- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
- ඉරානයේ රාජ්‍ය ප්රවෘත්ති නාලිකාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
- ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
- රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි
- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
Author: Buzzer Editor
ගෙබිමෙහි පිහිටි ළිඳ නිවෙසට සම්පතකි. ළිඳක් නිවැරැදිව කපන්නේ කෙසේදැයි විමසා බලමු. අට දිසා සටහන උතුර – සැප, වයඹ – සතුරු පීඩා, බටහිර – සම්පත්, නිරිත – මර, දකුණ – ස්ත්‍රී විනාශය, ගිනිකොණ – පුත්‍ර විනාශය, නැගෙනහිර – ඉසුරු, ඊසාන – සැප ගෙබිමෙහි පිහිටි ළිඳ ගෙහිමියාට සෞභාග්‍ය ළඟා කර දෙන සම්පතක් වශයෙන් ඉසිවරයන් විසින් අගය කොට සලකා ඇත. එහෙත් ගෙබිමෙහි පිහිටි ළිඳ වාස්තු විද්‍යානුකූලව ගොඩනැගීම හේතුවෙන් ගෙහිමියාට පමණක් නොව එම නිවසෙහි වසන අයට ද නොයෙක් විපත් කරදර ඇතිවන බව ‘කැප’ ශාස්ත්‍රයෙහි දක්වා ඇත. ළිඳක් කැපීමට සුබ දිසා තෝරා ගනිමු ළිඳක් කැපීමේදී ආවාට ගියාට කටයුතු නොකළ යුතුය. විශේෂයෙන් ගේ බිමෙහි ළිඳක් කැපීමට…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර, දකුණු සහ බස්නාහිර පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, මධ්‍යම, දකුණු සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි අතර මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථාන වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය මෙම වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසය තුළ පහළ බැස ඇති බව මහ බැංකුව පවසනවා. සැප්තැම්බර් මාසයේ මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1,779ක් පැවැති බවත් එය ඔක්තෝබර් මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 1,704ක් දක්වා පහත බැස ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ. ඒ අනුව, සැප්තැම්බර් මාසයට සාපේක්ෂය ඔක්තෝබර් මාසය තුළ මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය සියයට 4.2කින් පහත බැස තිබෙනවා. Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.
ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200-250ක් අතර මුදලකින් ඉහළ යනු ඇති ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ. නිශ්චිත මිල ගණන් පසුව දැනුම්දෙන බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කළා.
මෙරටට පැමිණි සංචාරකයින් හරහා පමණක් ඔක්තෝබර් මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 75.6ක් උපයාගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව 2022 වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා කාල සීමාව තුළ සංචාරක ක්ෂේත්‍රය හරහා උපයාගත් ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සිමාව පසු කර ඇති බව මහ බංකු වාර්තා සඳහන් කරනවා.
