Author: Buzzer Editor

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකළහොත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පනවන බවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව පන්දු නිලවරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන බාහිර මැදිහත්වීම් පිළිබඳව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය දැඩි විරෝධ්‍ය පළ කරන බවයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රධාන සාමාජික සංගම් නිලධාරි කෙනි ජීන් මාරි විසින් යොමු කළ මෙම ලිපියේ දැක්වෙන්නේ. 2022 සැප්තැම්බර් 22 සම්මත කර ගත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට සහ කාලරාමුවට අනුකූලව පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්විය යුතු බවත් ඒ සඳහා ලබන වසරේ…

Read More

දැනට පවතින පොලිස් ආඥා පනතෙහි අඩු පාඩු හදුනා ගෙන එය වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම පිළිබදව සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ මහජන ආරක්ෂක ටිරාන් අලස්ගෙන් ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා. එහිදී පොලිස් ආඥා පනතෙහි අඩු පාඩු හදුනා ගැනීම සදහා පොලිස් දෙපාර්තමේන්තුව විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටු තුනක් පත් කර ඇති අතර, එම කමිටු විසින් ලබා දෙන නිර්දේශ හා 2017 වසරේ දී පොලිස් ආඥා පනත සංශෝධනය කිරීම සදහා සකස් කළ කෙටුම්පත ද සැළකිල්ලට ගනිමින් නව පනත් කෙටුම්පත සකස් කිරීමට නියමිතයි. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

පවතින අයහපත් කාලගුණයත් සමඟ මහනුවර දුම්රිය ස්ථානය ජලයෙන් යටවී තිබෙනවා. එහි කාර්මික අංශය, ඩීසල් පොම්පාගාරය, අද (25) ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය එංජින් 4 ක් ද ජලයෙන් යටවී ඇති බවයි සඳහන් වන්නේ. මේ වන විට එහි ජලය බැසගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

Read More

ඇමෙරිකාවට කඩා වැදුණු බිහිසුණු හිම කුණාටුව හේතුවෙන් මිලියන 1.7 කට විදුලිය බලය අහිමි වූ බව පැවැසෙයි. හිම කුණාටුව හේතුවෙන් මරණ 13 ක් ද වාර්තා වේ. ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කිරීමට බලධාරීන්ට සිදුවීමත් සමඟ නත්තල් නිවාඩුවට තම නිවෙස් කරා යෑමට සූදනම් වූ ඇමෙරිකානුවන් බොහෝ දෙනකු දැඩි අපහසුතාවන්ට ලක්වුණු බව ද පැවැසෙයි. හිම කුණාටුවේ බලපෑමට ලක්වුණු ඇමෙරිකන් ජනපද ගණන 6 කි. ඊයේ (24) පමණක් අවලංගු කෙරුණු ගුවන් ගමන් ගණන 1,900 ක් බව පැවැසෙයි. 23 වැනිදා අවලංගු කිරීමට සිදුවුණු ගුවන් ගමන් ගණන 6,000 කි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනට ඇතුල්වී ශ්‍රී ලංකාව හරහා කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මි. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර සෙසු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි. 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකියි. දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (40-50)ක පමණ තද සුළං ඇතිවීමේ හැකියාවද පවතින බවයි සඳහන් වන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි…

Read More

දැනට ශ්‍රී ලංකාව තුළ පනවා ඇති ආනයන සීමා ඉවත් කිරීම පිළිබඳව ඉදිරියේ දී සලකා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. අමාත්‍යවරයා පවසා සිටියේ දැනට ආනයන සීමා පනවා ඇති භාණ්ඩ 670ක් සඳහා ශ්‍රී ලංකාව තුළම ආදේශක භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති බව අමාත්‍යවරයා අවධාරණය කර සිටි අතර යෝගට්, කටුව රහිත පොල් මද වෙසක් කූඩු, සරුංගල් වැනි දේවල් පවා විදේශයෙන් ආනයනය කළ භාණ්ඩ අතර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා. මේ වන විට භාණ්ඩ 795ක ආනයන සීමා ඉවත්කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

Read More

අදට (25) යෙදී තිබෙන නත්තල් දිනය නිමිති කොටගෙන රැඳවියන් පිරිසකට නිදහස ලබාදීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පිරිස පිරිමි රැඳවියන් 306 දෙනෙකු සහ කාන්තා රැඳවියන් 03 දෙනෙකුට අද දිනයේ මෙලෙස නිදහස ලැබීමට නියමිතයි.

Read More

රාජ්‍ය සේවකයින්ගේ හා විශ්‍රාමිකයින්ගේ මාසික වැටුප් ගෙවීමට සහ සමාජ සුබසාධනය පවත්වාගෙන යාමට රජයේ ආදායම ප්‍රමාණවත් නොවන බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පවසනවා. අද (23) මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන සඳහන් කළේ, වැටුප් ඇතුළු සමාජ සුබසාධනය පවත්වාගෙන යාමට රුපියල් බිලියන 154 ක් පමණ වැයවන බවයි. රාජ්‍ය ආදායම ඇත්තේ රුපියල් බිලියන 145 ක් පමණක් බවත් ඉතිරි මුදල් සොයා ගැනීමට ණය ලබා ගැනීමට සිදුවන බවයි අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ. මෙම රුපියල් බිලියන 154 සඳහා ණය පොලිය, ණය ගෙවීම් සහ අනෙකුත් වියදම් ඇතුළත් නොවන බවත් එවැනි දරුණු මට්ටමක මෙරට ආර්ථිකය ඇති බවත් ඒ හේතුවෙන් රාජ්‍ය මූල්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ සිදුකළ බවයි…

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බර වාහන රියැදුරන්ගෙන් පොලීසිය විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවී ඇති රිය අනතුරක් හේතුවෙන් මාතර දෙසට ධාවනය කරනු ලබන බර වාහන කුරුඳුගහහැතැක්ම හුවමාරුවෙන් පිටවී යළි බද්දේගම හුවමාරුවෙන් අධිවේගී මාර්ගයට ඇතුළුවන ලෙසයි පොලීසිය දැනුම් දෙන්නේ.

Read More

නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අද (23) සිට ක්‍රියාවිරහිත කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා. ඉන් අහිමිවන විදුලි බලය වෙනත් මූලාශ හරහා ආවරණය කරගැනීමට නියමිත බවයි සඳහන් වන්නේ. එම නිසා දැනට සිදුවෙන දෛනික පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවේ කිසිදු වෙනසක් සිදු නොවන බවද ලංකා විදුලිබල මණ්ඩය සඳහන් කළා.

Read More