- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
- 2028 ඔලිම්පික් උළෙලේදී ක්‍රිකට් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණය මෙන්න
- ගම්පහ වෙඩිතැබීමේ තවත් තොරතුරු රැසක් හෙළි වෙයි
- සූර්ය පැනල විසන්ධි කිරීම ගැන නවතම නිවේදනයක්
Author: Buzzer Editor
ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) ඵලදායී අයුරින් යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බලා නිර්දේශ ලබා දීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී පිළිගැන්වීය. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම අනුකමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ටිරාන් අලස් සහ නලීන් ප්‍රනාන්දු අමාත්‍යවරු කටයුතු කළහ. ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය ඵලදායී අයුරින් යොදා ගැනීම සම්බන්ධයෙන් වන ප්‍රධාන නිර්දේශ, වැදගත්කම සහ කඩිනම් මැදිහත්වීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන ප්‍රධාන නිර්දේශ 7කින් සමන්විතව මෙම වාර්තාව සකස් කර තිබේ. (Lankadeepa) Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
පෙන්සිල්වේනියාවේ ජනරැළිය අමතමින් සිටිද්දී, රිපබ්ලිකන් අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හට වෙඩි ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන්, ‘සීක්‍රට් සර්විස්’ ඇමෙරිකන් ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානී කිම්බර්ලි චීට්ල් කොංග්‍රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුව) විශේෂ විමර්ශන කමිටුවක් හමුවේ කරුණු පැහැදිලි කළාය. එහිදී ‘සීක්‍රට් සර්විස්’ ඇමෙරිකන් ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානී කිම්බර්ලි චීට්ල් පැහැදිලි කළේ ට්‍රම්ප්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා නොදීම සම්බන්ධයෙන් පූර්ණ වගකීම තමන් බාර ගන්නා බවය. ට්‍රම්පට එල්ල වුණු එම වෙඩි ප්‍රහාරය දශක ගණනකට පසු සීක්‍රට් සර්විස් ජනපති ආරක්ෂක අංශයේ අසාර්ථකත්වය පිළිබිඹු කිරීමක් බව ද කිම්බර්ලි චීට්ල් වැඩි දුරටත් පෙන්වා දුන්නාය. (AFP) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් විස්සයි විස්ස ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට හිමිව තිබෙනවා. කුසල් ජනිරේරා, දිනේෂ් චන්දිමාල්, බිනුර ප්‍රනාන්දු හා නවක නැගී එන ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ ද සංචිතය සඳහා කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
ඉන්දියාවේ ජනප්‍රිය නළුවකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු ද වන ක්‍රිෂණ් කුමාර්ගේ තරුණ දියණිය, ටීෂා කුමාර් දිවි ගමනට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 20 හැවිරිදි වියෙහි පසුවුණු ටීෂා කුමාර් දිගු කාලයක් තිස්සේ පිළිකා රෝගයකින් පීඩා විදි තැනැත්තියකි. ටීෂා කුමාර්, ඉන්දියාවේ විශාලතම සංගීත චිත්‍රාගාරය ලෙස සැලකෙන ‘ටී සීරීස් ‘ සභාපති භූෂන් කුමාර්ගේ ඥාති සොහොයුරිය ද වූවාය. පිළිකා රෝගී තත්ත්වය උත්සන්න වී ටීෂා ප්‍රතිකාර ලබමින් සිටියේ ජර්මනියේය. ඇය දිවියෙන් සමුගත්තේ පසුගිය 18 වැනිදා යැයි හින්දුස්ථානි ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත. (NDTV) Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.
