Author: Buzzer Editor

රට තුළ පවතින වාහනවල මිල ගණන් පහළ ගොස් ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග පවසනවා. බැංකු සහ ලීසිං සමාගම්වල පොලී අනුපාත අධික ලෙස ඉහළ යාම හේතුවෙන්, බොහෝ අය ණය ගෙන වාහන මිලදී නොගන්නා තත්ත්වයක් ඇති වී තිබෙන බවද, එම නිසා වාහන විකිණීමට අවශ්‍යතාවය ඇති අය අඩු මිලකට වුවද වාහන විකිණීමට පෙළඹී ඇති බවද ඔහු පෙන්වා දෙනවා. වාහන ආනයනය සීමා කිරීම හේතුවෙන් වෙළඳපොළ තුළ පවතින භාවිතා කරන ලද වාහන සදහා වර්තමානයේ නියමිත මිලක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

විනෝද ක්‍රීඩා උද්‍යානවලට සහ ශරීර සුවතා මධ්‍යස්ථානවලට ඇතුළු වීම ඇෆ්ගන් කාන්තාවන්ට තහනම් කර කිරීමට ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලකයන් පියවර ගෙන ඇත. ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වී ගියේ 2021 වසරේ අගෝස්තුවේය. ඉන්පසු තලේබාන් ත්‍රස්ත සංවිධානයට යළි බලයට පැමිණ, නව රජයක් පිහිටුවූයේය. අද ඇෆ්ගනිස්තානය පාලනය කරන්නේ තලේබාන් සංවිධානයයි. තලේබාන් පාලකයන් ඔවුන්ට ආවේණික දලදඩු ෂරියා නීතිය ක්‍රියාත්මක කර ඇති අතර, නිදහසේ ජීවත් වීමට ඇෆ්ගන් කාන්තාවන්ට ඇති අයිතිය ඔවුන් උදුරා ගෙන ඇතැයි ජගත් මානව හිමිකම් සුරැකීමේ සංවිධාන පැහැදිලි කර තිබේ. බාලිකා අධායපන ද තහනම් කර තිබේ. කාන්තාවන්ට රැකියාවල නියැලීම ද තහනම්ය. විනෝද ක්‍රීඩා උද්‍යානවලට සහ ශරීර සුවතා මධ්‍යස්ථානවලට ඇතුළු වීම ඇෆ්ගන් කාන්තාවන්ට තහනම්…

Read More

අවශ්‍ය දෑ: සාදන ආකාරය: භාජනයකට සෝයා මීට් දමා එයට ලුණු ස්වල්පයක් එක් කර උතුරන වතුර දමා විනාඩි 2 ක් පමණ හොඳින් තම්බා ගන්න. විනාඩි 2 කට පසුව සෝයා මීට් ටික පෙනේරයකින් බේරා නැවතත් පිරිසිදු ජලයෙන් සෝදා මිරිකා භාජනයකට දමා ගන්න. සුදුළූණු, අමු මිරිස්, රම්පෙ හා කරපිංචා සිහින්ව කපා ගන්න. හාල් හා පොල් කබලේ බැදගන්න. දැන් ඉහත කපා ගත් සියල්ලෙන් භාගයක ප්‍රමාණයක් මෙන්ම හාල් හා පොල් හා තුනපහ සියල්ලම එකට අඹරා ගන්න. මැටි වළදක් ලිපේ තබා එයට තෙල් ස්වල්පය දමා හොඳින් රත් වන විටදී එයට ඉතිරි සුදුළූණු, අමු මිරිස්, රම්පෙ හා කරපිංචා ටික දමා බැදගන්න. එයට සෝයා මීට් හා අඹරා ගත්…

Read More

දිවයිනට ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය වයඹ දෙසට බරව ගමන් කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ක්‍රමයෙන් තමිල්නාඩු ප්‍රදේශය දක්වා ගමන් කිරීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින අතර ඇතැම් ස්ථානවලට මි.මී 100 වැඩි තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී 50…

Read More

තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කළ පුද්ගලයන්ට එළඹෙන නොවැම්බර් 14 සඳුදා සිට නිල බලපත්‍ර කාඩ්පත් නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නිල රියදුරු බලපත්‍ර කාඩ්පත් තැපැල් මාර්ගයෙන් අයිතිකරුවන් වෙත ලබා දීමට කටයුතු කරන බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ සඳහන් කළේ. නිල රියදුරු බලපත්‍ර කාඩ්පත් නිකුත් කර ගත නොහැකි වීම හේතුවෙන්, පුද්ගලයන් ලක්ෂ 6කට පමණ තාවකාලික බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කර තිබුණා.

