- රුසියානු – යුක්රේන යුද ගැටුමට පාස්කු සටන් විරාමයක්
- ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
- ලොව පුරා කිතුණු බැතිමතුන් අද පාස්කු දිනය සමරයි
- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
Author: Buzzer Editor
යුක්රේන ජනාපධිති ව්ලොද්මීර් සෙලෙන්ස්කී සහ යුක්රේනයේ සංචාරයකට පැමිණි ග්‍රීක අග්‍රාමාත්‍ය කිරියාකොස් මිට්සෝටාකිස් අසලට හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල විය. රොකට් පඟාරය එල්ල වූයේ අනපේක්ෂිතවය. ඒ වනවිට යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි, ග්‍රීක අග්‍රාමාත්‍යවරයා සහ ආරක්ෂක අංශ සාමාජිකයන් ද පිරිවරා ගනිමින්, යුක්රේනයේ ඔඩෙසා වරාය නගරයේ සංචාරයක නියැලෙමින් සිටියේය. මිසයිල ප්‍රහාරය ඔඩෙසා නගරයට එල්ල වෙද්දී, අනතුරු ඇගවීමේ නලා නාද වීමට පටන් ගත් අතර, ආරක්ෂක අංශ නිලධාරීන්, සෙලෙන්ස්කී සහ ග්‍රීක අග්‍රාමාත්‍යවරයා වහා ආරක්ෂිත ස්ථානයකට රැගෙන යෑමට කටයුතු කළේය. මිසයිල ප්‍රහාරය එල්ල වූයේ ඔවුන් සිටි තැනට මීටර් කීපයක් දුරිනි. යුක්රේන ජනාධිපතිවරයාට යුද්ධය අරුමයක් නොවුණත්, එම ත්‍රසජනක අත්දැකීම තමන්ට බියජනක එකක් වූ බව ග්‍රීක අග්‍රාමාත්‍යවරයා පසුව මාධ්‍ය හමුවේ…
ජාත්‍යන්තර කාන්තා දිනය අදට (මාර්තු 08) යෙදි තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් වාර්ෂික උත්සවයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබනවා. මීට අවුරුදු 100යකට එහා එනම් 1908 වසරේදි කාන්තාවන් පහළොස් දහසක් තමන් වැඩ කරන පැය ගණන කෙටි කරන ලෙසටත්, වඩා හොඳ වැටුප් දෙන ලෙසටත්, ඡන්ද අයිතිය දෙන ලෙසටත් ඉල්ලමින් නිව්යෝර්ක් නගරයේ පැවැත්වූ පාගමනක් හේතුවෙන් කාන්තා දිනය ඇරඹුණි. ඉන් වසරකට පසු ජාත්‍යන්තර කාන්තා දිනය ප්‍රකාශයට පත් කරන ලද්දේ ඇමරිකානු සමාජවාදී පක්ෂය විසිනි. 1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එය සමරනු ලැබීමත් සමග ඊට නිල පිළිගැනීමක් ලැබිණි. මෙවර කාන්තා දිනයේ තේමාව වන්නේ “ඇයට ශක්තිය – දැයට ප්‍රගතිය” යන්නයි. ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය…
නව විදුලි සබඳතාවක් ලබාගැනීමේදී අය කරගන්නා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ අවස්ථාව ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන්ට හිමිවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව සම්පූර්ණ මුදලින් 25% ක් පමණ ගෙවා ඉතිරිය වාරික 10 කින් හෝ 12 කින් ගෙවීමට අවස්ථාව ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ඒ සඳහා ලැබී ඇති බවත්, ඉදිරියේදී එය නිල වශයෙන් දැනුවත් කරනු ඇති බවයි අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක තමන් තම ප්‍රතිවාදියා වන ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන් සමඟ විවාදයකට සූදානම් යැයි එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. මේ වනවිට ඇමෙරිකාවේ මූලික ඡන්ද විමසුම්වලින්, ඇමෙරිකන් ජනාපධිතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ලෙස ඉදිරියට පැමිණ සිටින්නේ වත්මන් ජනපති බයිඩන් සහ හිටපු ජනපති ට්‍රම්ප්ය. නොවැම්බර් 5 වැනිදා ජනාධිපතිවරණයට පෙර, ප්‍රධාන අපේක්ෂකයන් අතරේ සජීවී විවාද පැවැත්වීම ඇමෙරිකන් දේශපාලනයේ සිදුවන්නකි. ‘මා සූදානම් ඩයිඩන් සමඟ වාද කරන්න. ඕනෑම වෙලාවක, ඕනෑම තැනක, ඕනෑම දවසක’ යැයි ට්‍රම්ප්, ඔහු විසින් පිහිටුවනු ලැබූ ‘ටෲත් සෝෂල්’ නමැති සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පවසා තිබේ. (AFP) තවත් විදෙස් තොරතුරු සඳහා…
