Author: Buzzer Editor

ඇමෙරිකාව හරහා ප්‍රචණ්ඩ හිම කුණාටුවක් හඹා ගියේය. හිම කුණාටුවට හසුවුණු තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. හිම කුණාටුව නැගෙනහිර ප්‍රාන්තවල සිට දකුණුදිග ප්‍රාන්ත තෙක් හමා ගිය බව එරට පුවත් සේවා පවසයි. මියගිය තිදෙනා අතරේ මවක සහ පුතෙකු ද සිටින බව පැවැසෙයි. ඒ, ඔවුන්ගේ ලුවිසියානා ප්‍රාන්තයේ නිවස කුණාටුවට හසුවීමෙනි. හිම කුණාටුව හේතුවෙන් කාලගුණ විද්‍යාඥයන් අනතුරු ඇඟවීමත් සමඟ පාසල් ද වසා දැමුණි. හිම කුණාටුවත් සමඟ ප්‍රධාන නගර රැසකින් දැඩි හිම පතනයක් ද වාර්තා විය. ගුවන් ගමන් 3,300 ක් අවලංගු කෙරුණි. අවලංගු කෙරුණු ගුවන් ගමන් ගණන 150 කට වැඩිය. නගර රැසක් අඩි 4 ක් හිමෙන් යටවී ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. නෙබ්‍රැස්කා, වයෝමින්, සවුත්…

Read More

දිවයිනේ උතුරු , උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්වයේ වර්ධනය වීමක් හෙට (17) දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

බොරැල්ල කනත්තේ සිය මෝටර් රථය තුළ දෙඅත් ගැටගසා ගෙල සිරකර දමාගොස් සිටිය දී හමු වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. බොරැල්ල කනත්තේ දමා ගොස් තිබීය දී ඔහු හමුවී තිබු අතර පසුව ඔහුගේ සේවකයෙකු විසින් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කිරීමට කටයුතු කර තිබුණා. මිය යන විට ඔහු 51 වැනි වියෙහි පසු වූ අතර සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Read More

නියමිත පරිදි ගල් අඟුරු ඇනවුම් නොලැබෙන්නේ නම් ලබන වසරේ මාර්තු මාසය වන විට දීර්ඝ විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇති බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. ඒ අනුව ලක්විජය බලාගාරයට ගල් අඟුරු නැව් 38 ක් පැමිණිය යුතු බවත් මේ වන තෙක් පැමිණ ඇත්තේ නැව් 5 ක් පමණක් බවයි විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න සඳහන් කරන්නේ. ඉතිරිව ඇත්තේ මාස 4 ක් පමණක් බවත් එම කාලය තුළ ගොඩබෑමට හැක්කේ නැව් 24 ක් පමණක් බවත් සියලුම නැව් 29 ක් ගොඩබාගත හැකි බවයි ඔහු සඳහන් කළේ. නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් දෛනික විදුලි අවශ්‍යතාවයෙන් 45% ක ප්‍රමාණයක් සපයන බවත් එයට අවශ්‍ය ගල් අඟුරු නොමැති වුවහොත් ජූලි මාසයේ…

Read More

Kandy Falcons vs Jaffna Kings Lanka Premier League 2022 T20 තරගාවලියේ Kandy Falcons කණ්ඩායම හා Jaffna Kings කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 10 ක ජයක් ලබා ගැනීමට Kandy Falcons කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් Kandy Falcons කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 161 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී Kandy Falcons කණ්ඩායම වෙනුවෙන් Fabian Allen ලකුණු 47 ක් හා Andre Fletcher ලකුණු 15 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Jaffna Kings කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු…

Read More

මෙවර පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් වටයේ පැවති දෙවන තරගයෙන් ගෝල 2-0 ක් ලෙස ජය ගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත් වුණා. ප්‍රංශ කණ්ඩායම වෙනුවෙන් Theo Hernández හා Randal Kolo Muani ගෝල වාර්තා කිරීමට සමත් වුණා. ඒ අනුව ප්‍රංශය 04 වන වතාවට පාපන්දු ලෝක කුසලානයක අවසන් තරඟයට සුදුසුකම් ලබාගත්තා. එළඹෙන ඉරිදා (18) මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගය ප්‍රංශය සහ ආජන්ටිනාව අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More

රුසියන් පාර්ලිමේන්තුව හෙවත් ක්‍රෙම්ලීනයේ, ‘එච්1එන්1’ හෙවත් ‘සූකර උණ’ ව්‍යාප්තියක් සිදුවෙමින් පවතින බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, බංකරයක සැඟවී සිය රාජකාරිවල නියැලෙන බවත් බ්‍රිතාන්‍යයේ ‘ද මෙට්‍රෝ’ පුවත් වෙබ් අඩවිය ඊයේ (14) වාර්තා කළේය. ‘එච්1එන්1’ හෙවත් ‘සූකර උණ’ වයිරස සැලකෙන්නේ ද ඉන්ෆුවෙන්සා වයිරස තත්ත්වයක් ලෙසය. සාමාන්‍යයෙන් නොවැම්බර් දෙසැම්බර් සහ ජනවාරි ශීත කාලයේ ඉන්ෆ්ලුවන්සා ව්‍යාප්තිය බහුලය. මේ වනවිට රුසියන් පාර්ලිමේන්තුවේ අමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් බොහෝ දෙනකුට වයිරසය ආසාදනය වී ඇතැයි රුසියන් සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇත. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

Pepsi® සිය SWAG සංකල්පය මූර්තිමත් කරමින් උත්සව නිවාඩුව සමරයි මෙවර නත්තල් උත්සවය සැමරීම වෙනුවෙන් විශේෂ ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කරමින්, Pepsi® නත්තල් උත්සව සමය ඉලක්ක කර ගත් සිය නවතම රූපවාහිනී දැන්වීම එළි දැක්වීම පසුගිය දා සිදු කෙරිණි. උත්සව සමයට සරිලන පානයක් ලෙසින්  Pepsi®  සතු ආකර්ෂණීය බව සහ නත්තලේ ප්‍රීතිමත් බව මනාව ගැබ් කොට නිර්මාණය කර ඇති මෙම නව දැන්වීම  මගින්  නත්තල සංකේතවත් කරන ප්‍රබලතම සන්නාමයක් වන නත්තල්සීයා සමඟ Pepsi® SWAG සංකල්පය බද්ධ කර ඇති අතර, මෙවර උත්සව සමය වෙනුවෙන් ම සුවිශේෂී වූ  PET බෝතලය හඳුන්වා දීමට ද විශේෂිත ය. සජීවී මෙම පෙප්සි දැන්වීම ආරම්භ වන්නේ සෑම දෙනාගේ ම ප්‍රියතම චරිතයක් වන…

Read More

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

මෙරට ජාතික පුෂ්පය මානෙල් මල ද, එසේ නොමැති නම් නිල් මානෙල් මල ද යන්න නිශ්චය කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා. පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පරිසර අමාත්‍ය නසීර් අහමඩ්ගේ සභාපතිත්වයෙන් පැවති අතර එහිදී මෙම කරුණු අනාවරණය වුණා. මෙය ජාතික වැදගත්කමකින් යුත් කරුණක් හේතුවෙන් කඩිනමින් ඒ පිළිබඳ නිශ්චිත තීරණයක් ලබා ගන්නා ලෙසයි එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

Read More