ජනාධිපති සටනින්, වත්මන් ජනාධිපති ජෝ බයිඩන් ඉවත් වී, වෙනත් සුදුස්සකු ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි තමන් විශ්වාස කරන බව හිටපු ජනාධිපති බැරැක් ඔබාමා පවසයි. බැරැක් ඔබාමා ඇමෙරිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයාය. ඔබාමා ජනාධිපති ධුරය හෙබවූයේ 2009 සිට 2017 තෙක් කාලයේය. එම කාලයේ ඔබාමා සිය දෙවැනියා මෙන්ම උප ජනාධිපතිවරයා ලෙස ද තෝරා ගත්තේ ජෝ බයිඩන්ය. ජෝ බයිඩන් පළමු වරට 2021 දී ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වෙද්දී, ඔහුට සහාය පළ කළේ ඔබාමාය. කෙසේ නමුත්, එලැඹෙන නොවැම්බර් 5 පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවිය යැයි ඩිමොක්‍රටික් පක්ෂයේ වැඩි දෙනකුගේ විශ්වාසය වී ඇති අතර, ඔබාමා ද ප්‍රසිද්ධියේ පවසා ඇත්තේ බයිඩන් ජනාධිපති…
එළඹෙන 2024 ජනාධිපතිවරණය සඳහා මැතිවරණ වියදම් නියාමන පනත අනිවාර්යයෙන්ම යොදා ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව මෙම පනත ජනමත විචාරණයකට හැර පැවැත්වීමට නියමිත සෑම මැතිවරණයකටම යොදා ගන්නා බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
ආගමන විගමන දෙපාර්තමේන්තුව මහජනතාවගේ පහසුව සඳහා විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීමට නව ක්‍රමවේදයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීමේ නව ක්‍රමය අද (ජුලි 17) සිට ආරම්භ වන පරිදි ක්‍රියාත්මක කර ඇති බවයි. විදෙස් ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කරන අයට https://www.immigration.gov.lk වෙබ් අඩවිය හරහා පූර්ව ලියාපදිංචිය සිදු කරගන්නා ලෙස ඉල්ලා ඇත. ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ ලියාපදිංචියෙන් පසු විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ අවස්ථාව ප්‍රමුඛතා පදනම මත ලැබෙන අතර එය සාමාන්‍ය සහ එක්දින සේවා සඳහා ලබා ගත හැකි බවයි. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
සඳ අභ්‍යන්තරය දක්වා විහිදෙන ගුහාවක් එසේත් නැතිනම් ලෙනක් පළමු වරට සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී තිබේ. මේ ලෙන මීටර් 100 ක් පමණ ගැඹුරු යැයි ද පැවැසෙයි. මෙම ලෙන සොයා ගැනීම, වැදගත් වෙන්නේ, අනාගතයේ දිනෙක, සඳේ ගගනගාමීන් පදිංචි කරද්දී, සඳ මතුපිටට වඩා සඳ අභ්‍යන්තරයේ ස්ථිර ජනාවාස පිහිටුවීමට මෙම ලෙන යොදා ගැනීමට හැකිවේවි යැයි විද්‍යාඥයන් විශ්වාස කරන බැවිනි. විද්‍යාඥයන් පවසන්නේ, සඳේ අභ්‍යන්තරය දක්වා විහිදෙන මෙවැනි තවත් ලෙන් සිය ගණනක් තිබීමට ඉඩ ඇති බවය. සොයා නොගත් මෙම ලෙන් තුළ ද ජනාවාස ඉදි කිරීම මගින්, සඳේ පදිංචියට යන පිරිස විකිරණවලින් සහ අයහපත් අභ්‍යවකාශ කාලගුණ තත්ත්වයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට හැකි වනු ඇත. ඉතාලියේ ටේරන්ටා් විශ්ව…
කුරුඳු, තේ හා පොල් යන වැවිලි බෝගවලට භාවිතා කරන පොහොර සඳහා මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය පොහොර සමාගමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන පොහොර වර්ග 5ක මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි අද දින සිට රුපියල් 1500 සිට රුපියල් 2000 දක්වා වූ මුදලකින් අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. (එසැණ) Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමාලෝචනය කිරීම පිණිස ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නව ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රය 2024-04-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගන්නා ලද අතර එහිදී අදාල සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර අවශ්‍ය සංශෝධන ඇතුළත් කරමින් නව ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රය ඉදිරිපත් කිරීමට නියම කර තිබූ බවයි සඳහන් වෙන්නේ. ඒ අනුව සකස් කරනු ලැබ ඇති සංශෝධිත ජල ගාස්තු ප්‍රතිපත්තිය සහ සංශෝධිත ජල ගාස්තු සූත්‍රය 2025 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීම පිණිස ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත…