- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
- තාක්ෂණික දෝෂයක් නිසා එයාර් ඉන්දියා ගුවන්යානයක් නැවත හරවයි
- උසස් පෙළ විශිෂ්ටයින්ට ඇගයීමක්
- වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් වාහන විකිණිමට ටෙන්ඩර් කැඳවයි
- මෙය අවසාන IMF වැඩසටහන බවට පත්කර ගැනීම අපේක්ෂාවයි – ජනපති
- කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට
Author: Buzzer Editor
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉදිරි වැඩපිළිවෙල සහ පවතින ගැටලු සම්බන්ධව ප්‍රවාහන අමාත්‍යවරයා සහ එම දෙපාර්තමේන්තු නිලධාරීන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙහිදී රියදුරු බලපත්‍ර නිකුත් කිරීම පිලිබඳව දැනට පවතින ගැටළු සම්බන්ධවත්, ස්මාර්ට් කාර්ඩ් පත් නිකුත් කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් සකස් කිරීම සම්බන්ධවත් අවධානය යොමුව තිබෙනවා. එමෙන්ම රියදුරු බලපත්‍ර ලබාදීමේ ලිඛිත පරික්ෂණයන් Online ක්‍රමවේදය ඔස්සේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල සමඟ සම්බන්ධව එකම වේලාවක පැවැත්වීම කෙරෙහිද මෙහිදී අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.
ඩීසල් මිල ඉහළ දැමූවද බස් ගාස්තු වැඩි කිරීමට අපේක්ෂා නොකරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. ඒ අනුව ඔහු සඳහන් කරන්නේ, පසුගිය වතාවේ ඩීසල් රුපියල් 15 කින් අඩුවූ අවස්ථාවේදී බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවූ බවත් යළිත් එම මුදලම වැඩි කිරීම නිසා බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවයි.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල දහවල් 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. බස්නාහිර සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව 2022 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් විසින් ප්‍රේෂණ හරහා ඇමරිකානු ඩොලර් මිලියන 355.4ක මුදල් ශ්‍රී ලංකාවට එවා ඇති වාර්තා වනවා. කෙසේවෙතත් පසුගිය සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 359 ක මුදලක් විදේශ ශ්‍රමික ප්‍රේෂණ ලෙස මෙරටට ලැබී තිබුණා. 2022 ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ ප්‍රේෂණයන් ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 2,929.4ක් මෙරටට ලැබී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.
උතුරු පළාතට අයත් දූපත් සමූහය අතර ලක්මවට අයත් ඉතා මනරම් භූමි භාගයකට උරුමකම් කියන නෙඩුන්තිව් හෙවත් ඩෙල්ෆ්, අනෙක් දූපත් 19 අතර විශාලත්වයෙන් තුන්වැනියා ය. ඒ අනලතිව්, චිරුතිව් හෙවත් සිරුතිව්, එලුවයිතිව්, කුච්චතිව්, කාරතිව්, කනන්තිව්, කරයිතිව්, කයිට්‌ස්, කුරිකඩ්ඩුවන්, මන්ඩතිව්, නඩුතුරුතිව්, නයිනතිව් හෙවත් නාගදීප, පලායිතිව්, පරට්‌ටිතිව්, පුලියන්තිව්, පුන්ගුඩතිව් හා තෝරට්‌ට පූට්‌ටු යන දූපත්වලට සාපේක්ෂවය. රමණීය සුන්දර වටපිටාවක්ට උරුමකම් කියන මේ දූපත් සමූහය අතරින් ඩෙල්ෆ්ට් දූපත වඩා චිත්තාකර්ෂණීය දූපතකි. මෙය දමිළ බසින් නෙඩුන්තිව් යනුවෙන් හැඳින් වේ. වර්ග කිලෝමීටර් 50ක වපසරියකින් යුතු මේ දූපත දිගින් කිලෝමීටර් 08ක් පමණ වේ. පළලින් කිලෝමීටර් 06ක් පමණවන මෙම දූපත ලන්දේසීන් විසින් හැඳින් වූයේ ඩෙල්ෆ්ට් යනුවෙනි. ඩෙල්ෆ්ට් යනු එදා ඕලන්දයේ…
රජීව් ගාන්ධි ඝාතන නඩුවේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටින නලිනි ශ්‍රී හරන් ඇතුළු විත්තිකරුවන් පස්දෙනා නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නියෝග කර තිබෙනවා. ඔවුන් නිදහස් කිරීමට තමිල්නාඩු රජය මීට පෙර ආණ්ඩුකාරවරයාට නිර්දේශ කර තිබූ බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. 1991 වසරේ දී හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් මොවුන් සිරගත කිරීමට කටයුතු කර තිබුණා. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
කොවිඩ් වසංගත සමයේ පහත දැමූ විෂබීජ නාශක දියර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා එතනෝල් ආනයන බද්ද යළි ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. එසේම රා ලීටරයක් සඳහා අය කෙරුණු රුපියල් 25 ක සුරා බද්ද රුපියල් 50 ක් දක්වා යළි ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඩීසල් සහ භූමිතෙල් මිල අද (11) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.
පුද්ගලයන් වශයෙන් අප දෛනික අවශ්‍යතාවයන් සපුරා ගැනීමේදී කොපමන ප්‍රමාණයක් දත්ත සහ තොරතුරු හුවමාරු කර ගන්නවාද. වර්තමානය වන විට දත්ත සහ තොරතුරු වලින් තොරව මිනිසාට පැවැත්මක්ද නොමැති තත්ත්වයකට පත් වී තිබේ. දත්ත යනුවෙන් හඳුන්වන්නේ කිසියම් විෂයය ක්ෂේත්‍රයක් හා සම්බන්ධව තොරතුරු ඉදිරිපත් කරන මූලාශ්‍ර වේ. එමගින් නිශ්චිත අදහසක් නිවැරදිව ප්‍රකාශ කිරීමට පුද්ගලයන්ට හැකියාවක් ලැබෙනු ඇත. එසේම යම් දත්තයක් එක් රැස් කරන්නේ කිසියම් අවශ්‍යතාවක් සඳහා වේ. වර්තමාන ලෝකය දත්ත හා තොරතුරු වලින් පිරුණු ලෝකයක් වන අතර දත්ත හා තොරතුරු ගලා එන මාධ්‍ය විශාල සංඛ්‍යාවක් ද වර්තමානය වන විට නිර්මාණය වී තිබේ. පුද්ගලයන් වශයෙන් අප එදිනෙදා ජීවිතයේදී විවිධ සිද්ධි වලට මුහුණ දීමට සිදු වන…