- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
- ඉරානයේ රාජ්‍ය ප්රවෘත්ති නාලිකාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
- ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
- රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි
- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
Author: Buzzer Editor
යටත් විජිත සමයේ, සිදුවුණු අපරාධ සම්බන්ධයෙන්, නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාක් රූට් සමාව ඉල්ලීමක් කළේය. නෙදර්ලන්තය හෙවත් ඕලන්දය වනුවෙන් හැඳින්වෙන්නේ ලන්දේසීන්ය. වසර 250 ක කාලයක් තිස්සේ ලන්දේසීන් වහල් සේවයේ යෙදීම, ‘මනුෂ්‍යත්වයට එරෙහිව කළ අපරාධයක්’ ලෙස තමන් සලකන බව ද සමාව ඉල්ලමින් නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. නෙදර්ලන්ත රජය මෙසේ නිල වශයෙන් සමාව ඉල්ලීමක් කළේ යුරෝපා රටවල යටත් විජිත සහ වහල්භාවය අවසන් වී වසර 150 ක් ගතවීමෙන් පසුව යැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ. ලන්දේසීන් ඔවුන් විසින් යටත් විජිත කරගත් රටවල 6,00,000 කට වැඩි පිරිසක් වහලුන් ලෙස තබා ගත්තේය. නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රූට්, ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේ හේග් අගනුවර නෙදර්ලන්ත ජාතික ලේඛනාගාරයේ…
ඊසාන දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්…
ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙස හිමාලි සුභාෂිනී ද සිල්වා අරුණතිලක පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලබා දී තිබෙනවා. එසේම ප්‍රංශයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සහ යුනෙස්කෝ සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිතවරිය ලෙස නිරෝෂනී මනීෂා ඩයස් අබේවික්‍රම ගුණසේකර පත් කිරීම සඳහා අනුමැතිය ලැබුණු බවයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක සඳහන් කළේ. ජර්මනියේ නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස ලංකා වරුණි මුතුකුමාරණ, ජෝර්දානයේ නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස ප්‍රියංගිකා විජේගුණසේකර හා වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති ලෙස සජීව උමංග මෙන්ඩිස් පත් කිරිමටත් පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලබාදී තිබෙනවා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන්…
එළඹෙන වසරේ ගෝලීය ආහාර අර්බුදයකට මුහුණදීමට සිදුවන බවට ලෝක ආහාර වැඩසටහන සඳහන් කළ ද, ඊට මුහුණදීමට ශ්‍රී ලංකාව සැලසුම් සහගත වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. 2023 වසර සඳහා මෙරට සහල් අවශ්‍යතාව රට තුළම නිෂ්පාදනය කර ගැනීමට ද හැකියාව පවතින බව අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා. එසේම අනෙකුත් බෝග වගාවන් සඳහා ගොවීන් දිරිගන්වමින් කටයුතු කරන බවත් මේ සඳහා සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
2022 CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේ දී ‘සමස්ත රන් සම්මානය’ දිනා ගැනීමට සමත් වූ DIMO සමාගම එම සම්මාන උලෙළේ දී ම ‘විශිෂ්ට ඒකාබද්ධ වාර්තා පහ’ සඳහා, ‘ඒකාබද්ධ චින්තනය’ සඳහා මෙන් ම 2021/2022 වාර්ෂික වාර්තාව සඳහා ‘හොඳම සංක්ෂිප්ත ඒකාබද්ධ වාර්තාවට’ ද හිමි විශේෂ සම්මාන දිනා ගැනීමට සමත් විය. ‘ශ්‍රී ලංකාව අවස්ථාවන්ගෙන් පිරී ඇත’ යන තේමාව මුල් කර ගනිමින් සැකසුණු, DIMO හි 2021/2022 වාර්ෂික වාර්තාව එම සමාගම් සමූහයේ අනාගත සාර්ථකත්වය සඳහා ඇති අවස්ථා ග්‍රහණය කර ගනිමින් නිර්මාණය වී ඇත. සමාගමේ ඒකාබද්ධ වාර්තාකරණයේ සාර්ථකත්වය පිළිබඳ ව සිය අදහස් දැක්වූ DIMO අධ්‍යක්ෂ / ප්‍රධාන මුල්‍ය නිලධාරී සුරේෂ් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ, “මුල්‍ය වාර්තාකරණයට…
