- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
- ඉරානයේ රාජ්‍ය ප්රවෘත්ති නාලිකාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
- ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
- රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි
- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
Author: Buzzer Editor
මෙවර 2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරඟයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට Colombo Stars කණ්ඩායම සමත් වුණා. ඒ අනුව Kandy Falcons කණ්ඩායම සමඟ පැවති තරගය Colombo Stars කණ්ඩායම කඩුලු 6 ක ජයකින් ජය ගැනීමත් සමඟ ඔවුන් අවසන් මහා තරගයට තේරී පත් වුණා. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය Colombo Stars කණ්ඩායම හා Jaffna Kings කණ්ඩායම අතර අද (23) රාත්‍රී 7.30 ට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
ඇමෙරිකාවේ නිල සංචාරයකට පැමිණි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර හමුව ධවල මන්දිරයේදී පැවැත්විණි. විශේෂ ආරක්ෂාවක් යටතේ ධවල මන්දිරයට ආ යුක්රේන ජනාධිපතිවරයා මහත් හරසරින් පිළිගැනීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් කටයුතු කළේය. රුසියන් ආක්‍රමණය හමුවේ ඇමෙරිකාව දිගින් දිගටම යුක්රේනයට සහාය දැක්වීම සම්බන්ධයෙන්, යුක්රේන ජනාධිපතිවරයා ඇමෙරිකන් ජනාධිපති බයිඩන්ට ස්තුති කළා පමණක් නොව, යුක්රේනය වෙනුවෙන් වීර පදක්කමක් ද බයිඩන්ට පිරිනැමීමට සෙලෙන්ස්කී කටයුතු කළේය. (AFP) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලය සිට කි.මී.370 ඊසාන දෙසින් ස්ථානගතව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුල ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් ඇති අතර ඒ හේතුවෙන් දෙසැම්බර් මස 24 සහ 25 යන දිනයන්හිදී දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. උතුරු, නැගෙනහිර, බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50)ක පමණ…
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකාව ගෝලීය අගයදාමයන් සමඟ සම්බන්ධ කෙරෙන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් (ITO) මෙරට පිහිටුවීමට කටයුතු කර තිබෙනවා. ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ ආයතන වෙන් වෙන්ව ගනු ලබන ප්‍රවේශයන්හි අඩුපාඩු මඟහරවාලමින් එම කටයුතු වඩා කාර්යක්ෂම සහ විධිමත් කර ගැනීම වෙනුවෙන් මෙම නව කාර්යාලය ස්ථාපනය කෙරෙන අතර අදාළ සියලු ආයතන සම්බන්ධීකරණය කර ගනිමින් ජාත්‍යන්තර වෙළෙඳ අංශයන්හි උපරිම දායකත්වය රටේ ආර්ථිකයට ලබාදීම මෙමගින් සිදු කිරීමට නියමිතයි. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
එළැඹෙන නත්තල් සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර 08ක් ධාවනය එක් කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ඒ. ඩී. ජී සෙනෙවිරත්න පවසනවා. ඒ අනුව අද (23) පටන් සාමාන්‍ය දුරගමන් සේවා දුම්රියන්ට අමතරව කොළඹ කොටුව සිට බදුල්ල සහ කන්කසන්තුරය දක්වා යෑමට සහ ඒමට මෙලෙස විශේෂ දුම්රියන් ධාවනයට එක්කිරීමට නියමිතයි. අදාළ දුම්රිය කාල සටහන පහතින්.
ඇෆ්ගන් කාන්තා විශ්ව විද්‍යාල වසා දමා, ඇෆ්ගන් කාන්තාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද තහනම් කිරීමට එරට තලේබාන් පාලකයෝ තීරණය කළහ. කාන්තා විශ්ව විද්‍යාල වසා දමන බවත්, කාන්තාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය තහනම් බවත් නිවේදනය කළේ ඇෆ්ගන් තලේබාන් රජයේ උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යවරයාය. ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටත්ව ගියේ පසුගිය 2021 වසරේ අගෝස්තු මාසයේය. ඒ සමඟම තලේබාන්වරුන් රටේ බලය යළි අල්ලා ගනිමින් රජයක් පිහිටුවීය. මේ වනවිට තලේබාන්වරුන් ඔවුන්ට ආවේණික වූ දලදඬු ෂරියා නීතිය සම්පූර්ණයෙන් ම ක්‍රියාවට නංවා ඇත. තලේබාන්වරුන්ගේ නීති අනුව එරට ද්විතීක බාලිකා අධ්‍යාපනය පවා තහනම්ය. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක් පත්කර තිබෙනවා. ඒ අනුව දිනේෂ් වීරක්කොඩි ඒ සඳහා පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ආචාර්ය දුෂ්නි වීරකෝන්, චාන්දනී විජේවර්ධන සහ එරාජ් ද සිල්වා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස පත් කර ඇති බවයි සඳහන් වන්නේ.
දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ උතුරු, උතුරු-මැද, වයඹ සහ ඌව පළාත්වල අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. උතුරු, නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම…
ගල් අඟුරු තොග කඩිනමික් ගෙන්වා ගැනීමට නොහැකි වූවොත් ජනවාරි මාසය වන විට විදුලි කප්පාදුව තවදුරටත් ඉහළයාමේ හැකියාවක් පවතින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා. ඔහු පවසන්නේ ලබන වසර සඳහා ගල් අඟුරු නෞකා 38ක් ගෙන්වා ගැනීමට අවශ්‍ය වුවද මේ දක්වා මෙරටට පැමිණ ඇත්තේ ගල් අඟුරු නෞකා 06ක් පමණක් බවයි. ඒ අනුව ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසයේ 15 වනදා වෙනතුරු පමණක් ගල් අඟුරු ගෙන්විය හැකි බවත් එසේ වුවත් නැව් 20 කට වඩා ගෙන්විය නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. ලබන වසර තුළ අනිවාර්යෙන්ම ගල්අඟුරු අවශ්‍ය සංචිත ප්‍රමාණය නැතිවීමේ අවදානමකට ලක්ව ඇති බවත් ගල් අඟුරු නැති වුවහොත් මෙම වසරේ ජනවාරි මාසයේ තිබුණා…
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව නොවැම්බර් මාසයේ මෙරට උද්ධමනය පසුගිය ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව අඩුවී තිබෙනවා. ඒ අනුව පසුගිය ඔක්තෝම්බර් මාසයේ 70.6% ක් වූ මෙරට උද්ධමනය නොවැම්බර් මාසයේ 65% ක් දක්වා පහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එසේම ඔක්තෝම්බර් මාසයේ 80.9% ක් ලෙස වාර්තා වු මෙරට ආහාර උද්ධමනය නොවැම්බර් මාසයේදී 69.8%ක් දක්වා පහළගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. අදාළ වාර්තාව පහතින්, Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.