Author: Buzzer Editor

2024 ජනවාරි 01 වැනි දින සිට එකතු කළ අගය මත බද්ද (වැට්) 18% දක්වා ඉහළ නැංවීම සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය යටතේ ඇති සමස්ත ලංකා කිරි නිෂ්පාදන සංගමය (AIDA) බරපතළ කනස්සල්ල පළ කරයි. බදු පදනම පුළුල් කිරීමට අදහස් කරන මෙම පියවර ජාතියේ දළ දේශීය නිෂ්පාදිතයට අත්‍යවශ්‍ය දායකත්වයක් දක්වමින් ග්‍රාමීය ජීවනෝපාය ශක්තිමත් කරන කිරි නිෂ්පාදන අංශයට දැඩි බලපෑමක් ඇති කරනු ලබයි. 2017 වසරේ සිට 2021 වසර දක්වා කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 450 ඉක්මවමින් සැලකිය යුතු වර්ධනයක් අත්කරගත් කිරි කර්මාන්තය දැන් අවිනිශ්චිත තත්ත්වයකට මුහුණ දී සිටී. නැවුම් කිරි නිෂ්පාදනය සහ නැවුම් කිරි ආශ්‍රිත නිෂ්පාදන මීට පෙර වැට් බද්දෙන් නිදහස් කර තිබූ අතර එය …

Read More

රුසියන් යුක්රේන යුද්ධයේ දී, යුක්රේනයට බටහිර රටවලින් ලැබෙන සහාය රුසියාව දිගින් දිගටම අවතක්සේරු කරන්නේ නම්, යුක්රේන හමුදාවට සහාය දක්වමින්, යුද පෙරමුණට හමුදා යැවීමට පවා තමන් පසුබට නොවන බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසා ඇත. ප්‍රංශ ජනාපධිතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රෙම්ලීනය පවසා ඇත්තේ ප්‍රංශ හමුදා යුක්රේන යුද්ධයට සෘජුව සම්බන්ධ වන්නේ නම්, යුද්ධය තවත් උත්සන්න වනු ඇති බවත්, එය බටහිර රටවලට ලොකු බලපෑමක් එල්ල කරනු ඇති බවත්ය. ප්‍රංශ ජනාධිපති මැක්රොන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් නේටෝ සංවිධානය වෙනුවෙන් ජර්මනිය, එක්සත් රාජධානිය, ඇමෙරිකාව ඇතුළු නේටෝ සාමාජික රටවල් බොහොමයක් ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ, නේටෝ සාමාජික රටවල් ඔවුන්ගේ හමුදා යුක්රේනයට යැවීමට අදහස් කර නැති බවය. රුසියන් යුක්රේන යුද්ධයට…

Read More

ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් සඳහා සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතන හරහා ලබාදීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා විශේෂ අර​මුදලක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව ඇති අතර සියලුම අමාත්‍යාංශ සහ රජයේ ආයතන එක්ව මෙවර ඉෆ්තාර් සැමරුම් පැවැත්වීම සඳහා වෙන්කර තිබූ ප්‍රතිපාදන මෙම අරමුදලට ලබා දෙන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ​එමෙන්ම මෙම අරමුදල සඳහා ජනතාවගේ දායකත්වයන් ද අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන්…

Read More

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල් සිසුන්ට යම් යම් රෝගාබාධ වැළඳීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා පවසනවා. අධික උණුසුම් තත්ත්වයෙන් ළමුන් රෝගී වීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි ඔහු ඉල්ලා සිටිනවා. අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ ඇති විය හැකි අහිතකර තත්ත්වයන්ගෙන් පාසල් සිසුන් ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයද විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබුණා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

‘Sri Lanka Super Series 2024’ ශූරතාවලිය එළිදැක්වීමේ උත්සවය පසුගිය පෙබරවාරි 22 වැනි දින කොළඹ 14, සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ පිහිටි DIMO 800 හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. Nippon Paints Lanka (PVT) LTD මෙවර ‘Sri Lanka Super Series 2024’ ශූරතාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන අතර Maxxis Tyres, Prima Kottumee, ESDEE Battery, Sri Lanka Insurance General LTD සහ Ozone Mineral Water ඇතුළු ගෞරවනීය හවුල්කරුවන් රැසකගේ සම අනුග්‍රාහක දායකත්වයද මේ වෙනුවෙන් හිමි වී තිබේ. පසුගිය වසරේ පැවැති ‘Sri Lanka Super Series 2023’ ශූරතාවලියෙහි දී Group MX 250cc Motocross යතුරුපැදි ධාවක ළහිරු ජීවන්ත වසරේ දක්ශතම ධාවකයාට හිමි ශූරතාවය දිනාගත් අතර වසරේ දක්ශතම රියදුරාට හිමි ශූරතාවයෙන් SLGT…

