Author: Buzzer Editor

එළඹෙන මාසයේ සිට QR ක්‍රමය ඉවත් කිරීමට තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව සම්පූර්ණ ඉන්ධන අවශ්‍යතා සපුරාලන තෙක් ඉන්ධන කළමනාකරණ QR පද්ධතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. අදාළ Twitter පණිවිඩය පහතින්,

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට රැකියා කාණ්ඩ 2 ක් සඳහා ශ්‍රී ලාංකික කාන්තාවන් ලියාපදිංචි කිරීම තාවකාලිකව නතර කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ගෘහ සේවිකාවන් හා පිරිසිදු කිරීමේ සේවා පුද්ගලයින් ලියාපදිංචි කිරීම තාවකාලිකව නතර කිරීමට පියවරගෙන ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

මෙරටට අවශ්‍ය ඖෂධ වර්ග 152 ක හිඟයක් තවමත් පවතින බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් පවසනවා. ඒ අනුව ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියට කල්ගතවීම ඖෂධ හිඟයට හේතුවක් වී ඇති බවයි ඔහු සඳහන් කරන්නේ. මෙරටට ඖෂධ ගෙන්වා ගැනීම සඳහා ඉන්දීය ණය යෝජනා ක්‍රමය සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාදුන් ණය මුදල් බවත් එහිදී අනුගමනය කළයුතු ක්‍රියාවලිය ඉතා දීර්ඝ බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඉන්ධන ගෙන්වීමට මෙන්ම සෞඛ්‍ය අංශයටද ප්‍රමුඛතාව ලබාදිය යුතු බවයි සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

බොහෝ දෙනා කස කසා ඇට යොදාගනු ලබන්නේ ආහාර වර්ග හා බීම වර්ගවල අලංකාරය සඳහාය. විශේෂයෙන් බීම වර්ගවලට මෙන්ම වටලප්පන්, පුඩිං, සලාද, ජෙලිවලට රසකාරකයක් මෙන්ම අලංකාරයත් සඳහා කස කසා ඇට යොදා ගැනේ. නමුත් බොහෝ දෙනා නොදැන සිටි කරුණක් වන්නේ කස කසා ඇටවල ඉතා ගුණදායක පෝෂ්‍ය පදාර්ථයන් ඇති බවය. හින්දි භාෂාවෙන් මෙම ඇට හඳුන්වනු ලබන්නේ කුෂ් කුෂ් ලෙසිනි. කස කසා ඇට නිල් සහ සුදු වර්ණවලින් යුක්තය. මෙම ඇට ග්‍රෑම් 100ක පෝෂණ ගුණය ලෙසින් ශක්තිය කිලෝ කැලරි 525, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 28.13, ප්‍රෝටීන් ග්‍රෑම් 17.99, සම්පූර්ණ මේදය ග්‍රෑම් 41.56, (මෙහි කොලෙස්ටරෝල් නැත) කෙඳි ග්‍රෑම් 19.5, පෝලේට් මයිකෝ ග්‍රෑම් 82, නියසීන් මිලිග්‍රෑම් 89, අන්තර්ගත වේ.…

Read More

ගුවන් විදුලි නිවේදකයෙකු, භාෂා පරිවර්තකයෙකු මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පියෙකු වු ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වි තිබෙනවා. මිය යනවිට ඒ මහතා 93 වන වියේ පසු වුණා. ඒ මහතා අවසන්වරට මාධ්‍ය වැඩසටහනකට එක් වුයේ ITN ප්‍රවෘත්ති ප්‍රකාශයේ විශේෂාංගයක් වු අමතක නැති මතක සමගයි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති නිවේදකයෙකු ලෙස පෙරේරා මහතා දීර්ඝ කාලයක් කටයුතු කළා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ එසැණ භාෂා පරිවර්තකයෙකු වශයෙන් ද ඔහු දීර්ඝ කාලයක් කටයුතු කර තිබෙනවා. පිලිපිනයේ මැනිලා නුවර වෙරිටාස් ගුවන් විදුලි සේවයේ සිංහල අංශය භාරව කටයුතු කළ පෙරේරා මහතා ගුවන් විදුලියේ ඉතා ජනප්‍රිය විනෝද සමය වැඩසටහනේ නිර්මාතෘවරයා ද වනවා. එමෙන්ම එම වැඩ සටහනේ ආරම්භක නිවේදකයා වුයේ…