ළමා ලිංගික අපයෝජන චෝදනාවන් සඳහා වරදකරුවන් වන පුද්ගලයින්ගේ නාමලේඛනයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. ළමා ලිංගික අපයෝජන වැරදිවලට වරදකරු වී, දඬුවම් විඳීමෙන් පසු ළමයින් සමග ගනුදෙනු කෙරෙන පරිශ්‍රයන්ට එන අයගෙන් සාපේක්ෂව ළමයින්ට අවදානමක් ඇති බවත්, ඒ නිසා එය සීමා කිරීමට හෝ වැළැක්වීමට ක්‍රමවේදයක් සැකසිය යුතු බවයි එම අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ සඳහන් කරන්නේ. අවුරුදු 18ට අඩු වයසේ පසුවන ගැහැනු දරුවන් දූෂණ සිද්ධීන් 2022 වර්ෂයේ දී 1,618 ක් වාර්තා වී ඇති අතර, මෙය 2023 වසර වෙන විට 1,639ක් ලෙස වාර්තා වන බවත්, ලිංගික අතවර සිදුවීම් ගත්විට 2022 වසරේ දී 1,232ක් ද, 2023 වසරේ…
ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය හදිසියේ අක්‍රිය වීමෙන්, එම සමාජ මාධ්‍ය හිමිකාරීත්වය දරණ මාර්ක් සකර්බර්ග්ගේ ‘මෙටා’ සමාගමට ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක ආදායමක් අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ලොව පුරා Facebook, messenger සහ Instagram සමාජ මාධ්‍ය හිටිහැටියේ අක්‍රිය වූයේ ඊයේ දිනයේය. ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය තුකම මේ අයුරින් එකවිට අක්‍රිය වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙයි. ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය බිඳ වැටීමෙන් පසු ‘මෙටා’ සමාගමේ කොටස් මිල ද සියයට 1.5 කින් පහත වැටී ඇතැයි ද පැවැසෙයි. මෙටා සමාගමේ මෙම බිඳ වැටීම සිදුවූයේ තාක්ෂණික දෝෂයක් නිසාය. පැය කීපයක් යද්දී දෝෂය නිවැරදි කිරීමට ‘මෙටා’ සමාගමේ…
නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට පෙර, එරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ ජනපති ධුර අපෙක්ෂකයන් සහ පක්ෂ නියෝජිතයන් ඉදිරිපත් වන ‘සුපර් ටියුස්ඬේ’ මූලික ඡන්ද විමසුම ආරම්භ වී ඇත. මෙම ඡන්ද විමසුමේ දී, නොවැම්බර් පැවැත්වෙන ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ගේ අපේක්ෂකත්ව ජය තහවුරු වූ අතර, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වය තහවුරු කර ගැනීමට සමත් වූයේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ය. ‘සුපර් ටියුස්ඬේ’ ඡන්ද ප්‍රතිඵල අනුව, රිපබ්ලිකන් පක්ෂයේ බහුතර කැමැත්ත ට්‍රම්ප් බව තහවුරු වීමෙන් පසු, ට්‍රම්ප්ට යම්තාක් දුරට අභියෝගයක් වූ නිකී හේලි අපේක්ෂකත්ව සටනින් ඉවත් වනු ඇතැයි පැවැසෙයි. ‘සුපර් ටියුස්ඬේ’ මූලික ඡන්ද විමසුම පැවැත්වෙන්නේ, ජනාධිපතිවරණය පැවැත්වෙන…
දේශපාලනික කටයුතු සඳහා පාසල් සහ පාසල් පරිශ්‍ර යොදාගැනීම අත්හිටුවීමේ බලය පළාත් ආණ්ඩුකාරවරුන්ට ලබාදීම සඳහා ගෙන ආ කැබිනට් යෝජනාවකට අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ. විවිධ දානපතියන් හා පරිත්‍යාගශීලීන් විසින් විශාල පරිත්‍යාගයන් ලංකාවේ පාසල් පද්ධතියට සිදුකර ඇති බවත්, විවිධ ආධාර සිදුකරන මුවාවෙන් දේශපාලන රැස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවවලින් ඉදිරිපත් වූ යෝජනා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
බොලිවුඞ් සුපිරි තරුව, දීපිකා පදුකෝන් ඇගේ පළමු දරුප්‍රසූතියට සූදානම් වෙයි. දීපිකා විවාහ වී සිටින්නේ ද ජනප්‍රිය බොලිවුඞ් රංගන ශිල්පී රන්වීර් සිං සමඟය. තමන් තම පළමු දරුවා බලාපොරොත්තුවෙන් සිටින බව, දීපිකා සහ රන්වීර් සිං ඔවුන්ගේ ඉන්ටග්‍රෑම් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබේ. සැප්තැම්බර් මාසයේ දරු ප්‍රසූතිය සිදුවුනු ඇතැයි ද පැවැසෙයි. (NDTV) Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව සංශෝධනය වූ මිල සහ නව මිල පහතින්. මිල අඩු වූ ඉන්ධන: නොවෙනස්ව පවතින මිල : ලංකා IOC සහ Sinopec යන සමාගම්වල ඉන්ධන මිල ගණන්ද අද (05) සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ගණන්වලට සමාන වන අයුරින් සංශෝධනය කර තිබෙනවා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.