Author: Buzzer Editor

දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක්ද පවතිනවා.

Read More

හිටපු 16 වන බෙනඩික්ට් පාප්වහන්සේ ඊයේ (31) වතිකානුවේ දී ස්වර්ගස්ථ වූ බව වාර්තා වනවා. රෝගාතුරුව කාලය ගත කළ උන්වහන්සේ දිවියෙන් සමුගන්නා විට 95 හැවිරිදි වියේ පසුවුණා. වසර 08ක කාලයක් පාප් ධූරයේ කටයුතු කළ උන්වහන්සේ 2013 වසරේ දී අසනීප තත්ත්වයක් හේතුවෙන් සිය ධූරයෙන් ඉල්ලා අස්වුණා. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

විදුලිබිල වැඩි කිරීම පිළිබඳව යෝජනාව ලබන සඳුදා (02) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට සුදානම් බව වාර්තා වනවා. එහිදී විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන ගාස්තුව සහ ස්ථාවර ගාස්තුව වැඩි කිරීමට යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

ජ්‍යෙෂ්ඨතාවට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධරයන්ට ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා වැටුප් රහිත නිවාඩු ලබා දීමට රජය විසින් තීරණය කර ඇති බව සඳහන් වනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය මගින් නිකුත් කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 28/2022 යටතේ මෙම අවසරය ලබා දී ඇති බවයි සඳහන් වන්නේ. 2022.09.12 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එම තීරණය ගෙන ඇතැයි අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වනවා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

සංස්ථා හා දෙපාර්තමේන්තුවල රාජ්‍ය සේවකයින් 30000ක් පමණ අදින් (31) විශ්‍රාම යාමට නියමිත බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක් ප්‍රියන්ත ප්‍රියන්ත පවසනවා. මෙතරම් සේවක පිරිසක් විශ්‍රාම ගියත් රාජ්‍ය සේවයේ කටයුතු පවත්වාගෙන යාමට කිසිදු බාධාවක් නොමැති බවත්, රාජ්‍ය සේවයේ කිසිදු කඩා වැටීමක් සිදු නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. විශ්‍රාම යන රාජ්‍ය සේවකයින්ගේ පුරප්පාඩු සඳහා නිලධාරින් බඳවා ගැනීමට අග්‍රාමාත්‍ය ලේකම් කමිටුවේ නිර්දේශ මත කටයුතු කරනු ඇති බවත් වැඩිදුරටත් වාර්තා වනවා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් වාහන හිමිකාරිත්වය පැවරීම සඳහා භාවිතා කරන එම්.ටී.ඒ 6 සහ 8 ආකෘති පත්‍ර සංශෝධනය කිරීමට කටයුතු කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව කියා සිටියේ පාරිභෝගික සේවා වැඩිදියුණු කිරීමේ අරමුණින් එම ආකෘති පත්‍ර සංශෝධනය කර ඇති බවයි. අදාල නව ආකෘති පත්‍ර දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් (www.dmt.gov.lk) බාගත කරගත හැකි අතර 2023 වසරේ ජනවාරි 02 වැනිදා සිට මෙම ආකෘති පත්‍ර ක්‍රියාත්මක බව සඳහන් වෙනවා. ඒ පිළිබඳව වන නිවේදනය පහතින්.

Read More

මිනිස් සිරුරේ ශක්තිය නිපදවීමට අවශ්‍ය ඔක්සිජන් වාතයෙන් රුධිරයට උරා ගැනීමත් ම ක්‍රියාවලියේදී නිපදවෙන කාබන් ඩයොක්සයිඩ් නැවත රුධිරයෙන් වාතයට මුදා හැරීමත් ශ්වසන පද්ධතියේ කාර්යභාරය වේ. ජීවය පවත්වා ගැනීමට ඔක්සිජන් අත්‍යාවශ්‍ය වන අතර ජලය හෝ ආහාර නොමැතිව දින කීපයක් ගත කළ හැකි වුවත් ඔක්සිජන් නොමැතිව මිනිත්තු කිහිපයකට වඩා මිනිසෙකුට ජීවත් විය නොහැක. පෙනහලු තුළින් උරාගන්නා ඔක්සිජන් රුධිරය මගින් විවිධ පද්ධති වල ඉන්ද්‍රියන් හා සෛල කරා ගෙන යනු ලබයි. පෙනහලු තුළට වාතය ඇතුළු කර ගැනීමේ ක්‍රියාවලිය ආශ්වාසය ලෙසත් නහලු තුලින් වාතය නැවත පරිසරයට මුදා හැරීමේ ක්‍රියාවලිය ප්‍රශ්වාසය ලෙසත් හැඳින්වේ. පුද්ගලයකුගේ ස්වසන පද්ධතිය තුළට නාසය, ග්‍රසනිකාව, පෙනහළු සහ ස්වාසනාලය යන අංග ඇතුළත් වේ. අප…

Read More

ශ්‍රී ලංකා කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම මධ්‍යම ආසියානු කාන්තා වෙරළ වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට පසුගිය 28 වැනිදා සමත් විය. අවසන් මහා තරගයේ දී නේපාල වෙරළ වොලිබෝල් කණ්ඩායම 21/11ක් ලෙස වට දෙකේදීම පරාජය කරමින් ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් කණ්ඩායම මෙම ජයග්‍රහණයට හිමිකම් කීය. ශ්‍රී ලංකා යුද හමුදවේ චතුරිකා මධුෂානි සහ වරාය අධිකාරියේ දීපිකා බණ්ඩාර ක්‍රීඩිකාවෝ මෙම ශූරතාවයට හිමිකම් පෑහ. ශ්‍රී ලංකාව එම තරගාවලියේදී මූලික වටය යටතේ බංග්ලාදේශය 21/08ක් සහ 21/05ක් ලෙස පරාජය කරන ලදී. එහි දෙවන තරගයේදී උස්බෙකිස්තනය හමුවේ ද ශ්‍රී ලංකාව 2-0 ක ජයග්‍රහණයක් ලබාගත් අතර එහි ලකුණු සටහන් වූයේ 21/11 ක් සහ 21/09ක් ලෙසය. නැවතත් අවසන් පූර්ව තරගයේදී…

Read More

කාන්තා විරෝධී ආකල්ප ඇති, අන්ත දක්ෂිණාංශික මත පළ කරන මතභේදාත්මක සමාජ මාධ්‍ය චරිතයක් වන ඇන්ඩෲ ටේට් සහ ලොව ප්‍රකට දේශගුණික විපර්යාස පිළිබඳ හඬ නගන ක්‍රියාකාරිනියක වන 19 හැවිරිදි ග්‍රේටා තන්බර්ග් අතර සිදුවූ ට්විටර් වචන හුවමාරුව අවසන් වී පැය 24 යන්නට මත්තෙන් රුමේනියා පොලිසිය විසින් ඇන්ඩෲ ටේට් අත් අඩංගුවට ගනු ලැබ ඇත. කාන්තාවන් දූෂණය කිරීම, මිනිස් ජාවාරම සහ සංවිධාත්මක අපරාධ සිදුකිරීමේ චෝදනා මත ඇන්ඩෲ ටේට් සහ ඔහුගේ සොයුරු ට්‍රිස්ටන් රුමේනියා පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ.ඇන්ඩෲ ටේට් සහ ග්‍රේටා තන්බර්ග් අතර සිදුවූ ට්විටර් වචන හුවමාරුවේදී පළ කළ ඡායාරූපයක තිබූ පිට්සා අසුරනයකින් ඔහු සිටි තැන සොයාගැනීමට සමත් වූ බව රුමේනියා පොලීසය ප්‍රකාශ කර…

Read More

අද (31) දිවයින පුරා වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත තත්ත්වයක් පවතින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

Read More