Author: Buzzer Editor

උතුරු සහ නැගෙනහිර පළාත්වලත්, අනුරාධපුර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් තැනින් තැ​න සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

අද (13) පැවැත්වෙන රැස්වීමෙන් පසුව පාර්ලිමේන්තුව යළි 2023 වසරේ ජනවාරි 5 වැනිදා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා. ඒ අනුව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක සඳහන් කළේ. 2023 ජනවාරි 05, බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

වංචා සහගත දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් පණිවුඩ හා සමාජ මාධ්‍ය ජාල හරහා සාවද්‍ය තොරතුරු ලබා දී පුද්ගලයන්ගෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන පැමිණිලිවල සීඝ්‍ර වර්ධනයක් මෑත කාලීනව නිරීක්ෂණය වී ඇති බව මහ බැංකුව පවසනවා. ඒ අනුව විදේශ රැකියා සඳහා යොමු කරන බවට පොරොන්දු ලබා දෙමින් හෝ විවිධ වටිනා භාණ්ඩ ඇතුළත් පාර්සල් ලබා ගැනීම සඳහා රේගු බදු ගෙවන ලෙස දන්වමින් මෙම වංචා සහගත දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් පණිවුඩ පැමිණෙන බවයි මහ බැංකුව සඳහන් කරන්නේ. ඒ හේතුවෙන් නිසි පරීක්ෂාවකින් තොරව ඉහත ආකාරයේ තොරතුරු මත පදනම්ව නොදන්නා පාර්ශ්වයන්ගේ බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කිරීමට හෝ වෙනත් මාධ්‍යවලින් මුදල්…

Read More

කංසා අපනයන කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට අවශ්‍ය නීති ඇතුළත් පනත අයවැය විවාදයෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා. ඒ අනුව මත්ද්‍රව්‍යයක් ලෙස පිටතට යාමට නොහැකි වන ලෙස මෙම කර්මාන්තය සඳහා ආයෝජනය කරන පුද්ගලයින්ගෙන් විශාල තැන්පතු මුදලක් ලබාගැනීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතනවලින් ලබාදී ඇති නිර්දේශ අනුව මේ තුළින් සමාජයට හානිදායක අවැඩක් සිදුවුවහොත් අදාළ ආයෝජකයින් විසින් තැන්පත් කරන විශාල තැන්පතු මුදල අහිමිවන ආකාරයෙන් නීති සකස් කරන බවද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සඳහන් කළා. ඩොලර් බිලියන 3 ක පමණ අපනයන ආදායමක් සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් ඉදිරියේදී උපයා ගැනීමට හැකිවන…

Read More

වර්තමාන මුම්බායේ එකල බෞද්ධ භික්ෂූන්වහන්සේ වැඩසිටි, බණ භාවනා කළ ලෙන් ආරාම සමූහයක් ජනාකීර්ණ නගර සීමාවේ පිහිටා ඇති බව දන්නවද? නගරයේ සිට විනාඩි 30ක් 45ක් ඇතුළත ගිය විට මේ බොහෝ ලෙන් විහාර දැක ගැනීමට හැකියාව ලැබේ. මෙම ලෙන් විහාර අතර කොණ්ඩෙවිටේ ආරාම සංකීර්ණය මුල් තැන් ගනී. බොම්බායේ සුන්දර් නගර්හි අන්දේරි ප්‍රදේශයේ මෙම කොණ්ඩෙවිටේ ආරාම සංකීර්ණය පිහිටා ඇත. අද වන විට ඇතැමුන් මෙම ලෙන් හඳුන්වන්නේ මහාකාලී ගුහා යනුවෙනි. මහාරාෂ්ට්‍ර බෞද්ධයෝ ප්‍රකාශ කරන්නේ මෙම ලෙන් ආරාම සංකීර්ණය මහාකාලී ලෙන් යනුවෙන් හැඳින්වීම නිවැරැදි නොවන බවයි. එම සංවිධානය මගින් මහාරාෂ්ට්‍රයේ ලෙන් විහාරවල තොරතුරු එක්රැස් කර ඒවා සුරැකීමට ක්‍රියා කරයි. ඒ අනුව කොණ්ඩෙවිටේ ලෙන් විහාර සංකීර්ණය…

Read More

ලොව ලොකුම ගිනි කන්ද පුපුරා යෑම ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ලොව ලොකුම ගිනි කන්ද ලෙස සැලකෙන්නේ හවායි හි පිහිටි මොවුන් ලෝවා (Mauna Loa) ගිනි කන්දය. ගිනි කන්ද අවට පදිංචි සිය ගණනක් දෙනා වහා ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු පියවර ගත්හ. ගින් කන්දේ පිපිරීම් සිදුවන නමුත් ඒවා ප්‍රබල පිපිරීම් නොවන බව ද පැවැසෙයි. කෙසේ නමුත් ගිනි කන්ද ගැන අවධානයෙන් පසුවන්නැයි හවායි යමහල් නිරීක්ෂණ ඒකකය වැඩි දුරටත් අනතුරු අගවා ඇත. (NDTV) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

2022 පාපන්දු ලෝක කුසලානයේ ඊයේ (28) පැවති තරඟ 04 දී ජයග්‍රහණ ලබා ගැනීමට ඝානාව, බ්‍රසීලය, පෘතුගාලය සමත් වූ අතර කැමරුන් රාජ්‍ය කණ්ඩායම සහ සර්බියා කණ්ඩායම අතර තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. පළමු තරඟය G කාණ්ඩය යටතේ කැමරුන් රාජ්‍ය කණ්ඩායම සහ සර්බියා කණ්ඩායම අතර පැවති තරඟයේදී කණ්ඩායම් දෙකම ගෝල තුන බැඟින් වාර්තා කිරීම නිසා තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. දෙවන තරඟය H කාණ්ඩය යටතේ දකුණු කොරියා කණ්ඩායම හා ඝානා කණ්ඩායම අතර පැවති තරඟයෙන් ගෝල 02-03 ක් ලෙස ජය ගැනීමට ඝානා කණ්ඩායම සමත් වූ අතර එම කණ්ඩායම වෙනුවෙන් Mohammed Salisu, Mohammed Kudus ගෝල වාර්තා කළා. තුන්වන තරඟය G කාණ්ඩය යටතේ…

Read More

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත් කරන ලද කමිටුව විසින් ලබා දුන් යෝජනාවලිය සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව ලබා දුන් නිර්දේශ අනුව විදුලි බල මණ්ඩල ප්‍රතිව්‍යූහගත පනත මසක් තුළ සකස් කිරීමට සහ එම ප්‍රතිව්‍යූහගත ක්‍රියාවලිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ කටයුතු අද (29) සිට ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

අද (29) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවර එළිය දිස්ත්‍රික්ක වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර පළාතේත් නුවර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා…

Read More

2023 වර්ෂයේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්ය බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. කෙසේ නමුත් 2022 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පැමිණීම තහවුරු කිරීම අත්‍යවශ්‍ය නොවන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Read More