- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
- ඉරානයේ රාජ්‍ය ප්රවෘත්ති නාලිකාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
- ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
- රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි
- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
Author: Buzzer Editor
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළව පෙරේදා (31) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු ක්‍රමවේදය පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රජය සතු ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ. තෝරාගන්නා ආයෝජකයන්ට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් සහ ආයතනයේ කළමනාකරණය භාර දීම මඟින් ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගම සහ එහි පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම යෝග්‍ය බව හඳුනාගෙන ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ. අදාළ කැබිනට් තීරණය පහතින්,
පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මොනරාගල, නුවරඑළිය සහ රන්නපුර දිස්ත්‍රික්ක සඳහා අදියර 1 සහ 2 මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ. එසේම බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසට 03 වන මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
ලොව කුඩාම රූපවාහිනිය නිපදවීමට ටයිනි ස(ර්)කිට් සමාගම සමත්වී ඇති අතර එය ප්‍රමාණයෙන් මුද්දරයක් තරම්ය. අප දිනපතා භාවිතා කරන ඉලෙක්ට්‍රොනික් උපකරණ දිනෙන් දින විශාල ප්‍රමාණයන්ගෙන් නිපදවීමට මවු සමාගම් කටයුතු කරන අවස්ථාවක ටයිනිසර්කිට් සමාගම ලොව කුඩාම රූපවාහිනිය නිපදවා තිබේ. කුඩාම රූපවාහිනිය ටයිනි ටීවී ලෙස නම් කර ඇති අතර ඒ යටතේ ටයිනිසර්කිට් සමාගම මාදිලි දෙකක් එළි දක්වා ඇත.ටයිනි ටීවී මිනි මාදිලියේ තිරය මුද්දරයක ප්‍රමාණය වන අතර ටයිනි ටීවී 2 මාදිලියේ තිරය අඟලකි එහි ස්පීකරය අඟල් 0.6×0.4 කි.මෙම මුල් ආකෘති වැඩි දියුණු කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 128640 ක ආයෝජන ටයිනිසර්කිට් සමාගමට දැනටමත් ලැබී ඇති බව පැවැසෙයි. බැටරි බලයෙන් පැයක කාලයක් වීඩියෝ නැරඹීමේ හැකියාව තිබෙන…
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා සංශෝධිත ගාස්තු ක්‍රමවේදය අද (01) සිට ක්‍රියාත්මක වනවා. ඒ අනුව මුල් වරට ජාතික හැඳුනුම්පතක් ලබාදීමට රුපියල් 200ක් ද, එක්දින සේවාව මගින් ජාතික හැදුනුම්පතක් නිකුත් කිරීමට රුපියල් 2,000ක මුදලක් ද අය කරන බවයි සඳහන් වන්නේ. නැති වූ ජාතික හැඳුනුම්පතක අනුපිටපතක් නිකුත් කිරීම සඳහා අය කරන ගාස්තුව රුපියල් 1,000 දක්වා ඉහළ දමා ඇති බවද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළා. එසේම සංශෝධිත අනුපිටපතක් ලබා ගැනීමට රුපියල් 500 ක් හා වලංගු කාලය ඉකුත් වූ ජාතික හැඳුනුම්පතක් වෙනුවට නව ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ ගාස්තුව ලෙස රුපියල් 200 ක් අය කරන බවයි සඳහන් වන්නේ.
