා ප්‍රතිකාර ආදිය නිපදවීමට හැකි වන පරිදියි. (The Last Ship රූපවාහිනී කථා මාලාව මෙන්) නාවික ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන Ivan Salas Jefferson ගේ සම්පූර්ණ අධීක්ෂණය යටතේ ඉදි කෙරුණු මෙම යාත්‍රාව සතුව…
මෙම සුන්දර මුහුදු වෙරළ පිහිටා තිබෙන්නේ මුද්හෝ (Mudhdhoo) නම් වූ දූපතෙහියි. එය රා අටෝල් (Raa Atoll) හි පිහිටා තිබෙන වාදෝ (Vaadhoo) දූපත ලෙසද හදුන්වනවා. මෙම දුපතෙහි නැරඹීමට තිබෙන ස්ථාන අතරින් සංචාරකයන් විශාල ප්‍රමාණයක් යන එන ස්ථානයක් ලෙස දිදුළන මුහුදු වෙරළ හදුන්වන්නට පුළුවන්. එහි අදහාගත නොහැකි සුන්දරත්වයකින් පිරී තිබෙනවා. මෙය වඩාත් හිත් ඇදගන්නා සුළු වන්නේ මෙහි ඇති ප්‍රතිදීපන සංසිද්ධිය, නොහොත් දිදුළන රළ නිසාවෙනි. මෙම ස්වාභාවික සංසිද්ධිය ඇති වීමට හේතුව වන්නේ මෙම මුහුදේ ජලයෙහි සිටින මිලියන ගණන් වූ “Phytoplankton” ලෙස හදුන්වන ජලයේ පාවෙන ක්ෂුද්‍ර ජීවීන් කොට්ටාශයක් නිසාවෙනි. මෙම Phytoplankton ජෛව විච්ඡේදනය (bioluminescent) වන අතර ඉර බැස යාමෙන් අදුරු වන අහසත් සමගම මෙම…
‘නල්ගේ’ සුළි කුණාටුව, දකුණු දිග පිලිපීනයට කඩා වැදුණි. සුළි කුණාටුව ගැන කල්තියා අනතුරු ඇගවීමත් සමග පිලිපීනයට අයත් මින්ඩානෝ දූපතේ ලක්ෂ 3 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණි. පිලිපීන රජය නිකුත් කළ නිවේදනයකට අනුව, අද හැලෙන මහ වැසි, හදිසි ජල ගැලීම් සහ තද සුළං හේතුවෙන් සිදුවුණු අනතුරුවලින් 31 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවය. හදිසි ජල ගැලීම්වලට හසුවීමෙන් නිවාස 100 කට වඩා විනාශ වී ඇති බවත් පළාත් රැසකට විදුලිය නොමැති බවත් පැවැසෙයි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
ශ්‍රී ලංකාව සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍ය සහනයක් ලබාදීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ඒ අනුව ඔවුන්ගේ වාර්ෂික වාර්තාවෙන් බරපතළ ණය ගැටලුවලට මුහුණදී සිටින රටවල් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර ඒ යටතේ මෙම සහාය හිමිවන බවයි වාර්තා වන්නේ.
අද (29) උතුරු පළාතේ සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත්, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මිහිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටින්නේ.
වී ගොවීන්ට යූරියා කිලෝ ග්‍රෑම් 50 ක මල්ලක් රුපියල් 10,000 කට ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීමෙන් සිදුකළ සාකච්ඡා කිහිපයක දී කෙරුණු ඉල්ලීම් පදනම් කර ගනිමින් ගෘහස්ථ ආහාර සුරක්ෂිතතාව, ගොවිතැන සහ ග්‍රාමීය ආදායම් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා. ඇමරිකානු ඩොලර් මිලියන 110 ක ලෝක බැංකු සහනදායී හදිසි ණය ප්‍රතිපාදන යටතේ යූරියා ටොන් 13,000ක පළමු තොගය කෘෂිකර්ම අමාත්‍යාංශයට ඊයේ (28) ලැබී තිබුණා. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් එළැඹෙන නොවැම්බර් 03 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
ලෝක නගර දිනය සමගාමීව සෑම සිකුරාදා දිනකම පාපැදියෙන් සේවයට පැමිණීමට දිරිමත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන සිකුරාදා සිට සතියේ සෑම සිකුරාදා දිනකම පාපැදියෙන් සේවයට වාර්තා කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ඊට අදාළ පහසුකම් සැලසීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා. සෞඛ්‍ය සම්පන්න නගර වැසියන් බිහිකිරීම, වාහන තදබදය අවම කිරීම සහ ප්‍රධාන පාරවල් වලට අමතරව අතුරු පාරවල් ජනතාව අතර ප්‍රචලිත කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවයි නාගරික සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.
Tesla සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඊලෝන් මස්ක් විසින් Twitter සමාජ ජාලයේ හිමිකාරීත්වය ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇමෙරිකානු ඩොලර් බිලියන 44 ක් වැයකරමින් Twitter ආයතනයේ බහුතර කොටස් මිලදීගැනීම හරහා ඔහු මෙලෙස එහි හිමිකාරීත්වය තතවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. එමෙන්ම සිය අයිතිය තහවුරු කරගත් පසු ඊලෝන් මස්ක් විසින් එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සහ ප්‍රධාන මූල්‍ය නිලධාරියා සේවයෙන් ඉවත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.