- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
- තාක්ෂණික දෝෂයක් නිසා එයාර් ඉන්දියා ගුවන්යානයක් නැවත හරවයි
- උසස් පෙළ විශිෂ්ටයින්ට ඇගයීමක්
- වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් වාහන විකිණිමට ටෙන්ඩර් කැඳවයි
- මෙය අවසාන IMF වැඩසටහන බවට පත්කර ගැනීම අපේක්ෂාවයි – ජනපති
- කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට
Author: Buzzer Editor
දේශීය ආදායම් මගින් 2017 අංක 24 (IRA) දරන දේශීය ආදායම් පනතට යෝජිත වෙනස්කම් ඇතුලත්ව 2022.12.09 දින පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද කාරක සභා අවස්ථා සංශෝධන සහිත දේශීය ආදායම් පනත් කෙටුම්පත සඳහා තවමත් ගරු කථානායකතුමා අත්සන් තබා නොමැත. කෙසේ වෙතත් වෙනත් ආකාරයකින් ප්‍රකාශ නොකළහොත්, වෙනස්කම් 2023 ජනවාරි 01 දින සිට බලපැවැත්වේ. Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණ කටයුතු සඳහා විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. ඒ අනුව විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමී පෙරේරා හා ශ්‍රී ලංකා පරිපාලන සේවා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරී සුනිල් සිරිසේන මෙම කමිටුව සඳහා පත්කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය 2023 වසරේ මැයි 20 වැනිදා පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
ජෝන් එෆ් කෙනඩි ඝාතනයට අදාළ ලිපිගොනු 13,173 අන්තර්ජාලය ඔස්සේ පළමු වතාවට මුදාහැර තිබේ. මෙම ලිපිගොනු නිදහස් කිරීමත් සමඟ කෙනඩි ඝාතනයට අදාළ ලිපිගොනු වලින් සියයට 97 නිදහස් කර ඇතැයි ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත. මෙම ලිපිගොනු මුදාහැරීමෙන් ඝාතනය පිළිබඳ විශේෂ කරුණක් අනාවරණය වෙතැයි අපේක්ෂා කළ නොහැකි නමුත් ඉතිහාසඥයින් මෙම ලිපිගොනු මගින් කෙනඩිගේ ඝාතනය පිළිබඳ අධ්‍යනය කිරීමට බලාපොරොත්තු වන බව පැවැසෙයි. 1963 නොවැම්බර් 22 වන දින ටෙක්සාස් හි ඩලස් නගරයේ සිදුකළ සංචරකදී කෙනඩි වෙඩි තබා ඝාතනය කෙරුණි. එම ඝාතනය අදාළ ලිපිගොනු 515 ක් මුදාහැර නොමැති අතර මුදාහරින ලද ලිපිගොනු අතරින් 2545 ක සම්පූර්ණ ලිපි ගොනුව නිදහස් කර නොමැත. රඳවා ගෙන ඇති ලිපිගොනු…
රුධිරය කැටිගැසීම අඩු කිරීමට ගන්නා ඇස්ප්‍රින් ඖෂධය මාස 04ක පමණ කාලයක් තිස්සේ මෙරට නොමැති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර කියා සිටියේ හෘද රෝගීන්ට, අංශභාගය සහිත රෝගීන්ට, දියවැඩියාව වැනි රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා එම ඖෂධ භාවිත කරන බවත් ඖෂධ නොමැති වීම නිසා එම රෝගීන්ගේ ජීවිත අවදානමකට පත්ව ඇති බවයි. රට තුළ පවතින ඖෂධ හිඟය තවදුරටත් පැවතියහොත් වළක්වාගත හැකි මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවටද එම සංගමය අනතුරු අඟවා සිටියා.
දිවයිනේ උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනය වීමක් අද දින සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවර, නුවර එළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් හට විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල නියෝගයක් නිකුත් කර තිබෙනවා. දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව බොරැල්ල පොලීසිය අද (16) අධිකරණයට කරුණු වාර්තා කරමින් කළ ඉල්ලීමකට අනුව එම නියෝගයදී ඇති බවයි සඳහන් වන්නේ.
උණ්ඩුක පුච්ජය යනු උදර කුහරයේ මහාන්ත්‍රය සමඟ සම්බන්ධ වන කුඩා මල්ලකි . එය උදරයේ දකුනු පස එහි දකින්නට ලැබේ . උණ්ඩුක පුච්චය අපගේ ශරීරය සඳහා කරන්නේ කුමක්ද යන්න පැහැදිලි නැත. එය විශේෂි අවයවයකි. ඇපෙන්ඩිසයිටිස් හෙවත් උණ්ඩුක පුච්ජ ප්‍රදාහය යනු කුමක්ද? එය උණ්ඩුක පුච්චය ආසාදන වීමයි. එය උදරයේ වේදනාවට හේතුවක් වේ. මෙයට අමතරව වමනය, ඔක්කාරය මල බද්ධය ,මුත්‍රා දැවිල්ල, බඩ එලිය යෑම වැනි රෝග ලක්ෂණ ද ඇතිවේ. උණ්ඩුක පුච්ජය ආසාදනයට නිශ්චිත හේතුවක් නැත. එය තුළ සිර වූ අසුචි නිසා ද සිදුවිය හැක. එවිට බැක්ටීරියා ක්ෂණිකව උණ්ඩුක පුච්ඡය තුළ වැඩිවේ. උණ්ඩුක පුච්ඡය තදින් ඉදිමී සැරව පිරී යයි. නිසි ප්‍රතිකාර නොලැබුණහොත් උන්ඩුක පුච්චය…
සත්‍ය වශයෙන්ම ක්‍රමයේ වෙනසක් අවශ්‍ය නම් එම වෙනස පටන්ගත යුත්තේ අධ්‍යාපනයෙන් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා. ඒ සඳහා සියලු වෘත්තීය සමිති, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ දෙමව්පියන් සියලු දෙනා එක්විය යුතු බවයි උත්සවයක් අමතමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය නිදහසින් පසු බරපතළ වෙනසකට ලක් නොකළ බවත් එහි ප්‍රතිඵල අද භුක්ති විඳීමට සිදුව ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
මෙරට ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය සම්බන්ධයෙන් ණය හිමියන් සමඟ 03 වන සාකච්ඡා වටය ඊයේ (15) පැවැත්වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. ඒ අනුව රජය හා ණය හිමියන් අතර තවදුරටත් තොරතුරු හුවමාරු කර ගැනීමට තීරණය කළ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කඩිනම් අවශ්‍යතාව හා ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියේ අවශ්‍යතාව ඔවුන්ට පැහැදිළි කළ බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
2023 පකිස්ථාන සුපර් ලීග් තරඟාවලිය සඳහා වන ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී ශ්‍රී ලංකික ක්‍රීඩකයින් දෙදෙනෙක් තෝරාගෙන තිබෙනවා. ඒ අනුව ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ වනිදු හසරංග Quetta Gladiators කණ්ඩායම විසින් තෝරාගෙන ඇති බවයි සඳහන් වන්නේ. එසේම භානුක රාජපක්ෂ Peshawar Zalmi කණ්ඩායම විසින් මිලදී ගැනීමට කටයුතු කර තිබෙනවා. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.