- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
- ඉරානයේ රාජ්‍ය ප්රවෘත්ති නාලිකාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
- ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
- රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි
- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
Author: Buzzer Editor
කටාර් රාජ්‍යයේ පැවැත්වෙන 2022 පාපන්දු ලෝක කුසලානයට සමගාමීව ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය විසින් මීගමුව වෙරළ තීරයේ ‘FIFA කලාපයක්’ නම් කර තිබෙනවා. මේ යටතේ සංචාරකයින්ට විවිධ පැකේජ යටතේ මෙම කලාපය සඳහා පැමිණිය හැකි අතර කටාර් සහ ඩුබායි රාජ්‍යවලට වඩා අඩු මුදලකට මෙම පැකේජ හඳුන්වාදී ඇති බවයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළේ. 2022 පාපන්දු ලෝක කුසලානය සඳහා කටාර් රාජ්‍යය වෙත පැමිණෙන සංචාරකයින් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීම මේ මඟින් අපේක්ෂා කෙරෙන අතර ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ලෝකයට ධනාත්මක පණිවිඩයක් ගෙනයාම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. උතුරු, බස්නාහිර සහ වයඹ පළාත්වල උදය කාලයේදීද වැසි ඇති විය හැකි අතර උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 75කට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
නානකාමර උපාංග ආනයනය තාවකාලිකව අත්හිටුවීමට අදාළ ගැසට් නිවේදනයට අනුමැතිය ලබාදීම පාරිභෝගිකයාට කරන අසාධාරණයක් ද යන්න පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී අවධානය යොමුවී තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතීත්වයෙන් යුත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඊයේ (01) රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. මෙම ගැසට් පත්‍රය මගින් නානකාමර උපාංග රැසක් ආනයනය තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන ඇති අතර ඒ අනුව මේ සම්බන්ධයෙන් අධ්‍යනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යංශයට කමිටුව විසින් නිර්දේශ කර ඇති බවයි සඳහන් වන්නේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
රුසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවා සමාගම වන Azur Air සහ ප්‍රංශයේ ජාතික ගුවන් සේවය වන Air France ශ්‍රී ලංකාවේ යළි මෙහෙයුම් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව Azur Air ගුවන් සේවය අද (03) සිට ශ්‍රී ලංකාවේ ගුවන් මෙහෙයුම් ආරම්භ කරන බවයි සංචාරක අමාත්‍යංශය සඳහන් කරන්නේ. එසේම ප්‍රංශයේ ජාතික ගුවන් සේවයේ Air France ගුවන් මෙහෙයුම් සිකුරාදා දිනයේ සිට ආරම්භ කරන බවයි සංචාරක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.
ICC විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන කිහිපයකින් ඉදිරියට පැමිණීමට දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්වී තිබෙනවා. ඒ අනුව ඔහු නවතම ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙන අතර වනිඳු මෙවර T20 ලෝක කුසලානයේ මේ වන විට වැඩිම කඩුලුලාභියා (13) ද වනවා. මීට අමතරව මහීෂ් තීක්ෂණ ස්ථාන දෙකකින් පසුබැස ඇති අතර ඒ අනුව ඔහු 9 වන ස්ථානයේ රැඳී සිටිනවා.
බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම් බිලියන 50 ක අයවැය පරතරය පියවීම සඳහා බදු වැඩි කිරීමට සහ රජයේ වියදම් කප්පාදු කිරීමට බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය රිෂි සුනාක් සහ මුදල් අමාත්‍ය ජෙරමි හන්ට් සූදානම් වන බව එරට මාධ්‍ය පවසයි. ඉදිරි වසරේදී බ්‍රිතාන්‍ය ජාතිකයන්ට වැඩි වන බදු බර දැරීමට බොහෝ දුරට සිදුවනු ඇතැයි බ්‍රිතාන්‍ය භාණ්ඩාගාර ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත. රජයේ වියදම් කප්පාදුවෙන් පමණක් ස්ටර්ලිං පවුම් බිලියන 50 ක අයවැය හිඟය වැසීමට නොහැකි බවත් පොදු සේවා පවත්වාගෙන යාම සඳහා සියලු බදු ගෙවන්නන් හට මේ බර දැරීමට සිදුවන බවත් ඉකුත් 29 වැනිදා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනාක් සහ මුදල් අමාත්‍ය ජෙරමි හන්ට් අතර පැවති සාකච්ඡාවකදී එකඟ වී ඇති…
සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක් කියලයි කියන්නෙ. ඒ තරමටම සංගීතය කියන්නෙ ලෝකයේ ඕනෑම කෙනෙකුට රසවිඳින්න පුළුවන් කලාවක්. ගීතයක සම්පූර්ණ රසය විඳින්න ඒ ගීතය ලියපු භාෂාව හෝ ගීතයේ තේරුම නොතේරුණා කියල කිසිම බාධාවක් වෙන්නෙ නැහැ. මේ බව හොඳටම දන්නවා ලෝකයේ විවිධ භාෂා වලින් ලියැවුණු ගීත වෙනසක් නැතුව රසවිඳින අය. හැබැයි ගීතයක හරිම තේරුම දැනගෙන ඒ තේරුම හිතට අරගෙන ගීතය රසවිඳිනවා කියන්නෙ වෙනස්ම රසයක්. හැබෑ සංගීත ලෝලීන් ඒ රසයටත් හරිම කෑදරයි. අන්න ඒ අය වෙනුවෙන් තමයි මේ ලිපිය ලියවෙන්නේ. අපි තාමත් රස විඳින අපේ සමහර සිංහල පැරණි ගීත වගේම මෑත කාලීනව ලියවුණු සමහර ගීතත් මතුපිටින් පෙනෙන සියුම් අර්ථයට වඩා ගැඹුරු අර්ථයක් තියෙන ලස්සන…
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති නඩුවේ සැකකරුවකු ලෙස නම්කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නීතිපතිවරයාගේ උපදෙස් අනුව එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අද (02) නියෝග කර තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබූ අතර එම සිද්ධියට අදාළ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රිෂාඩ් බදියුදීන් පසුගිය වසරේ අප්‍රේල් මස 21 වනදා අත්ඩංගුවට ගත් අතර පසුව ඇප මත…
චීනය විසින් ශ්‍රී ලංකාවට ඩීසල් ලීටර් මිලියන 10.6ක් පරිත්‍යාග කර ඇති බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පවසනවා. ඒ අනුව එම ඩීසල් තොගය නොවැම්බර් සහ දෙසැම්බර් අතරතුර නැව්ගත කිරීම සිදුවෙනු ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් එම තානාපති කාර්යාලය සඳහන් කරන්නේ. කෘෂිකාර්මික, ධීවර ඇතුළු මෙරට වඩාත්ම පීඩාවට පත්වී සිටින ක්ෂේත්‍රවල ජීවනෝපාය නංවාලීම සඳහා මෙම ඉන්ධන යොදා ගැනීමට නියමිතයි.
පාර්ලිමේන්තුවේ රැස්වීම් පවත්වන දිනවලදී සහ අයවැය විවාදය පවත්වනු ලබන කාලසීමාව තුළදී අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ රජයේ පාර්ශවයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදේශගතවීම සීමා කිරීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව හදිසි වෛද්‍යමය අවශ්‍යතාවකදී හෝ රජයේ ඉතා හදිසි කාර්යයන් සම්බන්ධයෙන් වන අවස්ථාවකදී හැර එම කාලසීමාව තුළදී විදේශගත නොවිය යුතු බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.