- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
- ඉරානයේ රාජ්‍ය ප්රවෘත්ති නාලිකාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
- ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
- රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි
- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
Author: Buzzer Editor
තෙදින නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ වෙළෙඳ නියෝජිත ඇබසෝක්හි ඩේවිඩ් සාමිවරයා දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අනුව ඔහු ඊයේ (09) දිනයේ දිවයිනට පැමිණි බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා. දෙරට අතර වෙළෙඳ හා අයෝජන ප්‍රවර්ධන කටයුතු වැඩිදියුණු කරගැනීම මෙම සංචාරයේ අරමුණ බවයි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ.
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පහල වායුගෝලයේ කැළඹිලි තත්ත්වය මේ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය ඉදිරි පැය 24 තුලදී තවදුරටත් වර්ධනය විය හැකි බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර උතුරු, උතුරු මැද, නැගෙනහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 වැඩි තද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම්…
ලබන වසරේ අග භාගයේ සිට මෙරට ආර්ථිකය, යථා තත්ත්වයට පත්වීමේ මාවතකට අවතීර්ණ වනු ඇති බවට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩසටහන සහ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡාවලට අදාළව මේ දක්වා ලබා ඇති ප්‍රගතිය මෙන්ම දැනට ක්‍රියාත්මක කර ඇති සහ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ සලකා බැලීමේ දී එම තත්ත්වය අපේක්ෂා කරන බවයි මහ බැංකුව සඳහන් කරන්නේ. මෑත කාලීන ආර්ථික ප්‍රවණතා, 2022 සුවිශේෂී සිදුවීම් සහ 2023 අපේක්ෂා යනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ වාර්තාවක් මඟින් මෙම කරුණු සඳහන් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්, Buzzer.lk සහ Buzzer Financial හා…
ශ්‍රී ලංකාවෙන් තවත් මංකිපොක්ස් ආසාදිතයෙක් හඳුනාගෙන තිබෙනවා. එම ආසාදිතයා ඩුබායි සිට මෙරටට පැමිණි පුද්ගලයෙක් වන අතර මේ වනවිට ඔහු ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවයි සඳහන් වන්නේ. ඉකුත් 01 වනදා ඩුබායි සිට පැමිණි වයස අවුරුදු 20ක පමණ ශ්‍රී ලාංකික තරුණයෙකු පළමු මංකිපොක්ස් ආසාදිතයා ලෙස හඳුනාගෙන තිබුණා.
මේ මොහොතේ ලබාදෙන මිල ගණන් අනුව ඇතැම් ඉන්ධනවලින් රජයට පාඩුවක් සිදුවන බව රාජ්‍ය අමාත්‍ය ඩී. වී චානක පවසනවා. ඒ අනුව ඩීසල් ලීටරයකින් රු 12ක පාඩුවක් සහ භූමිතෙල්වලින් රුපියල් 22ක පාඩුවක් රජයට සිදුවන බවයි ඔහු අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. ලංකාවට තෙල් ගැනීමේ ක්‍රමවේදයක් ඇති බවත් සිංගප්පූරු දර්ශකයට අනුව ඉන්ධන මිල ඉහළගොස් ඇති බවත් ඊට සාපේක්ෂව තෙල් මිල වැඩි කිරීමක් සිදුකර නොමැති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. මේ අවස්ථාවේ ලාභයක් තිබුණා නම් එය ජනතාවට ලබාදීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය ඩී. වී චානක වැඩිදුරටත් සඳහන් කළේ.
රුසියන් ප්‍රහාර හේතුවෙන් යුක්රේනයට සිදුවුණු හානි සඳහා වන්දියක් ලබා දෙන්නේ නම් පමණක්, රුසියාව සමඟ සාම කතා අරඹන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. රුසියාවට තම භූමියෙන් එක් බිම් අඟලක් හෝ ලබා නොදෙන බවත්, මේ වනවිට රුසියාව අත්පත් කරගත් ප්‍රදේශ සියල්ල යළි මුදා ගැනීමට තමන් කටයුතු කරන බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී චෝදනා නගා ඇත. මේ වනවිට යුක්රේන නගරවල විදුලිබල සැපැයුම් ඉලක්ක කර ගනිමින් රුසියන් හමුදා පහර දෙයි. යුක්රේන පළාත් 14 ක සහ කීව් අගනුවර මිලියන 4 ක පිරිසක් විදුලි බලය නොැතිව පීඩාවට පත් වී සිටින බව ද පැවැසෙයි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීමේ කටයුතු මීට සුළු වේලාවකට පෙර ආරම්භ කර තිබෙනවා. ඉන්දියාවේ අදානි සමූහය, එහි දේශීය හවුලකරු වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 700ක් ආයෝජනය කිරීමට නියමිතයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඊජිප්තුවේ පැවැත්වෙන “කොප් 27” සමුළුව අතරතුර මෙම හමුව සිදුව ඇති අතර එහිදී ශ්‍රී ලංකාවේ ණය කළමනාකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. Buzzer.lk සහ Buzzer Financial සම්බන්ධ කර ගැනීමෙන් තවත් මූල්‍ය පුවත් සහ තොරතුරු සොයා ගන්න.
ලෝක T20 පන්දු යවන්නන්ගේ වර්ගීකරණයේ නැවත වරක් ප්‍රථම ස්ථානය හිමි කරගැනීමට ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී තිබෙනවා. ඒ මෙතෙක් ප්‍රථම ස්ථානයේ රැඳි සිටි ඇෆ්ගනිස්ථාන සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් දෙවන ස්ථානයට පත්කරමින්. එමෙන්ම මහීෂ් තික්ෂණ මෙම වර්ගීකරණයේ 10 වන ස්ථානයේ රැඳී සිටිනවා.
අද අපි මෙම ලිපියෙන් කතාකරන්නේ ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. ඉතාලියේ තියෙන මහ අද්භූත, සාපලත් නගරයක් ගැනයි අද අපි කියන්නේ. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි කියවන්න පටන් ගමු ඒ ගැන. 1. මෙම නගරයේ පිහිටීම මේ අද්භූත නගරය තියෙන්නේ ඉතාලියේ දකුණු කළාපයේ මතේරා පළාතේ. මේ නගරය හඳුන්වන්නේ ක්‍රාකෝ නමින්. නගරය ඉදි කරලා තියෙන්නේ කඳු මුදුනක. ඒකත් මේ නගරයේ තියෙන විශේෂත්වයක්. මේ කඳු මුදුන මීටර් 400ක විතර උසකින් යුක්තයි කියලා තමයි කියන්නේ. ඒ වගේම මේ කඳු මුදුන අසළ ගංගා නිම්නයකුත් පවතිනවා. ඒත් ඒ ගංගා නිම්නය මේ නගරයේ කොටසක් විදියට ගණන් ගැනෙන්නේ නෑ. ඒ වගේම මේ අවට ගස් වැල් නම් පිහිටලා තියෙන්නේ ගොඩාක් අඩුවෙන්.…