Read More

මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින සාකච්ඡා වටය අවසන් වනතුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කර ඇති කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයට අදාළ ගිවිසුම ප්‍රසිද්ධ නොකරන ලෙස එම අරමුදල දැනුම් දී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කර ඇති කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතා ගිවිසුම සම්බන්ධයෙන් අනෙකුත් රටවල් සමඟ සාකච්ඡා කළ යුතු බවත් එහිදීද යම් සංශෝධන සිදුවිය හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ඒ අනුව එම සාකච්ඡා ද අවසන් වූ පසු එය ප්‍රකාශයට පත් කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව සඳහා අනෙකුත් පාර්ශ්වවල අත්සන් ලබා ගැනීම මේ වන විට සිදුකළ යුතුව ඇති බවයි…

Read More

විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග සංශෝධන පනත සඳහා නව විෂ මත්ද්‍රව්‍ය වර්ග ඇතුළුකර ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා. ඊයේ (10) පනත් කෙටුම්පත් 09ක් සහ රෙගුලාසි සම්මුතියක් පාර්ලිමේන්තුට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම සංශෝධන පනත සඳහා අයිස් මත්ද්‍රව්‍යද ඇතුළත් කර ඇති බවයි. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

ධනිෂ්ක ගුණතිලක දැනට සැකකරුවෙක් පමණක් බැවින් ඔහු වෙනුවෙන් නීතිමය සහාය ලබාදීමට මැදිහත්වීමේ වගකීමක් ශ්‍රී ලංකාවට ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා. අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඔහු වෙනුවෙන් එම මැදිහත්වීම සිදුකරන බවයි.

Read More

කාන්තාවක් මව් පදවිය ලැබීම ඇයගේ ජීවිතයේ ඉතාමත්ම සතුටුදායක මෙන්ම සුවිශේෂීම කාලයක් වනවා. මුල්ම දරු උපත නම් ඇයට මෙය අළුත්ම අත්දැකීමක් වෙනවා. එනිසාම බොහෝ ගැබිණි මව්වරුන් තමන්ගේ ආහාර රටා හා ඇවතුම් පැවතුම් ගැන වෙනදාට වඩා විශේෂ සැලකිල්ලක් දක්වමින් කටයුතු කරන්නට පෙළඹෙනවා. ඒ අතරම සමාජය තුළ පවත්නා ඇතැම් මිත්‍යා මත නිසාවෙන් මව්වරුන් අනිසි බියක් ඇති කරගන්නවා. අද අප ඒ පිළිබඳව කතාබහ කරන්නට සිතුවා. බොහෝ දෙනෙකුගේ මතය වන්නේ මෙලෙස පැපොල් සහ අන්නාසි ආහාරයට ගැනීමෙන් පිළිසිඳ ගත් කලලයට හානියක් සිදු වන බවයි. නමුත් හොඳින් ඉදුණු පැපොල් සහ අන්නාසි ආහාරයට ගැනීමෙන් කලලයට කිසිදු හානියක් සිදු නොවේ. නමුත් මේ වර්ග දෙකම අමුවෙන් හෝ ව්‍යාංජනයක් ලෙසින් සකස්…

Read More

ඇමෙරිකාවෙන් ‘ලිස්ටීරියා’ බැක්ටීරියා වසංගතයක් වාර්තා වේ. මේ වනවිට ඇමෙරිකාවේ ජනපද 6 කින් ආසාදිතයන් 13 දෙනකු වාර්තා වී ඇති බවත් එක් අයකු මියගිය බවත් සෞඛ්‍ය බලධාරීහු පවසති. ආසාදිතයන් වාර්තා වෙන්නේ, මේරිලන්ඩ්, කැලිෆෝනියා, ඉලිනෝයි, නිව් ජර්සි, මැසචුසෙට්ස් සහ නිව්යෝක් ජනපදවල ප්‍රධාන නගරවලිනි. මරණය වාර්තා වන්නේ මේරිලන්ඩ් ජනපදයෙනි. මේරිලන්ඩ් ප්‍රාන්තවේ ‘ලිස්ටීරියා’ ආසාදිත ගැබිනි කාන්තාවකට සිය දරුවා අහිමි වූ බව ද සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ‘ලිස්ටීරියා’ බැක්ටීරියා ව්‍යාප්තිය සිදුවී ඇත්තේ සත්ව ආහාර නිෂ්පාදන අලෙවිසැල් හරහා අලෙවි කරන සිදු කරන චීස් සහ මස් වර්ග හරහා යැයි ඇමෙරිකා වසංගත රෝග පාලන ඒකකට මේ වනවිට අනාවරණය කරගෙන තිබේ. ‘ලිස්ටීරියා’ බැක්ටීරියාව ආසාදනය වීමෙන් ඇතිවන රෝගී තත්ත්වය…

Read More