- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
- තාක්ෂණික දෝෂයක් නිසා එයාර් ඉන්දියා ගුවන්යානයක් නැවත හරවයි
- උසස් පෙළ විශිෂ්ටයින්ට ඇගයීමක්
- වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් වාහන විකිණිමට ටෙන්ඩර් කැඳවයි
- මෙය අවසාන IMF වැඩසටහන බවට පත්කර ගැනීම අපේක්ෂාවයි – ජනපති
- කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට
Author: Buzzer Editor
නියමු ව්‍යාපෘතියක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීමට ප්‍රවාහන හා මහාමාර්ග රාජ්‍ය අමාත්‍යාංශය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා එක්ව කටයුතු කර තිබෙනවා. මේ අනුව රියදුරු බලපත්‍ර අයදුම්කරුවන් වෛද්‍ය පරීක්ෂණය සඳහා පසුගියදා යොමු වූ අතර ඔවුන් සඳහා ලිඛිත පරීක්ෂණයක් ද පවත්වා තිබෙනවා. එම ලිඛිත පරීක්ෂණය සඳහා 76 දෙනෙකු ඉදිරිපත් වූ අතර 44 දෙනෙකු සමත් වී ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් හට ප්‍රායෝගික පුහුණුව සඳහා තාවකාලික රියදුරු බලපත් ලබා දීම (LEARNER PERMIT) ලබාදීමට මේ වන සිදුකර ඇති අතර මාස 03ක ප්‍රායෝගික පුහුණුවෙන් පසුව ස්ථිර රියදුරු බලපත් ලබා දීම සිදු කිරීමට නියමිතයි.
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ට අයත් උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍රය නීතිවිරෝධී මෙන්ම ව්‍යජ බව සඳහන් කරමින් ගොනුකර ඇති පැමිණිල්ල අද (17) දිනයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ ඉදිරියේ කැඳවනු ලැබුවා. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරියට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම දෙසැම්බර් මස 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙසයි මහෙස්ත්‍රාත්වරයා දැනුම් දී ඇත්‍තේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද පිළිබඳ පුරාවෘත්තය ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ දේවානම් පියතිස්ස රජුගේ කාලය දක්වා විහිදෙයි. අනුරාධපුර යුගයේ පෞරාණික නටඹුන් රැසක් පවතින මෙහි බෝධිඝර, පෞරාණික ගල් පඩි හා ගල් කණු ආදියෙන් සමන්විතයි. වසර කෝටි 50 ක් පැරණි ශාක පොසිල රැසක් හා වසර 2000 ක් පමණ පැරණි ඉතිහාසයක් නාමල් උයන සතුය. ක්‍රිස්තු වර්ෂ 924 දී ශ්‍රී ලංකාවේ රජ කළ දප්පුල නම් රජු විසින් මිනිසුන් සඳහා වූ අභය භූමියක් ලෙස නාමල් උයන නම් කර ඇති බව නාමල් උයනට පිවිසෙන ආඩියාගල මාර්ගයේ ඇති සෙල් ලිපියේ සඳහන් වේ. අක්කර 760 කින් සමන්විත ජාතික නාමල් උයනේ පරිසර පද්ධති රැසක් දක්නට ලැබෙයි.…
වාහන ලියාංපදිංචි ගාස්තු සංශෝධනය කරමින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් පසුගිය 14 වනදා අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කළා. එම ගැසට් නිවේදනයට අදාළ ගාස්තු සංශෝධනය හෙට (18) දිනයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ අනුව 1600cc හෝ 1600cc ට අඩු වාහන පළමුවරට ලියාපදිංචි කිරීමේ දී ගෙවිය යුතු නව ගාස්තුව රු 25,000ක් ද, 1600cc ට වැඩි වාහන පළමුවරට ලියාපදිංචි කිරීමේ දී ගෙවිය යුතු ගාස්තුව ගාස්තුව රු 40,000ක් වනවා. සම්පුර්ණ ගාස්තු සංශෝධනය පහතින්, https://bit.ly/3TJM24h
ස්ත්‍රී දුෂණ චෝදනා එල්ල වී ඕස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ධනිෂ්ක ගුණතිලක හට ඇප හිමිව ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරනවා. ධනිෂ්ක ගුණතිලක අද (17) දෙවන වරටත් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති අතර එම අවස්ථාවේ දී අධිකරණය විසින් මෙලෙස ඇප ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. ධනිෂ්ක ගුණතිලක දින 11ක කාලයක් රක්ෂිත බන්ධානාගර ගතව සිටියා.
ප්‍රමාදවීම් රැසකින් පසු, ඇමෙරිකාවේ නාසා ආයතනය ‘Artemis1’ චන්ද්‍ර මෙහෙයුම ආරම්භ කරමින්, අධි බලැති ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ නමැති රොකට්ටුව ගුවන්ගත කළේය. ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ රොකට් පද්ධතියේ අරමුණ ඊට සම්බන්ධ කළ ‘ඔරයන්’ නමැති චන්ද්‍ර යානය එසේත් නැතිනම් ගගන කැප්සියුලය පෘථිවි කක්ෂයට රැගෙන ගොස් මුදා හැරීමය. ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ රොකට් පද්ධතිය යොදා ගැනීම සිදුවූයේ ‘ඔරයන්’ චන්ද්‍ර යානය ගුරුත්ව බලයෙන් මිදී පෘථිවි කක්ෂයට තල්ලු කිරීමටය. උඩු ගුවන බලා යද්දී, රොකට්ටුවේ කොටස් එකිනෙක පහළ සාගරයට කඩා වැටුණි. ඇමෙරිකන් නාවික හමුදාව ඒවා යළි එක් රැස් කර ගැනීමට සීරුවෙන් සිටියේය. ඒ නැවත භාවිතයට යොදා ගැනීම සඳහාය. ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ රොකට්ටු පද්ධතියට ඇතුළත් ප්‍රධාන රොකට්ටුව මීටර් 98 ක්…
සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මිහිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් වැඩිදුරටත් සඳහන්.
සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ඉතා කෙටි කලක් තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර පවතින සියලු ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්, Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
සංශෝධනය කරනු ලැබූ සෙස් බද්ද පෙරේදා (15) සිට ක්‍රියාත්මක කරන්නට යෙදුනු බව රජය නිවේදනය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරන්නේ, සෙස් ගාස්තු සංශෝධනය කිරීම අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලට බලනොපාන බවයි. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්, Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී අය කරන ගාස්තුව අද (17) සිට බලපැවැත්වෙන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5,000 ක් වන අතර විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවා ගාස්තුව රුපියල් 20,000ක් දක්වා ඉහළ දමා ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. සම්පූර්ණ ගාස්තු ලැයිස්තුව පහතින්,