2022 නොවැම්බර් 03 වන දින Binance විසින් ශ්‍රී ලංකාව තුළ සංවිධානය කෙරුණු සිය ප්‍රථම හමුව පැවැත්වීමට කටයුතු කෙරුණු අතර, blockchain හා Web3 පිළිබඳව උනන්දුවක් දක්වන දේශීය ජනතාවට blockchain තාක්‍ෂණය පිළිබඳ නිවැරදි දැනුම ලබා දෙමින් ඔවුන් සවිබල ගැන්වීම එහි දී අරමුණු කෙරිණි. ඊට අමතරව විවිධ ක්ෂේත්‍ර සමඟ එම තාක්ෂණය ඒකාබද්ධ කළ හැකි ආකාරය පිළිබඳව ද එහි දී දැනුම බෙදා හදා ගැනීම සිදු විය. කොළඹ දී පැවති Binance හමුව ජනතාවට crypto සහ blockchain තාක්ෂණික පරිසරය පද්ධතිය පිළිබඳව හඳුන්වා දීම අරමුණු කරගනිමින් සංවිධානය කෙරුණු අධ්‍යාපනික වැඩසටහනක් වූ අතර, එම වැඩසටහනට blockchain තාක්ෂණය පිළිබඳව උනන්දුවක් දක්වන 150කට වැඩි පිරිසක් සහභාගි වූහ. මෙම වැඩසටහනේ දී…
KFC අවන්හල් ජාලවල ඉතාමත්ම ජනප්‍රිය මාළු ඇඟිලි නැත්නම් fish fingers ඉහළ පන්තියේ ශෝටීස් එකක් වෙලා සෑහෙන කාලයක් වෙනවා. දැන් හැම අවන්හලකම ඔවුන්ට ආවේණික fish fingers වට්ටෝරුවක් තියෙනවා. ලංකාවේ වඩාත්ම රසට fish fingers හදන්නේ වෙරළබඩ සංචාරක හෝටල් වල. ඔවුන් ඒ සඳහා භාවිතා කරන්නේ මෝදා හෙවත් කොඩුවා මාළුවයි. ඉතාම පිරිසුදු ගල් මාළු වර්ගයක් වන මෝදා වල රස fish fingers වලට අපූරුවට ගැලපෙනවා. බොහෝදෙනා fish fingers සදන්න බිස්කට් කුඩු තවරලා. නමුත් බොහෝ තරු පන්තියේ හෝටල් වල බිස්කට් කුඩු වෙනුවට පාවිච්චි කරන්න බ්ලෙන්ඩර් කර ගත් කරගත් කෝන්ෆ්ලෙක්ස්. ඒක ඉතාම රසයි. පුලුවන්නම් කෝන්ෆ්ලෙක්ස් කෝප්පයක් අරගෙන හොඳින් කුඩු කරගන්න. කට්ලට් හදන කොටත් ඒවා බිස්කට් කුඩු වෙනුවට…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර, කුරුණෑගල, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 කට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.
රජයේ නිලධාරීන්ගේ අල්ලස් ගැනීම් සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් කෙරෙන සියලු මහජන පැමිණිලි 1905 කෙටි දුරකතන අංකයට දැනුම් දිය හැකි බව ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ඊයේ (05) නිවේදනය කළා. ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, ග්‍රාම නිලධාරී කාර්යාලවල සේවයේ නියුතු පුද්ගලයන් සිදු කරනු ලබන අල්ලස් ගැනීමක් හෝ වෙනත් අක්‍රමිකතාවයක් සම්බන්ධව දැනුම් දීමට හැකියාව තිබෙනවා. මීට අමතරව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පවතින රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව යන ආයතන වල සිදුවන අල්ලස් හා දූෂණ අක්‍රමිකතාවයන් මෙම දුරකථන අංකයට දැනුම් දීමට හැකියාව තිබෙනවා.
Monkeypox ආසාදිතයෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තාවීමත් සමඟ මේ සම්බන්ධයෙන් සමාජයේ දැඩි අවධානයක් යොමුවී ඇති අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා. Monkeypox මෑතකදී සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්වූ අතර එය අද වනවිට රටවල් 109කට ව්‍යාප්ත වෙමින් ආසාදිතයින් බවට පත්කර ඇති බවට තහවුරු කල පුද්ගලින් සංඛ්‍යාව 78,000කට ආසන්න අතර දැනට ලොවපුරා වාර්තාවී ඇති මරණ සංඛයාව 36ක්. ආසාදිත පුද්ගලයෙකු සමඟ ඉතා සමීප ආශ්‍රයක් මඟින් නිරෝගී පුද්ගලයෙකුගේ සිරුරට මෙම වෛරසය ඇතුලු වීමට ඉඩ තිබෙන අතර රෝගය නිසා ඇතිවන බිබිලි හා තුවාලවල , අනෙකුත් ශාරීරික තරලවල, අසාදිත ශ්වසන බිඳිතිවල මෙන්ම ආසාදිතයා මෑතක දී භාවිතා කල ඇඳ ඇතිරිලි වැනි දෑ වලත් වෛරසය අඩංගු විය හැකි…