Read More

දඹුල්ල කියන්නේ ලංකාවේ ඓතිහාසිකවත් ආර්ථිකමය වශයෙනුත් විශාල වැදගත් කමක් ගන්නා ස්ථානයක්. මේ සැරසෙන්නේ ලෝක උරුමයක් ලෙස නම්ව ඇති දඹුලු රජමහ විහාරයේ තතු ඔබට කියන්නයි. 1991 වසරේ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙස දඹුලු රජමහ විහාරය නම් කර තිබෙනවා. ලෙන් විහාර අතර විශාලතම මෙන්ම වැදගත්ම ලෙන් විහාරය ලෙස සැලකෙන රංගිරි දඹුලු රජමහා විහාරයයි. මහාවංශයේ ජම්බුකෝල යන නමින් හඳුන්වනු ලැබූ මෙම විහාරය ක්‍රිස්තු පූර්ව 103- 89 දක්වා කාලයේ රජ කළ වළගම්බා රජතුමන් විසින් ඉදිකර ඇති බවට විශ්වාස කෙරෙනවා. ක්‍රිස්තු පූර්ව පලවන ශතවර්ශයේදී වට්ටගාමිණි අභය හෙවත් වළගම්බා රජු කරවූ බවත් ක්‍රිස්තු පූර්ව පස්වන සියවස කාලයේදී භික්ෂූන් වහන්සේලා වැඩ…

Read More

පාපන්දු ලෝක කුසලානයේ ආරම්භක තරගයෙන් සත්කාරක කටාරය පරදා ගෝල 2-0ක ජයක් වාර්තා කිරීමට ඉක්වදෝරය සමත් වුණා. දෙරට අතර තරඟය ආරම්භ වී තුන්වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කිරීමට ඉක්වදෝර ක්‍රීඩක Enner Valencia සමත්වූ අතර පසුව පුනරූපන මගින් එය නිවැරදිව ලබා නොගත් ගෝලයක් බව විනිසුරුවන් තීරණය කළා. පසුව යළිත් 16 වන මිනිත්තුවේදී ඉක්වදෝරයට දඩුවම් පහරක් හිමිවූ අතර එම දඬුවම් පහර එල්ල කිරීම සඳහා පැමිණි ඉක්වදෝර ක්‍රීඩක Enner Valencia විසින් පන්දුව දැල වෙත එල්ල කරමින් පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුණා. පසුව යළිත් 31 වන මිනිත්තුවේදී Enner Valencia විසින් ගෝලයක් වාර්තා කිරීමත් සමඟ පළමු අර්ධය නිමා වන විට ගෝල 2-0 ක් ලෙස ඉක්වදෝරය ඉදිරියෙන්…

Read More

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, යුක්රේනයේ කීව් අගනුවර වෙත ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා යුක්රේන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ද පවත්වා ඇති බවයි සඳහන් වන්නේ. යුක්රේනයට බ්‍රිතාන්‍යයේ සහාය තවදුරටත් ලබාදෙන බවත් පවුම් මිලියන 50 ක තවත් ආධාර යුක්රේනයට ලබාදෙන බවට ද එහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව යාපනයට කිලෝමීටර් 540ක් පමණ ඊසාන දෙසින් 11.4N අක්ෂාංශ සහ දේශාංශ 84.6E හි කේන්ද්‍රගතව පැවති පීඩන අවපාතය, ක්‍රමයෙන් දුර්වල වෙමින් වයඹ දෙසට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුලදී, තමිල්නාඩු-පුදුචෙරි වෙරළ වෙත ලඟා වීමේ වැඩි හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවීමේ හැකියාව පවතිනවා. බස්නාහිර සහ දකුණු වෙරලබඩ ප්‍රදේශවලත් උතුරු පළාතේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා.

Read More

ග්ලයිෆොසෙට් ආනයනය සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමට අදාළ ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. 2014 වසරේ නිකුත් කළ අදාළ ගැසට් නිවේදනක් මඟින් ග්ලයිෆොසෙට් භාවිතය, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ විකිණීම තහනම් කර තිබුණා.

Read More