Read More

සිර දඩුවම් විදිමින් සිටියදී මියගිය, රුසියානු විපක්ෂ නායක අලෙක්සි නවල්නි ගේ දේහය ඔහුගේ මවට බාර දීමට රුසියානු බලධාරීන් එකඟ වී ඇත. ඒ, එක කොන්දේසියක් යටතේය. එම කොන්දේසිය නම්, දේහය රහසිගත ස්ථානයක මිහිදන් කළ යුතු බවට ඇය එකඟ කර ගනිමිනි. නවල්නි පසුගිය 16 වනදා මියගියේ දණ්ඩන කඳවුරක සිරගත කර සිටිද්දීය. රුසියන් ජනාධිපතිගේ අනුදැනුම යටතේ 47 හැවිරිදි නවල්නි ඝාතනය වන්න ඇතැයි සැක කෙරේ. (Reuters) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

2024 වර්ෂයේ කොරියානු භාෂා පරීක්ෂණයේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අද (26) සිට 29 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකිරීමට තීරණය කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. කාර්යාංශයේ නිල වෙබ් අඩවියට (http://www.slbfe.lk) පිවිස Registration for Point System Examination – 2024 (Manufacturing, Fishery, Construction, Shipbuilding, Service 1 & Service 2) වෙත පිවිස අයදුම්කරුවන් සිය තොරතුරු ඇතුළත් කළ යුතු බවයි එම කාර්යංශය සඳහන් කළේ. එසේම 29 වනදායින් පසුව එම සබැඳිය වසාදැමෙන බැවින් ඊට පසුව කිසිදු ආකාරයකින් අයදුම්කරුවෙකුට තොරතුරු ලබාදිය නොහැකි බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

මෙතනෝල් භාවිතයෙන් බල ගැන්වෙන ලොව විශාලතම බහාලුම් නෞකාව වන ANE MAERSK කොළඹ වරායට පැමිණ තිබෙනවා. මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ කන්ටේනර් ධාරිතාව 16,000කට අධික වන අතර එය පළමුවරට භාණ්ඩ ප්‍රවාහනට එක්වන්නේ, පසුගිය ජනවාරි මස 26 වැනිදායි. දිගින් මීටර් 350ක් වන එම නෞකාව පළලින් මීටර් 53.5ක් වන අතර නැවේ සම්පූර්ණ ධාරිතාව ටොන් 190,000ක් වන අතර බහාලුම් රඳවන 10කින් මෙම නෞකාව සමන්විත බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

වසර මිලියන 240ක් පමණ පැරණි සත්ත්වයකුගේ සම්පූර්ණ ෆොසිලයක් සොයාගෙන හමුවී ඇති බවත් පොසිලයේ පෙනුම අනුව එම සත්වයා මකරකු සිහි ගන්වන බවත් විදෙස් මාධ්‍ය පවසයි. මෙම පොසිලය හමුවී ඇත්තේ කොටස් වශයෙනි. ඒ, 2003 දී දකුණු චීනයේ පැරණි හුණු ගල් නිධියකිනි. පසුව එම කොටස් එකිනෙක සම්බන්ධ කළ බව පැවැසෙයි. සම්පුර්ණ පොසිලයේ දිග අඩි 16 ක් එසේත් නැතිනම් මීටර් 5 කි. මකරකුගේ පෙනුම ඇති මේ පොසිලකරණය වුණු සත්වයා අතීතයේ ජීවත් වූ ජලජ උරගයකු යැයි විශ්වාස කෙරේ. දිගු ගෙලක් සහිත මෙම එම අසාමාන්‍ය අලුත් සත්වයා Dinocephalosaurus orientalis යන විද්‍යාත්මක නමින් හඳුන්වන බව ද පැවැසෙයි. Buzzer.lk සහ Buzzer History සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම ආකාරයේ විවිධාකාරවූ ආකර්ෂණීය තොරතුරු…

Read More

ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ එක් වී, එරට පෞද්ගලික තාක්ෂණ සමාගමක්, සඳට පතිත කළ ‘ඔඩිසියස්’ නමැති චන්ද්‍ර යානයට අකරතැබ්බක් සිදුවී ඇත.‍ යානය සාර්ථකව සඳට පතිත කළත්, එය මේ වනවිට පැත්තට පෙරළී තිබේ. එසේ වුවත් යානය ඉතා හොඳින් ක්‍රියාකාරී යැයි යානය අයත් ටෙක්සාස් ජනපදයේ හූස්ටන් නුවර ඉන්ටුයිටියු මැෂීන්ස් නමැති පෞද්ගලික සමාගමේ හිමිකරු ස්ටීව් ඇල්ටෙමස් පවසා තිබේ. ඇමෙරිකාවේ නාසා ආයතනය මැදිහත් වී සඳට චන්ද්‍ර ගවේෂණය යානයක් පතිත කළේ වසර 52 කට පෙර වුවත්, පෞද්ගලික සමාගමක් සඳට යානයක් යැවූ පළමු අවස්ථාව මෙයයි. ස්ටීව් ඇල්ටෙමස් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ පැත්තට පෙරළුණු ‘ඔඩිසියස්’ චන්ද්‍ර යානයෙන් ඡායාරූප ගෙන්වා ගැනීමට උත්සාහ ගනිමින් සිටින බවය. (BBC) Buzzer.lk සහ Buzzer Science &…

Read More