Author: Buzzer Editor

ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 48 තුල පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් 2022 නොවැම්බර් මස 20 සහ 21 දින වනවිට ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව තමිල්නාඩු ප්‍රදේශයට ගමන් කිරීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නැගෙනහිර පළාතේ විටින් විට වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවත් උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් එම නිවේදනයේ දැක‍්වෙනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවතින අතර උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල…

Read More

Twitter සමාගමේ කාර්යාල ගොඩනැගිලි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව නැවතත් සඳුදා කාර්යාල විවෘත කරන බව සේවකයන්ට දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. විවිධ මාධ්‍යවල පුවත්පත් හෝ වෙනත් ස්ථානවල රහස්‍ය සමාගම් තොරතුරු සාකච්ඡා කිරිමෙන් වලකින ලෙස ද සේවකයන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහිව ඉදිරිපත්කර තිබෙන තවත් නඩුවක් විභාගය සඳහා පෙබරවාරි මස 24 වනදා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා උපන්දිනය පිළිබඳ අසත්‍ය තොරතුරු ඇතුළත් අයදුම්පත්‍රයක් ආගමන සහ විගමන පාලකවරයා වෙත ඉදිරිපත් කිරීම තුළින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ. මෙම නඩුව ඊයේ (18) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

Read More

මෙරට ආර්ථික ස්ථායීකරණයට බලපාන නීති ප්‍රතිසංස්කරණයට අදාළ යෝජනා එළඹෙන දෙසැම්බර් අගදී රටට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක පවසනවා. රටේ ආර්ථික ස්ථායීකරණයට අදාළ නව නීති පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව රැස්වූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා. රට තුළ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා දේශීය සහ ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමේදී මෙරට නීති පද්ධතිය තුළ ඇති කළ යුතු වෙනස්කම් පිළිබඳ මෙහිදී විද්වතුන් විසින් අදහස් පළ බවයි සඳහන් වන්නේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්, Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන…

Read More

මියන්මාර හමුදා රජය, දේශපාලන සිරකරුවන් 6,000 ක් නිදහස් කිරීමට තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. එම 6,000 අතරේ විදේශිකයෝ තිදෙනෙක් ද වෙති. එම තිදෙනා නම්, බි්‍රතාන්‍යයේ හිටපු තානාපතිවරයකු, ජපාන චිත්‍රපට නිෂ්පාදකවරයකු සහ සිරදඬුවම් විඳින ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූකීගේ උපදේශකවරයකු ලෙස කටයුතු කළ ඕස්ටේ්‍රලියානු ජාතිකයෙකි. මියන්මාර ජාතික දිනය සැමරීම නිමිත්තෙන් මෙමෙ දේශපාලන සිරකරුවන්ට නිදහස ලබා දීමට මියන්මාර රජය තීරණය කළ බව ද පැවැසෙයි. මියන්මාර හමුදාව, ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී බලයෙන් නෙරපා රටේ පාලන බලය අත්පත් කර ගනිද්දී 16,000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත්තේය. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

කැහිපිත්තන් අපේ මුතුන් මිත්තන් කෑවෙ ජෙලි වෙනුවට. කැහිපිත්තන් කොළ වතුර ස්වල්පයක් එක්ක හොඳින් කොටා හෝ බ්ලෙන්ඩ් කර තැබුවාම ඉබේම මිදෙනවා. ජෙලි වාගේ. එයට සීනි හෝ මී පැණි මුසුකර ආහාරයට ගතහැකි යි. මනා අතුරුපසක්. ගැස්ට්‍රයිටීස් රෝගයට ප්‍රත්‍යක්ෂ ඖෂධයක්. උදේ ම හිස්බඩ තමයි කන්න ඕනෙ. අධික ශීතල ආහාරයක්. ශරීරයේ උෂ්ණාධික බව අධික අයගේ ශරීරය සිසිල් කරන්න මෙයට පුළුවන්. කිරි දෙන මව්වරුන්ට, ගැබිනි මවුවරුන්ට ගුණයි. කොච්චර ශීතාධික වුවත් වා පිත් සෙම් තුන්දොස් නසනවා. අර්ශස් අමාරුව, ඔසප් දෝෂ, මූත්‍ර රෝග, ඉරුවාරදය ආදි රෝග රැසකට කැහිපිත්තන් ජෙලි ඉතා ගුණදායක යි. ශරීරයේ රෝග රැසක් නැති කර ශරීරයට සෞඛ්‍යමය බවක් නිරෝගී බවක් ලබන්න අගනා ඖෂධයක් තමයි කැහිපිත්තන්…

Read More

2023 අයවැය ඔස්සේ ඉදිරිපත් කළ ත්‍රෛලෝක විජය පත්‍ර යෝජනාව ඉතාමත් ප්‍රායෝගික එකක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලමණාකාර පිඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න පවසනවා. මෙම ශාකයෙන් ලෝකයේ බොහෝ රටවල් විශාල ප්‍රයෝජන ගන්නා බව පෙන්වා දෙන මහාචාර්යවරයා කියා සිටින්නේ විශාල වශයෙන් ආදායම් උපයා ගැනීමටත් මෙය යොදා ගන්නා බවයි. මත් වීම සඳහා පමණක් නොව ඖෂධ සඳහා විශාල වශයෙන් මෙය භාවිත කරන බවත් මේ මගින් මාස ගණනක් තුළ වගා කොට ඉතාමත් කෙටි කාලයකින් විශාල ඉපැයීමක් කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ.

Read More

මෙම වසරේ නොවැම්බර් මාසයේ මුල් දින 15 තුළ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 27,213 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව වැඩිම පිරිසක් පැමිණ ඇත්තතේ රුසියාවෙන් වන අතර එම ප්‍රමාණය 6,701 ක් වන අතර ට අමතරව ඉන්දියාවෙන් 4,404, එක්සත් රාජධානියෙන් 2,257 සහ ජර්මනියෙන් 1,924, පැමිණ ඇති බවද සඳහන් වනවා. ජනවාරි මාසයේ සිට නොවැම්බර් 15 වනදා දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු සංචාරකයින් ප්‍රමාණය 595,471 ක් වන බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

Read More

ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද උතුරු අන්දමන් සාගරය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය නොවැම්බර් මස 19 වන දින වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් 2022 නොවැම්බර් මස 20 සහ 21 දින වනවිට ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කිරීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ නිසා උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවතිනවා. සබරගමුව, ඌව සහ…

Read More

බැංකු හරහා ණය ලබාගැනීමෙන් අපහසුතාවයට පත්ව ඇති ගනුදෙනුකරුවන්ට සහන ලබාදෙන ලෙසට බැංකුවලට උපදෙස් දී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. පාර්ලිමේන්තුවේදී පැවති මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා. ඒ අනුව පසුගිය කාලය තුළ විචල්‍ය පොලී අනුපාත යටතේ ලබා ගත් ණය සඳහා අයකරන පොලී අනුපාත ඉහළ දැමීම නිසා අපහසුතාවට පත්වූ ගනුදෙනුකරුවන්ට මෙම සහනය ලබාගත හැකි බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ. පොලී අනුපාතිකය වැඩිවීම හේතුවෙන් ඇතැම් ණයහිමියන්ගේ මුලු වැටුපම ණය වාරික සදහා ගෙවීමට සිදුව ඇති බව මන්ත්‍රීවරුන් එහිදී පෙන්වාදී ඇති අතර එයට ප්‍රතිචාර…

Read More