- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
- ඉරානයේ රාජ්‍ය ප්රවෘත්ති නාලිකාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
- ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
- රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි
- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
Author: Buzzer Editor
සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය කළ විහඟ ප්‍රේමය චිත්‍රපටය ඉහළ මට්ටමේ ජාත්‍යන්තර සම්මානයක් දිනා ගැනීමට සමත්වී තිබෙනවා. ඒ අනුව ලොව “ඒ” ශ්‍රේණියේ සිනමා උළෙලක් වන 35 වන ටෝකියෝ අන්තර්ජාතික සිනමා උළෙලේදී ප්‍රධානතම තරඟකාරී අංශයේ රටවල් 12 චිත්‍රපට 15 ක් අතුරින් Best Artistic Contribution සම්මානය මෙලෙස හිමිවී ඇති බවයි සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.
නුදුරේදී යළිත් ගෑස් හිඟයක් ඇති නොවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා. මෙට්‍රික් ටොන් 28,000 ආසන්න ගෑස් ඇනවුම් කර ඇති බවත් ඒ හේතුවෙන් නොවැම්බර් මාසයේ ගෑස් හිඟයක් ඇති නොවන බවයි ඔහු සඳහන් කළේ. කෙසේ නමුත් ඇතැම් අලෙවි නියෝජිතයින් මිල සංශෝධනයක් සිදුවේ යැයි අපේක්ෂාවෙන් ඇණවුම් ලබා නොදීම හේතුවෙන් හිඟයක් වාර්තා වූ බවත් සඳුදා දිනය වන විට අදාළ ගැටලුව සම්පූරණයෙන්ම විසඳීමට කටයුතු කරන බවයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් වැඩිදුරටත් සඳහන් කළේ.
ලෝහ පිළිබඳ ඉතිහාසය ඉතා ඈත කාලයකට දිව යනවා. අතීතයේ මිනිසා විසින් සොයා ගනු ලැබූ ලෝහ වත්මන් සමාජයේ තාක්ෂණික දියුණුවත් සමඟ වේගයෙන් වෙනස්කම් වලට භාජනය වුණා. එසේ සොයා ගනු ලැබූ නවතම විදියේ ලෝහ පිළිබඳ සටහනක් මෙහි දැක්වෙනවා. නෙළුම් කොළ වන් ලෝහ දෙදහස් පහළොවේ දී Gue නම් විද්‍යාඥයා විසින් ජලභීතික හෙවත් ජලය නොරැඳෙන පෘෂ්ඨයක් නිපදවීමට සමත් වෙනවා. ඒ පිළිබඳ පර්යේෂණ පත්‍රිකාව පත්‍රිකාව 2015 ජනවාරි මාසයේ දී journal of applied physics ජ(ර්)නලයේ පළ කර තිබුණු අතර එය ක්‍රියාත්මක වන අයුරු පිළිබඳ වීඩියෝ පට මාධ්‍යයට නිකුත් කිරීමට ඔවුන් කටයුතු කර තිබුණා. මෙහිදී පරීක්ෂකයන් විසින් ඉදිරිපත් කරන ලද ජලභීතික බවට පරිවර්තනය වන ලෙස ප්‍රතික්‍රියා කරනු…
පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් නැගෙනහිර ලාහෝර් නගරයේ විරෝධතා පා ගමනක් අතරතුර වෙඩි ප්‍රහාරයකට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති නමුත් කිසිවෙකු මිය ගොස් නොමැති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. හිටපු අගමැති ඉම්රාන් ඛාන් කඩිනමින් මැතිවරණයක් ඉල්ලා මෙලෙස විරෝධතාවයට එක්වී ඇති අතර ඔහුව ඝාතනය කිරීමේ අරමුණින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි ඔහුගේ PTI පක්ෂ සමාජිකයින් සඳහන් කරන්නේ. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
ශ්‍රී ලංකාව තුළ හඳුනාගත් පළමු Monkeypox රෝගියා හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අනුව ඔහු ඉකුත් 01 වනදා ඩුබායි සිට පැමිණි වයස අවුරුදු 20ක පමණ ශ්‍රී ලාංකික තරුණයෙක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ. ඔහු මේ වන විට කොළඹ IDH උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, වයඹ සහ බස්නාහිර පළාත්වලද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලද උදය කාලයේදී ද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
2022 අපේක්ෂිත බදු ආදායමෙන් සැප්තැම්බර් මාසය අවසන් වන විට 68% ක් සම්පූර්ණ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ අනුව 2022 අපේක්ෂිත බදු ආදායම රුපියල් බිලියන 915 ක් බවත් එයින් මේ වන විට 68.4% ක් දේශීය ආදායම් කොමසාරිස් විසින් සොයා දී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව සඳහන් කළා.
අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 05 ක මිල අඩු කිරීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 22කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 238 ක් ලෙසයි සටහන් වන්නේ. පාන් පිටි කිලෝවක් රුපියල් 96කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 279ක් වන බවත් එමෙන්ම, දේශීය සැමන් ටින් එකක මිල රුපියල් 105කින් අඩුකර ඇති අතර, එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 585ක් ලෙස සටහන් වනවා. හාල් මැස්සන් කිලෝවක් රුපියල් 200 කින් අඩුකර ඇති අතර හාල් මැස්සන් කිලෝවක නව මිල රුපියල් 1300 ක් සහ රතු පරිප්පු කිලෝවක නව මිල දැක්වෙන්නේ රුපියල් 398ක් ලෙසයි.
ඉන්දියාවත් ඇමෙරිකාවත් එක් වී, ඉන්දු චීන දේශසීමාවේ යුද අභ්‍යාසයක් ආරම්භ කිරීමට සූදානම් වෙයි. මෙම යුද අභ්‍යාසය පැවැත්වෙනු ඇත්තේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ අවුලි පළාතේය. මෙම පළාත පිහිටා ඇත්තේ චීනයට මායිම් වන ආකාරයටය. ලබන නොවැම්බර් 15 වැනිදා ආරම්භ වන මෙම යුද අභ්‍යාසය දෙසැම්බර් 2 වැනිදා තෙක් පැවැත්වෙයි. මෙය ඉන්දු ඇමෙරිකන් හමුදා ශක්තිය චීනයට පෙන්වීමක් බව පැවැසෙයි. (ANI) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
එකම කෑම සඳහා විවිධ රටවල් වල විවිධ නම් භාවිතා කරනවා.අපි හදන්න යන මේ කෑම මොමෝ නැත්නම් මාමා කියන්නේ ටිබෙටයේ හඳුන්වන නම. චීන ක්‍රමයට ඩම්ප්ලින් කියලා කියනවා. ජපානේ එහෙම නිකුමන්, බුටමන් කියලා එහෙමත් කියනවලු. මේක සීත කාලෙට එහෙම ජපානෙ ජනප්‍රිය කෑමක් විදියටයි හඳුන්වන්නේ. මේක හදන්න හරිම පහසුයි. අවශ්‍ය දේවල්: • පාන් පිටි• ලුණු පදමට• කිරි/වතුර පිරවුමට අවශ්‍ය දේවල්: • කැමති මස් වර්ගයක්• පොඩිවට කපපු ලූණු• චොප් කරගත්ත සුදුළූණු• ලූණු කොළ• ලුණු• ගම්මිරිස් පිරවුමට අවශ්‍ය දේවල් (වෙජිටේරියන් අයට): • පොඩි තීරු කපලා තම්බගත්ත අල• උතුරපු උණු වතුරට දාලා ඒ ගමන්ම එළියට ගත්ත නිවිති• ලූණු• සුදුළූණු• ගම්මිරිස්• ලුණු සාදාගන්නා ආකාරය: පාන් පිටි, ලුණු…