- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
- ඉරානයේ රාජ්‍ය ප්රවෘත්ති නාලිකාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
- ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
- රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි
- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
Author: Buzzer Editor
රාජ්‍ය නිලධරයන්ට විශේෂ අත්තිකාරමක් ගෙවීම සම්බන්ධයෙන් වූ චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2023 වසරේ රාජ්‍ය නිලධාරීන් සඳහා 4000ක උපරිමයකට යටත්ව මෙම අත්තිකාරම් ගෙවීම කරන ලෙසයි සියලු ම අමාත්‍යංශ, පළාත් පාලන ආයතන සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී තිබෙන්නේ. මෙම අත්තිකාරම් ගෙවීම 2023.01.01 දින ආරම්භ විය යුතු අතර 2023.02.28 දින සම්පූර්ණ කළ යුතු බවත් එදිනෙන් පසු කිසිදු ගෙවීමක් නොකළ යුතු බවයි අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. අදාළ චක්‍රලේඛය පහතින්, Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
වාණිජ බැංකුවලින් ලබාගෙන ඇති ණය යළි ගෙවීමේදී අපහසුතාවයන්ට පත්ව ඇති ණය හිමියන්ට සහන සලසන ලෙස අදාළ බැංකුවලට මහ බැංකුව විසින් උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් මාසික වේතන ලබන පිරිස් හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පීඩාවට පත්ව සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළා. ඒ අනුව අදාළ බැංකුවලින් ණය හිමියන්ට සහන සැලසීමක් සිදු නොකරන්නේ නම් ඒ සඳහා මහ බැංකුවෙන් සෘජුව ඉල්ලීම් කළ හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
වාසයට සුදුසු සේ නිවසක් නිර්මාණය කිරීම වාස්තු විද්‍යාව ලෙස අපි දකිමු. ඉහත සඳහන් පරිදි මිනිස් වාසයට නුසුදුසු යැයි සඳහන් කාරණා නොමැති නිවස වාස්තු විද්‍යානුකූල වේ. වාස්තු විද්‍යාව යනු නිවැසියන් බිය වද්දා නිවෙස තැනින් තැන කඩා වෙනස් කිරීමට උපදෙස් දෙන හා නිවසේ කුරුපා ගලවා වෙනස් කරන දෙයක් ද නොවේ. එය උතුම් සේවාවකි. නිවාස සැලසුම්කරුවන්, පෙදරේරුවන් හා වඩු කාර්මිකයින්ගේ ඉතා පරිණත දැනුම යොදා නිර්මාණය කළ ගෘහයක් කිසිවක් නොදත් ගතානුගතික බහුභූතයින්ගේ අඥාන උපදෙස් නිසා විනාශ කර දමන්නේ ඇයි? ඔවුන්ගේ ජීවිකාව ගෙන යනු පිණිස මුදල් උපයන මාර්ගය එය බව වටහා ගත යුතු වේ. නිවසක අඩංගු විය යුතු වැදගත් සාධක පිළිබඳව කතා කිරීමට ඔවුන් අපොහොසත්ය.…
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් පාන්ට් දිල්ලි නුවර සිට නිවස බලා එමින් සිටියදී ඔහුගේ මෝටර් රථය අනතුරට ලක්වීමෙන් බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ඔහු රෝහල් ගතකර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු ඩෙරාඩුන් හි මැක්ස් රෝහල වෙත යොමු කර ඇති බවයි සඳහන් වන්නේ. හිසට, පාදවලට සහ පිටේ පිළිස්සුම් තුවාලවලට ලක්ව සිටි පාන්ට්ට පිටතට යාමට මෝටර් රථයේ වීදුරුව කැඩීමට සිදු වූ බවයි සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