මේ ලිපිය හරහා බලාපොරොත්තු වෙන්නේ රුසියාවේ මොස්කව් අගනගරය පිළිබඳ තොරතුරු රැසක් ඔබට ඉදිරිපත් කිරීමට. රුසියාව කියන්නේ ලොව විශාලතම රටයි. ලෝක භූමි ප්‍රමාණයෙන් රැසියාව අත්පත් කරගෙන තියෙන්නේ 10% ක ප්‍රමාණයක්. මොස්කව් නගරයේ විශාලත්වය නිසාම එය සංචාරයත් තරමක් දුෂ්කර වෙනවා. ඉතා විශාල නගරයක් වන මෙය ඉතාම දර්ශනීයයි. තෘප්තිමත් මානසිකත්වයක් ලබාදෙන මෙම සංචාරය ශාරීරිකව නම් දැඩි වෙහෙසකර කාර්යයක් වෙනවා. ඒ නැරඹිය යුතු හා අධ්‍යයනය කළ යුතු දෑ බොහෝ පවතින නිසයි. සංචාරකයෙකු රතු චතුරශ්‍රය හෝ ක්‍රෙම්ලිනය නැරඹූ පමණින් නගරය පිළිබඳ පූර්ණ චිත්‍රයක් මනසේ මවා ගැනීම අපහසු වෙනවා මන්ද ඒ සඳහා නගර වැසියන් සමඟ සම්මුඛ වීමත් කළ යුතු වෙනවා. වෙනත් වචනයකින් කිවහොත් මාර්ගඋපදේශනයකින් තොරව ලැබිය…
පාසල් දරුවන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට දෙසැම්බර් 23 සහ 24 අවස්ථාව ලබාදෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව 23 වන දින පාසල් දරුවන්ට සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී ඇති අතර එදිනට ‘පාසල් දරුවෝ පරිසර නියමුවෝ’ යන තේමාව යටතේ එම දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් ද සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ. එසේම 24 වන දින වයස අවුරුදු 60 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සත්වෝද්‍යානය නොමිලේ නැරඹීම සඳහා අවස්ථාව ලබා දි ඇති බවයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපතිවරයා ලෙස රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව පත්කර තිබෙනවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ පත්කිරීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව, හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නව නාවික හමුදාධිපති වෙත සම්ප්‍රදායානුකූලව නාවික හමුදාධිපති ගේ අසිපත පිරිනැමීම සහ රාජකාරී භාරදීම නාවික හමුදා මූලස්ථානයේදී සිදුකර තිබෙනවා.
2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම සමත් වුණා. ප්‍රංශ කණ්ඩායම හා ආර්ජන්ටිනා කණ්ඩායම අතර ඊයේ FIFA අවසන් මහා තරගය පැවැත්වුණා. තරගයේ 23 වන මිනිත්තුවේදී ආජන්ටිනා කණ්ඩායම දඬුවම් පහරක් හිමිවූ අතර එම දඬුවම් පහර සාර්ථක කර ගැනීමට Lionel Messi සමත් වූ අතර තරගයේ 36 වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කිරීමට Ángel Di María සමත් වුණා. තරගයේ දෙවන අර්ධයේදී ප්‍රංශ කණ්ඩායමට දඬුවම් පහරක් හිමිවූ අතර එම දඬුවම් පහර සාර්ථක කර ගැනීමට Kylian Mbappé සමත් වු අතර යළිත් ප්‍රංශ කණ්ඩායම 81 වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළ අතර එම ගෝලය ප්‍රංශ කණ්ඩායම වෙනුවෙන් Kylian Mbappé ලබා ගත්තා. ඒ අනුව කණ්ඩායම…
ලෝක විවාහක රූ රැජින කිරුළ වසර 21 කට පසු ඉන්දියාවට හිමිවිය. ඒ 2022 වසරේ ලෝක විවාහක රූ රැජින ලෙස ඉන්දියානු සුරූපිනී සර්ගාම් කෝෂාල් කිරුළු පැලඳීමත් සමඟය. 2022 වසරේ ලෝක විවාහක රූ රැජින තරගාවලිය ඇමෙරිකාවේ ලාස් වේගාස්හිදී පැවැත්විණි. තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළේ ඌෂි පෙරේරා ය. ඇයට අවසන් තරඟකරුවන් 16 අතරට පැමිණීමට සමත් වූවාය. 2022 ලෝක රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය පොලිනීෂියානු සුරූපිනියටත් තෙවැනි ස්ථානය කැනඩා සුරූපිනියටත් හිමිවිය. (ඉන්දීය මාධ්‍ය ඇසුරිනි) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.