Author: Buzzer Editor

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායකට තියුණු ආයුධයකින් එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 44ත් 28ත් අතර පසුවන පුද්ගලයින් සිව්දෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධය සඳහා යොදාගත් පිහි 02ක් සහ ත්‍රිරෝද රථයක්ද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිය භාරයට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත භාරදී ඇති බවයි සඳහන් වන්නේ.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනෙන් පිටව ගොස් තිබෙන බව වාර්තාවනවා. ඒ අනුව ඔහු කටුනායක සිට ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර පවුලේ ඥාතීන්ද ඔහු සමඟ පිටත්ව ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

අනෙක් සෑම යන්ත්‍රයක් මෙන්ම චන්ද්‍රිකාද සදාකාලික නොවේ. බොහෝ වෙලාවට ඔවුන්ගේ කාර්යයන් වන්නේ කාලගුණය නිරීක්ෂණය කිරීම, වායුගෝලයේ ඇති හරිතාගාර වායු මැනීම හෝ තාරකා අධ්‍යයනය කිරීම සඳහා පෘථිවියෙන් ඈතට ගමන් කිරීම වුවද, අවසානයේදී සියලුම චන්ද්‍රිකා, පරණ රෙදි සෝදන යන්ත්‍ර මෙන් පරණ වී, ගෙවී ගොස් මිය යයි. ඉතින් චන්ද්‍රිකාවක අවසන් කාලය පැමිණි විට සිදුවෙන්නේ කුමක්ද? මේ වනවිට චන්ද්‍රිකාව තිබෙන්නේ පෘතුවියේ සිට කොපමණ උසකින්ද කියන කාරණය අනුව තේරීම් දෙකක් තිබේ. පෘතුවියට සමීප චන්ද්‍රිකාවක් නම්, ඒවා මන්දගාමී කිරීමට ඉංජිනේරුවන් විසින් ඒවායේ අවසාන ඉන්ධන ප්‍රමාණය භාවිතා කරනු ලබයි. එමගින් එය කක්ෂයෙන් පිටතට ගොස් පෘතුවිය තුලට වැටී වායුගෝලයේ දැවී යයි. දෙවන තේරීම නම් චන්ද්‍රිකාව පෘථිවියෙන් තවත් ඈතට…

Read More

මාලදිවයිනේ අපරාධ අධිකරණය විසින් එරට හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට වසර 11ක සිර දඬුවමක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක දඩයක් නියම කර තිබෙනවා. මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වූ චෝදනාවලට ඔහු වරදකරු වීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ඉන්දීය ආරම්භක පිතිකරු කේ එල් රාහුල් ඉවත් කිරීමට ඉඩ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එසේම බංග්ලාදේශයට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයේ දී ආබාධයකට ලක් වූ නායක රෝහිත් ෂර්මාට ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලිය ද අහිමි වීමට වැඩි ඉඩක් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව විස්සයි විස්ස තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය හර්ඩික් පාන්ඩ්යාට හිමිවනු ඇති බවයි සඳහන් වන්නේ. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස තරගාවලිය ජනවාරි 3 වැනිදා මුම්බායි හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා…

Read More

නේපාල අග්‍රාමාත්‍ය ධුරය යළිත් වරක්, හිටපු මාඕවාදී කැරැලි නායක පුෂ්ප කමල් දාල් හෙවත් ‘ප්‍රචණ්ඩා’ ට හිමි විය. පුෂ්ප කමල් දාල් නේපාල අග්‍රාමාත්‍ය ධුරයට පත්වන්නේ තෙවැනි වරටය. අතීතයේ දශක ගණනක් නේපාලයේ පැවැති මාඕවාදී අරගලයේදී ඊට නායකත්වය දුන් බිහිසුණු කැරලි නායකයා වූයේ පුෂ්ප කමල් දාල් සැලකෙයි. ඔහු ‘ප්‍රචණ්ඩා’ යන නමින් හැඳින්වෙන්නේ ද ඒ නිසාය. පස් වසරක ධුර කාලයක් සඳහා නව රජයක් පිහිටුවීමේ අරමුණ ඇතිව, නේපාල මහ මැතිවරණය පසුගියදා පැවැත්විණි. කෙසේ නමුත් එයින් කිසිදු පක්ෂයකට බහුතරය හිමු නොවිණි. ඒ අනුව, ‘මාඕවාදී’ පක්ෂයට නායකත්වය දෙන 68 හැවිරිදි පුෂ්ප කමල් දාල්, නේපාලයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘එක්සත් මාර්සිස්ට්-ලෙනින්සිස්ට්’ පක්ෂය සහ ඊට සහාය දක්වන සෙසු…

Read More

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුල්වී ශ්‍රී ලංකාව හරහා කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එය අද (26) ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු ප්‍රදේශයට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ හේතුවෙන්,බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි.මි. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි. සෙසු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇති වන අතර දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (40-50)ක පමණ තද සුළං ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද…

Read More

සුනාමි ව්‍යවසනයෙන් මෙරට මුහුදුබඩ දිස්ත්‍රික්ක 14ක් ආපදාවට ලක්වූ අතර ඉන් පුද්ගලයින් 30,000 කට වැඩි පිරිසක් මියගොස් තිබුණා. සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා. ඒ අනුව අද (26) පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා එම විනාඩි දෙකක නිශ්ශබ්දතාවය පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

Read More

බන්ධනාගාරගතව සිටින වයස්ගත රැඳවියන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට කමිටුවක් පත් කිරීමට අධිකරණ අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා. එමෙන්ම වයස්ගත හා අසාධ්‍ය රෝගවලින් පෙළෙන රැඳවියන් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා පවසනවා. එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීම ආරම්භ කර ඇති බවත් ඒ සඳහා අනුකමිටු කිහිපයක්ම පත් කර ඇති බවත් අධිකරණ අමාත්‍යවරයා වැඩිදුර‍ටත් පවසා සිටියා.

Read More