Author: Buzzer Editor

නැගෙනහිර, ඌව, දකුණ, සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස්කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

“ඉන්දීය රුපියල්” යොදාගෙන ගනුදෙනු කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදෙමින් මෙරට “වොස්ට්‍රෝ” නම් ගිණුම් විවෘත කිරීම සඳහා ඉන්දීය මහ බැංකුවේ අනුමැතිය හිමිව තිබෙනවා. මෙම පහසුකම මඟින් ඉදිරියේ දී අමෙරිකානු ඩොලරය වෙනුවට ඉන්දීය රුපියල යොදාගෙන ගනුදෙනු කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇති බවයි සඳහන් වන්නේ. ඉන්දීය රිසව් බැංකුව විසින් පසුගිය ජූලි මාසයේ දී මෙම ක්‍රමවේදය හඳුන්වා දුන් අතර ශ්‍රි ලංකාවට අමතරව රුසියාව සහ මුරුසිය ටද එම අනුමැතිය හිමිව තිබෙනවා. Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

Read More

දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමඟ කටයුතු කිරිමේ දී සියලු රටවල් සමඟ මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ලෝක බලවතුන්ගේ අරගලවලදී එක් පිළකට බෙදී වෙන් නොවී, සියලු රටවල් සමඟ මිත්‍රශීලිව කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ යහපත් තලයකට ඔසවා තැබිය හැකි බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

චිකන් එසේත් නැත්නම් කුකුල් මස් කියන්නේ කෑම වේල රසවත් කරන්න නැතුවම බැරි අංගයක්. අපේ ගෘහණියන් බොහෝ විට චිකන් සකසන්නේ ව්‍යාංජනයක් ලෙසයි. හැබැයි කටට රසට උයන්න පිහන්න කැමති ගෘහණියන් නම් චිකන් වලින් විවිධ කෑම වර්ග සකසා කෑම මේසය සරසන්නට දක්වන්නේ දැඩි කැමැත්තක්. මෙසේ චිකන් යොදාගනිමින් කෑමවේල රසවත් කරන්න කැමති ගෘහණියන්ට රසවත් බියර් බේක්ඩ් චිකන් නිවසේදීම පිළියෙල කරගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කරන්නටයි මේ සූදානම. බලන්න එය කෙතරම් රසවත් ආහාරයක් ද කියලා. පිළියෙල කර ගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය; පිළියෙල කරගන්නා ආකාරය මුලින්ම කුකුල් මස් සෝදා පිරිසිදු කර එයට ලුණු, ගම්මිරිස් කුඩු සහ මිරිස් කුඩු එකතු කර කලවම් කර මිනිත්තු දෙකක් පමණ පදම් වීමට…

Read More

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තුන්වන ස්ථානය සඳහා ක්‍රොඒෂියා කණ්ඩායම හා මොරොක්කෝ කණ්ඩායම අතර පැවති තරගයෙන් ගෝල 02-01 ක් ලෙස ජය ගැනීමට ක්‍රොඒෂියා කණ්ඩායම සමත් වුණා. එහිදී ක්‍රොඒෂියා කණ්ඩායම වෙනුවෙන් 7 වන හා 42 වන මිනිත්තුවලදී oško Gvardiol හා Mislav Oršić ගෝල වාර්තා කිරීමට සමත් වුණා. ඒ අනුව මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තුන්වන ස්ථානය දිනා ගැනීමට ක්‍රොඒෂියා කණ්ඩායම සමත් වුණා. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More

ජොර්දානයේ ඉන්ධන මිල ඉහළ යෑම මූලික කරගෙන පැවැත්වූ විරෝධතාවයක් අතරතුර දී ඇති වූ ගැටුමකින් පොලිස් නිලධාරියෙකු මිය යෑමත් සමඟ ජොර්දානයේ TikTok සමාජ මාධ්‍ය වෙත තාවකාලික තහනම් පැනවීමට එර‍ට මහජන ආරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා. එම ගැටුම් අවස්ථාවේ වීඩියෝ දර්ශනයන් TikTok සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත්, එමඟින් ප්‍රචණ්ඩත්වය සහ කලහකාරී හැසිරීම් සඳහා උත්තේජනයක් ලබාදෙන බවත් පවසමින් මෙම තහනම පනවා ඇති බවයි වාර්තා වන්නේ. තහනම ‍කෙතරම් කාලයක් ක්‍රියාත්මක වනවාද යන්න පිළිබඳව දැනුම් දීමක් කර නැහැ. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස්කාලයෙදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

අද (17) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

Read More

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 09 දෙනෙකුට එරෙහි පූර්ව නඩු විභාගය සඳහා දින නියම වී තිබෙනවා. ඒ අනුව ලබන වසරේ මාර්තු 21 වනදා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ දී එම නඩුව කැඳවීමට නියමිතයි. 2015 පෙබරවාරි 27 වැනි දා පැවති මහා බැංකු බැඳුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් මිලියන 688 ක අලාභයක් සිදු කිරීම ඇතුළු අධිචෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.

Read More

කුඩා කල පටන් වැඩිහිටිවිය දක්වා ජීවිතයේ අත්විදින සුන්දර මතකයන් මෙන්ම වේදනාකාරී අත්දැකීම් ද අපි හැමෝගෙම මතකයන් වල ගැබ් වෙලා තියෙනවා. ඉතින් ඒ මතකය අළුත් වැඩියා කර ගන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ එය කරනවද ? විද්‍යා ප්‍රබන්ධයක් වගේ ඇහුනත් ඇත්තටම අයහපත් මතකයන් ඉවත් කරලා ඒ වෙනුවට හොඳ මතකයන් තැන්පත් කළ හැකිදැයි සෙවීමට විශේෂඥයින් සාර්ථක පරීක්ෂණ ගණනාවක් මේ වෙනකොට සිදු කරලා තිබෙනවා. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ මේවායින් ලබා ගන්නා ප්‍රතිඵල අල්ශයිමර්ස් ස්නායු රෝගී තත්ත්වයෙන් පෙලෙන්නන්ටද Post – traumatic stress disorder නමින් හඳුන්වන විවිධ කම්පන නිසා මානසික රෝගී තත්ත්ව ඇති වී තිබෙන රෝගීන්ට ද ප්‍රයෝජනයක් වීමට සැලැස්වීමයි. මීයන් යොදාගෙන තමයි දැනට මේ පරීක්ෂණය සිදුකර තිබෙන්නේ.…

Read More