Author: Buzzer Editor

රට බංකොළොත්භාවයෙන් ගොඩගැනීමට තමා නිසැකවම කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ අනුව ණය බරින් නිදහස් වූ මෙන්ම ණය ගෙවීමට හැකි ආර්ථිකයක් රට තුළ ගොඩනඟන බවයි ලංකා ජපන් සබඳතාවලට 70 වසරක් සපිරීමට සමගාමීව ටොයෝටා ලංකා සමාගම කඩවත ප්‍රදේශයේ ඉදිකළ මෝටර් රථ අමතර කොටස් සැපයුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද (14) එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ. යුද්ධයෙන් පසුව ආර්ථික වැඩපිළිවෙල වෙනස් නොකිරීම හේතුවෙන් අද රට බංකොළොත්භාවයට පත්ව ඇති බවත් කෙසේ හෝ ආයෝජන අවස්ථා වැඩිකර ලබන වසර වනවිට ආර්ථිකය ඉදිරියට ගෙනයෑමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. රටේ ආර්ථිකය පණ ගැන්විය හැකි සහ ආයෝජන අවස්ථා රටට ගෙන්වාගත හැකි ආයතන පද්ධතියක අවශ්‍යතාවය ද…

Read More

බහුල රෝගී තත්වයක් වෙන කොලෙස්ටරෝල් ලෙස හඳුන්වන්නේ අප ගන්නා ආහාරවලින් හා අක්මාව මගින් නිපදවන මේද ද්‍රව්‍යයක්. ශරීරය නිරෝගීව පවත්වාගෙන යාම සඳහා යම් ප්‍රමාණයක කොලෙස්ටරෝල් ශරීරයට අවශ්‍ය වෙනවා. රුධිරය පරිවහනය කරන ප්‍රෝටීන් සමඟ සංයෝජනය වන මේවා මේද ප්‍රෝටීන් ලෙස හඳුන්වනවා. ඝනත්වයෙන් යුත් මේද ප්‍රෝටීන රුධිර නාලවල තැන්පත් වීමෙන් අහිතකර ප්‍රතිපල ශරීරයට ඇති කරනවා. රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය අධික වූ විට රුධිර නාළ තුළ කොලොස්රෝල් තැන්පත් වීමෙන් රුධිර නාළ සිහින් වී එම රුධිර නාළ මගින් රුධිරය සපයන අවයව වල රුධිර සැපයුම අඩු කරනවා. එමගින් මොළයට හෘදය වැනි ප්‍රධාන අවට රුධිර සැපයුම අඩු වෙන්න පුළුවන්. මේ තත්ත්වය හේතුවෙන් අඩු වයසින් හෘදයාබාධ ආඝාත තත්ත්වයට ඇතිවන්න…

Read More

Kandy Falcons vs Dambulla Aura Lanka Premier League 2022 T20 තරගාවලියේ Kandy Falcons කණ්ඩායම හා Dambulla Aura කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 77 ක ජයක් ලැබීමට Kandy Falcons කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් Kandy Falcons කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් දැවී ලකුණු 193 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී කමිඳු මෙන්ඩිස් ලකුණු 58 ක්, Andre Fletcher ලකුණු 44 ක්, අශේන් බණ්ඩාර ලකුණු 42 ක් හා පැතුම් නිස්සංක ලකුණු 26 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Dambulla Aura කණ්ඩායමට පන්දුවාර 15 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා…

Read More

රුසියාවේ දකුණු දෙසින් පිහිටි බ්‍රයැන්ස්ක් පළාතේ ක්ලින්ට්ස්කී නමැති නගරයට යුක්රේනයෙන් ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ නමුත් ප්‍රහාරයෙන් නගරයේ කිසිවකුටවත් අනතුරක් සිදුවී නැත. නිවාස සහ ගොඩනැගිලි කීපයකට හානි සිදුවුණු බව නගරාධිපතිවරයා පැහැදිලි කර ඇත. ක්ලින්ට්ස්කී නගරයේ 60,000 ක පිරිසක් ජීවත් වෙති. නගරය ඇත්තේ යුක්රේන දේශසීමාවේ සිට කිලෝ මීටර් 45 ක් පමණ දුරකින් බව ද පැවැසෙයි. යුක්රේන හමුදා මෙසේ රුසියාවේ ඉලක්කවලට පහර දෙන්නේ ඇමෙරිකාව, ප්‍රංශය සහ එක්සත් රාජධානියෙන් ආධාර ලෙස ලැබුණු අවිවලිනි. (NDTV) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

