Author: Buzzer Editor

දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය මඟින් ඉදිරි ආසන වෙන් කිරීම් සඳහා විවෘත කරන වේලාව අද (14) සිට සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය මඟින් දින 30කට පෙර ආසන වෙන් කිරීම දිනපතා පෙරවරු 10.00 ට ආරම්භ කිරීමට කටයුතු කර තිබුණා. කෙසේ නමුත් අද (14) සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය මඟින් දින 30කට පෙර ආසන වෙන් කිරීම දිනපතා පස්වරු 7.00 ට ආරම්භ වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. (එසැණ) දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතික උරුමයන් සහ ස්වභාව සෞන්දර්යය ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් සුවිශේෂ වූ විලාසිතා සංදර්ශනයක් සීගිරියේ පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව පසුගියදා ප්‍රකාශ කළා. පසුගිය සතියේ ජර්මනියේ බර්ලින් නුවර ITB (Internationale Tourismus-Börse) පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ, සීගිරි පර්වතය රටේ ප්‍රමුඛතම විලාසිතා ඉසව්වක් වන Colombo Fashion Week සඳහා පසුබිම ලෙස කටයුතු කරන බවයි. Buzzer.lk සහ Buzzer Travel හා සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම වූ විස්තර දැනගන්න.

Read More

ඉන්දියාව, යුරෝපා සංගමයට අයත් නොවන රටවල් 4 ක් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඉන්දියාව වෙළෙඳ ගිවිසුම ඇති කරගත්තේ, නෝර්වේ, ස්විට්සර්ලන්තය, අයිස්ලන්තය, ලික්ෂ්ටන්ස්ටයින් යන රටවල් සමඟය. ලික්ෂ්ටන්ස්ටයින් යනු ජර්මන් බස කතා කරන ඔස්ටි්‍රයා සහ ස්විට්සර්ලන්තයට මැදිව පිහිටා ඇති කුඩා රාජ්‍යයකි. එම නව වෙළෙඳ ගිවිසුම මගින්, ඇමෙරිකන් ඩොලර් බිලියන 100 ක පමණ ආයෝජන අපේක්ෂා කරන බව ඉන්දීය රජය පවසා ඇත. (NDTV) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

සිය රාමසාන් උපවාස සමය අද (12) සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඊයේ (11) දිනයේ නව සඳ දර්ශනය වූ බවයි මහ පල්ලිය නිවේදනය කළේ. නිරාහාරය ඉස්ලාමයේ මූලික මූලධර්ම පහෙන් එකක් වන අතර, රාමසාන් සමයේ සෑම දිනකම මුස්ලිම්වරු හිරු උදාවේ සිට හිරු බැසීම දක්වා නිරාහාරව සිටිනවා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

96 වන ඔස්කාර් සම්මාන රාත්‍රිය එක්සත් ජනපදයේ, ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී පැවැත්වුණා. ඒ අනුව මෙවර සම්මාන උලෙළේ දී Oppenheimer චිත්‍රපටය විසින් හොඳම චිත්‍රපටය, හොඳම නළුවා සහ හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන 07ක් දිනාගැනීමට සමත් වුණා. හොලිවුඩයේ දැවැන්ත සිනමාකරුවන් රැසක් මෙම සම්මාන රාත්‍රිය සඳහා එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලබාගත් සම්මාන අතුරින් කිහිපයක් පහත දැක්වේ. Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Read More

2024 ලෝක රූ රැජින කිරුළ චෙක් ජනරජයේ Krystyna Pyszková විසින් හිමිකරගෙන තිබෙනවා. 71 වෙනි ලෝක රූ රැජින කිරුළ ඉන්දියාවේ මුම්බායිහිදී ඊයේ (09) රාත්‍රී අතිඋත්කර්ෂවත් අයුරින් පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එම තරගාවලිය සඳහා රටවල් 115ක තරගකාරිනියන් සහභාගී වූ අතර චෙක් ජනරජයේ Krystyna Pyszková ලෝක රූ රැජින කිරුළ හිමිකරගෙන ඇති අතර අනුශූරිය ලෙස ලෙබනනයේ Yasmina Zeytoun තේරී පත්ව තිබෙනවා. Buzzer.lk සහ Buzzer Fashion සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනි විලාසිතා ප්‍රවෘත්ති ගැන වැඩි විස්තර දැන ගන්න.