දේශගුණික අර්බුද නිසා ලෝකය උණුසුම් වීම හේතුවෙන් මිනිසුන් බලාපොරොත්තු වන්නේ නිතරම සිසිල්ව සිටීමටයි. මේ නිසා 2050 වන විට 2018 දීමෙන් වායුසමීකරණ ඒකක භාවිතය තුන් තුන්ගුණයකින් ඉහළ යන බව වාර්තා වෙනවා. ඒ අනුව ඇස්තමේන්තුගත වායුසමීකරණය ඒකක බිලියන 5.6 ක් සඳහා බලශක්තිය සැපයීම ප්‍රමාණවත් දැයි ප්‍රමාණවත් දැයි ගැටළුවක්ව තිබෙනවා. නිදසුනක් වශයෙන් ඉන්දියාවේ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය විශ්වාස කරන්නේ 2050 වන විට වායු සමීකරණ එරට උපරිම විදුලි ඉල්ලුමෙන් සිට 45%ක් පමණ භාවිතා කල හැකි බවයි. ඉන්දියාවේ විදුලි සැපය සැපයුමෙන් අතිමහත් බහුතරයක් තවමත් ලබාගන්නේ ගල් අඟුරුවලින්. මේ නිසා පිටවන අපිරිසිදු වායූන් සමඟ වායු සමීකරණ ඒකකවල භාවිතා කරන හරිතාගාර වායුන් එක්වීමෙන් මෙම ගැටලුව තවත් උග්‍ර වෙනවා.…
සිහ ශක්ති කණ්ඩායමේ හිටපු සාමාජික සංගීත් වික්‍රමසිංහ ගේ පුත් ජනප්‍රිය යොවුන් ගායක සනුක වික්‍රමසිංහ සහ රූකාන්ත චන්ද්‍රලේකා දෙපලගේ කණිටු දියණිය වන වින්ඩි ගුණතිලක මීට දින කිහිපයකට මත්තෙන් විවාහ දිවියට එළඹුනා. එහි සුවිශේෂී වූ ජායාරූප පෙළක් අප ඔබ වෙත ගෙන එන්නෙමු. Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.
රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ වීඩියෝ හමුවක් අද (30) පැවැත්වීමට නියමිතය. ජනාධිපතිවරුන් දෙදෙනා අතරේ හමුවක් පැවැත්වෙන බව නිවේදනය කෙරුණේ මීට දින කීපයකට පෙර සිටය. කලාපීය අර්බුද සම්බන්ධයෙන් ජනාධිපතිවරුන් දෙදෙනාගේ අවධානය යොමු වුණු අතර ද්වීපාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීමට ද පුටින් සහ ජින්පින් අපේක්ෂා කරයි. චීනය රුසියාවේ සමීපතම මිතුරාය. රුසියාවට කොන්දේසි විරහිතව සහාය දක්වන බවට චීන ජනාධිපති ෂී ජින්පින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවේ ප්‍රතිඥා දී ඇත. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
ලොව පා පන්දු රජු ලෙස විරුදාවලිය ලත් බ්‍රසීල ජාතික ප්ලේ (Pele) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය යන විට ඔහු 82 වන වියේ පසුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ලෝක කුසලාන තුනක් දිනූ එකම ක්‍රීඩකයා වන ඔහු පිළිකා රෝගයකින් පීඩාවිඳිමින් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි සඳහන් වන්නේ. පේලේගේ දායකත්වය යටතේ 1958, 1962 සහ 1970 දී බ්‍රසීලය ලෝක කුසලාන ශූරතා ත්‍රිත්වයක් ජයග්‍රහණය කළ අතර තරඟ 92 කදී ගෝල 77 ක් ලබාගත් ඔහු බ්‍රසීලයේ ප්‍රමුඛතම ගෝල ලාභියා ලෙස සැලකෙනවා. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
2023 වර්ෂයේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් අද (30) සහ හෙට (31) විශේෂ ඩෙංගු රෝග මර්දන දින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව මෙම දෙදින තුළ සියලුම පුරවැසියන් තම නිවස හා නිවස අවට මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා බලා ඒවා ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.