මෙවර පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් වටයේ පැවති පළමු තරගයෙන් ගෝල 03-00 ක් ලෙස ජය ගැනීමට ආජන්ටිනා කණ්ඩායම සමත් වුණා. ආජන්ටිනා කණ්ඩායම වෙනුවෙන් Lionel Messi හා Julián Álvarez ගෝල වාර්තා කිරීමට සමත් වුණා. ඒ අනුව ආජන්ටිනාව 06 වන වතාවට පාපන්දු ලෝක කුසලාන අවසන් තරඟයට සුදුසුකම් ලබාගත්තා. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More

සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර පළාතේත්, මුලතිවු සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ අනුව ඒ සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමට ද බලාපොරොත්තු වන බවත් ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ ඒකාබද්ධ යාන්ත්‍රණ කමිටු නියෝජිතයන් දැනුවත් කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළා. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්, Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය නිසා උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි මියගිය සත්වයින් සම්බන්ධයෙන් වන විමර්ශන වාර්තාව පේරාදෙණිය සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් කෘෂිකර්ම අමාත්‍යවරයාට ලබා දී තිබෙනවා. ඒ අනුව මෙම සතුන් මියයාමට හේතුව වසංගත තත්ත්වයක් නොව හුදෙක් අධික සීතල නිසා ඇති වූ කම්පන තත්ත්වය බවට සනාථ වී ඇති බවයි එම වාර්තාව මඟින් පෙන්වා දී තිබෙන්නේ. උතුරු නැගෙනහිර පළාත්වල සතුන් දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයට හුරුවී සිටින නිසා හදිසියේ සිදුවූ කාලගුණික වෙනස්කම් නිසා ඇති වූ අධික සීතලට එම සතුන්ට ඔරොත්තු දීමට අපහසු වන්නට ඇති බවයි සඳහන් වන්නේ. පසුගියදා උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි එළ ගවයින්, මී ගවයින් හා එළුවන් 1,660ක් පමණ…

Read More

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 76 වන වියේ පසු වුණා. 1946 වර්ෂයේදී උපත ලද නිහාල් නෙල්සන් මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ ගායන ශිල්පියෙකු මෙන්ම ගී පද රචකයෙකු සහ ගී තනු නිර්මාණකරුවෙකු ලෙස කටයුතු කර තිබෙනවා. එසේම ඔහු වැඩිම ගීත කැසට්පට සංඛ්‍යාවකට ගී ගැයූ ගායකයා ලෙසද වාර්තා අතරට එක්ව තිබෙන අතර ඔහු නමින් නිකුත් කර ඇති කැසට්පට සංඛ්‍යාව 113 ක් ලෙසයි සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Read More

කොල්ලුපිටියේ දී පසුගියදා මෝටර් රථ අනතුරකින් පසුව මෝටර් රථය දමා ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිටි කෝටිපති ව්‍යාපාරික සැකකරු ඊයේ (12) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි. සැකකරු ඊයේ රාත්‍රියේ 9.55 ට පමණ මෙරටට පැමිණ ඇති අතර. ඔහුට එරෙහිව පනවා තිබූ ගුවන් ගමන් තහනමට අනුව සැකකරුවන් තොටුපල බලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදාන දේවානම් පියතිස්ස මාවතේ පදිංචි පුද්ගලයෙකි. සැකකරු කොල්ලුපිටිය පොලිසියට බාර දී ඇත. සැකකරු පිරිසක් සමඟ මත්පැන් පානය කර මෝටර් රථයකින් ඉකුත් (10) කොල්ලුපිටිය ගමන් කරමින් සිටියදී රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව ත්‍රිරෝද රථයක ගැටී…

Read More