Read More

පාකිස්තානයේ නව ජනාධිපති ධුරය පාකිස්තාන ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක අසීෆ් අල් සර්දාරි හට හිමිවනු ඇතැයි පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහතික වී ඇත. අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් නව රජයක් පිහිටුවා ඇත්තේ, ඔහුගේ ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂය සහ ‘පාකිස්තාන ජනතා පක්ෂය’ සන්ධානගත කරමිණි. ඊට අමතරව, මෙම ප්‍රධාන පක්ෂ දෙකට සහාය දක්වන සෙසු කුඩා පක්ෂ ද මෙම සන්ධානයට එක් වී සිටී. පසුගිය මැතිවරණයේ දී ‘පාකිස්තාන ජනතා පක්ෂය’ මෙහෙයවීම කළේ බිලාවල් බූතෝය. බිලාවල් බූතෝ යන ඝාතනයට ලක්වුණු පාකිස්තාන අග්‍රාමාත්‍ය බෙනසීර් බූතෝගේ පුත්‍රයාය. අසීෆ් අලී සර්දාරි යනු බූතෝගේ සැමියා සහ බිලාවල්ගේ පියාය. අසීෆ් අලී සර්දාරි මීට පෙර ද පාකිස්තාන ජනාධිපති ධුරය හොබවා තිබේ. පාකිස්තාන ජනාධිපතිවරයා…

Read More

දමිළ සිනමාවේ ජනප්‍රිය නළු අජිත් කුමාර් හදිසියේ රෝහල්ගත කර ඇතැයි පැවැසෙයි. අජිත් කුමාර් ඇතුළත් කෙරුණේ චෙන්නායි ඇපලෝ රෝහලටය. වෛද්‍ය උපදෙස් මත වෛද්‍ය පරීක්ෂණ කීපයක් සඳහා අජිත් කුමාර් මෙසේ රෝහල්ගත කළේ යැයි ද පැවැසෙයි. අජිත් කුමාර්ගේ නවතම චිත්‍රපටය ‘විදාමුයාචී’ ය. චිත්‍රපටයේ රූගත කිරීම් අසර්බයිජානයේ සිදු කෙරුණු අතර, අවසන් රූගත කිරීම් සිදු කිරීමට නියමිත ජෝර්ජියාවේය. 52 හැවිරිදි අජිත් කුමාර් දමිළ සිනමාවේ අසහාය චරිතයකි. එමෙන්ම සම්මානනීය නළුවෙකි. ඔහු චිත්‍රපට 61 කට වැඩි ගණනකට මේ වනවිට රංගනයෙන් දායක වී සිටී. Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Read More

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වී ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. ඒ අනුව අමාත්‍යවරයා විසින් සිදුකළ දැනුම්දීමක් අනුව ශාන්ත නිරිඇල්ල ඇතුළු 15 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලය මෙලෙස ඉල්ලා අස් වී ඇති බවයි වාර්තා වන්නේ. සඳුදා දිනයේ දී නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමට නියමිත බවද වෙළෙඳ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

මෙරට ප්‍රවී​ණ ගුවන් විදුලි නිවේදිකාවක, චරිතාංග රංගන ශිල්පිනියක මෙන්ම හඬ කැවීම් ශිල්පිනියක වන රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රප්ත වී තිබෙනවා. මිය යන විට ඇය 73 වන වියේ පසු වුණා. 1974 වසරේදී ‘හේවායෝ’ වේදිකා නාට්‍යයෙන් වේදිකා පසුබිම් ගායිකාවක් ලෙස ක්ෂේත්‍රයට පිවිසෙන ඇය 1978 දී චූලා කාරියවසම් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘මන රංජන වෙද වර්ජන’ නාට්‍යයේ “ගුණවතී” චරිතය හරහා වේදිකා නාට්‍ය කළාවේ පෙරළියක් සිදු කිරීමට සමත් වුණා. ඇය අහසින් වැටෙන මිනිසුන් (1971), ඉඩම (1975), ජේලර් උන්නැහේ (1986), දූවිලි (1990) සහ රජ කතාව (1991) යන නාට්‍යවල රඟපෑ අතර කන්දේ ගෙදර, සඳ කිඳුරි, මුහුදු පුත්තු, මා හේනේ රීරි යකා, ලියතඹරා, සිරි සඟබෝ සහ හිරු නැති…

Read More