Author: Buzzer Editor

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මි.මී 100 පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. නැගෙනහිර පළාතේත් පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

මහ කන්නයේදී වී වගාව සදහා අවශ්‍ය සියලු කෘමිනාශක සහ වල් නාශක ගොවි ජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවි ජනතාව වෙත ලබාදීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. කෘමිනාශක හා වල් නාශක බෙදා හරිනු ලබන සියලු පෞද්ගලික ආයතන සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අතර පැවති සාකච්ඡාවකදී එම වැඩපිළිවෙල සදහා එකගතාව පළ වී ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වී හා අනෙකුත් වගාවන්ට අවශ්‍ය කෘමිනාශක හා වල්නාශක ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සතු මුදල්වලින් පුද්ගලික අංශයෙන් මිලදී ගැනීම සිදු කිරීමට නියමිතයි. ඉන්පසු එම සමාගම්වලින් ලබාදෙන වට්ටම් අනුව එහි සදහන් මිලට වඩා සියයට 5ක හෝ 6ක මිල අඩු කිරීමක් යටතේ ගොවිජන…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ සඳහා තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පියවර ගෙන තිබෙනවා. එසේම ධනිෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කඩිනමින් පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ඔහුට එරෙහි ඕස්ට්‍රේලියාවේ උසාවියේ නඩුව අවසන් වූ පසු, එම ක්‍රීඩකයා වරදකරු වුවහොත් ඔහුට දඬුවම් කිරීමට පියවර ගන්නා බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් අතර හමුවක් අද (07) සිදුවී තිබෙනවා. ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් (Sharm El Sheikh) හි පැවැත්වෙන COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව අතරතුරදී මෙම හමුව සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Read More

ඊජිප්තුවේ, කයිරෝ නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් හමුවී තිබෙනවා. ඒ අනුව ජාතික පාරිසරික ප්‍රතිපත්තිය පිළිබඳ රජයේ සැලසුම් පිළිබඳව එහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාව දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

ඕස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට සිඩ්නි අධිකරණයේ දී ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ඔස්ට්‍රේලියා පොලීසිය විසින් ඊයේ (06) ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

Read More

ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබෙනවා. මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම. ප්‍රථම ධර්ම දූත මෙහෙවර ඇතුළු වැදගත් සිදුවීම් රැසක් ඉල් පොහොය දිනයේ සිදුවී ඇති බවයි සඳහන් වන්නේ. කඨින චීවර පූජාව කළ හැකි අවසාන පොහෝ දිනය ලෙසද ඉල් පුර පසළොස්වක පොහෝ දිනය සැලකෙනවා.

Read More

ලෝකයට න්‍යෂ්ටික යුද්ධ අවශ්‍ය නැතැයි චීන ජනාධිපති ෂී ජින්පින් අවධාරණය කර තිබේ. චීන ජනාපධිතිවරයා මෙසේ අවධාරණය කළේ ජ(ර්)මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් හමුවූ අවස්ථාවේදීය. ජ(ර්)මානු චාන්සල්වරයා ලෙස ඕලාෆ් ෂොල්ස්, චීනයේ බෙයිජීං අගනුවරට ගොස් චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී සාකච්ඡා පැවැත්වූ පළම අවස්ථාව මෙයයි. ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමෙන් පසු රාජ්‍ය නායකයෝ දෙදෙනා යුක්රේන රුසියන් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත් වූහ. එහිදී චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ න්‍යෂ්ටික බලය තිබුණත්, කිසිම රටක් න්‍යෂ්ටික යුද්ධයකට යා යුතු නැති බවය. යුක්රේන රුසියන් අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම කළ යුතු බව චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06) අලුයම ඊජිප්තුව බලා පිටත්ව ගොස් තිබෙනවා. ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව සඳහා ජනාධිපතිවරයා ඊජිප්තුව බලා පිටත්ව ගොස් ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More