නගරයක් කියන්නේ පුළුල්ව පැතිරුණු ප්‍රදේශයක්. කොයිතරම් විශාල නගර උනත් අතීතයේ තිබුණ සමහර දියුණු නගර අද වෙනකොට නගර විදිහට ලෝකයේ දකින්නවත් නෑ. සමහර නගර ස්වාභාවික හේතු මත ලෝකයට අහිමි වෙද්දී තවත් නගර කාලයේ වැලිතලාවෙන් අභිරහස් විදිහට වැහිලා තියෙනවා. තවත් නගර විවිධ යුද්ධ නිසා නැති වෙලා ගිහින්. අද අපි ඔබත් එක්ක තොරතුරු බෙදාගන්න යන්නේ ලෝකයට අහිමි වුණු නගර 7ක් ගැන. 1. ටිකල් – ගෝතමාලා 19 වැනි සියවසේ ගෝතමාලා වල වැසි වනාන්තරයක් තුළින් පෞරාණික නටබුන් කිහිපයක් මතු වෙනවා. එයින් එක් නටබුන් කොටසක් අඩි 47 ක් උසට සෑයක් වගේ හරි අපූරුවට උඩට නැගිලා තියෙන අයුරු දැකගන්න පුලුවන් වුණා. තැනින් තැන පුරාණ නටබුන් තිබ්බ හන්දා…
ශ්‍රී ලංකාවට ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. උතුරු, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදය කාලයේදී ද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 150ක ට වැඩි තද වැසි ද, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල වැසි මි.මී 100ක ට වැඩි තද වැසි ද ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු…
ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ඉහළ දැමීමට අදාළව මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචි විය යුතු ආකාරය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව www.wptaxi.lk යන වෙබ් අඩවියට පිවිසීම මඟින් මේ සඳහා ලියාපදිංචි වීමේ හැකියාව පවතින බවයි සඳහන් වන්නේ. මෙම වැඩසටහන ප්‍රථමයෙන් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කරන අතර අනතුරුව අනෙක් පළාත් තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ලියාපදිංචි වන පියවර පහතින්,
මුදල් ගෙවීමට හැකියාව ඇති පුද්ගලයින් සඳහා රජයේ රෝහල්වලින් මුදල් ගෙවා ඖෂධ ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා. ඔහු සඳහන් කරන්නේ පවතින තත්ත්වය මත මුදල් ඇති පුද්ගලයින් සහ මුදල් නොමැති පිරිස් යන දෙපිරිසම නොමිලේ බෙහෙත් ලබා ගන්නා බවත් එය අසාධාරණ ක්‍රමවේදයක් බවයි. ඒ අනුව ජයවර්ධනපුර රෝහලේ ආකාරයෙන් සුළු මුදලක් අයකර මුදල් ඇති පුද්ගයින්ට සල්ලි ගෙවා බෙහෙත් ලබා ගැනීමට සහ එසේ මුදල් නොමැති පිරිස් වෙත ගෞරවාන්විතව නොමිලේ බෙහෙත් ලබා ගැනීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන වැඩිදුරටත් සඳහන් කළේ.
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝම්බර් මාසයේ මෙරට උද්ධමනය පසුගිය මාසයට සාපේක්ෂව අඩුවී තිබෙනවා. ඒ අනුව පසුගිය සැප්තැම්බර් මාසයේ 69.8% ක් වූ මෙරට උද්ධමනය ඔක්තෝම්බර් මාසයේ 66% ක් දක්වා පහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එසේම සැප්තැම්බර් මාසයේ 94.9%ක් ලෙස වාර්තා වු මෙරට ආහාර උද්ධමනය ඔක්තෝම්බර් මාසයේදී 85.6%ක් දක්වා පහළගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මැණික් කටුව සන්ධියේ ඇති තන්තුමය ආවරණයෙන් සාදන කුඩා හිඩස තුළින් අත්ලට එන මීඩියන් ස්නායුව ගමන් කරනවා. මෙහිදී විවිධ හේතුන් නිසාම එම මීඩියන් ස්නායු තෙරපීමට භාජනය වෙනවා. මේ හේතුවෙන් ස්නායු සම්බන්ධ කොටසේ පිහිටි අත්වල හා ඇඟිලිවල හිරිවැටීම් කැක්කුම් ඉදිමීම ආදිය ඇතිවෙනවා. මෙය “කාපල් ටනල් සින්ඩ්‍රෝම්” ලෙස හඳුන්වනවා. මේ තත්ත්වය ඇතිවන්නේ; රුමටොයිඩ් ආතරයිටිස්, දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථියේ ආදී රෝග තත්ත්වයන් නිසා.ගර්භනී භාවය නිසාඅතේ ඇතුලත ඇති වන විවිධ වර්ධනය වන ගැටිති ආදිය නිසාඅත්ලේ අස්ථි වලට සිදුවන අනතුරුඅතේ අස්ථි වල අනවශ්‍ය වැඩිම්වයසත් සමග අත්ලේ පටක වල ඇති වෙන සාමාන්‍ය ගෙවීම් සහ ඉරී යාම නිසයි. නිරතුරුවම අත් ක්‍රියාකාරීත්වය යෙදීම හා සම්බන්ධිත රෝගයක් ලෙස විශේෂයෙන් සැලකිය හැකියි.…