- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
- ඉරානයේ රාජ්‍ය ප්රවෘත්ති නාලිකාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
- ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
- රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි
- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
Author: Buzzer Editor
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරුන්ට ජනාධිපතිවරයා විසින් විශේෂ නියෝගයක් සිදුකර තිබෙනවා. ඒ අනුව ආයතන දෙකම පාඩු ලබන මොහොතක ප්‍රසාද දීමනා ගෙවීම පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසයි ජනාධිපතිවරයා නියෝග කර තිබෙන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
මත්පැන් හා දුම්වැටි සඳහා වන සුරාබදු බද්ද 20% කින් ඉහළ දැමීම හේතුවෙන් විවිධ මත්පැන් වර්ගවල හා දුම්වැටි වල මිල ඉහළගොස් තිබෙනවා. ඒ අනුව මිලි ලීටර් 750 විශේෂ අරක්කු බෝතලයක මිල රු. 206 කින් ඉහළ ගොස් ඇති අතර දේශීයව පෙරන ලද විදේශීය මත්පැන් රු. 266 කින් ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ. එමෙන්ම සැර 5% ට අඩු බියර් 625ml ක මිල රු. 21 කින් සහ සැර 5% ට වැඩි බියර් 625ml ක මිල රු. 39 කින් ඉහළ දමා තිබෙනවා. එමෙන්ම රුපියල් 90 ට තිබූ දුම්වැටියක මිල රුපියල් 105 දක්වාත් රුපියල් 85 ට තිබූ දුම්වැටියක මිල රුපියල් 100 දක්වාත් ඉහළ යන බවයි…
ගුරුවරුන් විශාල පිරිසක් විශ්‍රාම යාම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට අභියෝගයක් වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. මීට පෙර වසරකට ගුරුවරුන් 4,000ක් පමණ විශ්‍රාම ගිය ද මෙම වසරේදී ගුරුවරුන් 10,000 ත් 12,000ත් අතර පිරිසක් විශ්‍රාම ගොස් ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එම පුරප්පාඩු ඉදිරි මාස 03 තුළ සම්පූර්ණ කිරීම අනිවාර්යය වන බවයි 2023 නව වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ.
ලෝකෙටම හපන්නු විදියට හඳුන්වන ජපන්නුන්ගෙ මේ සරල වගේම බොහොම වැදගත් ඉකිගයි සංකල්පය ගැන තමයි අද අපි ඔයාලට කියලා දෙන්න හදන්නෙ. මේක දිගුකාලයක් සතුටින් ජීවත් වෙන්න ජපන්නු අනුගමනය කරන හරිල ලස්සන සංකල්පයක්. මේක ලස්සනට විග්‍රහ කරපු පොතක් තියනවා ලෝක ප්‍රසිද්ධ ලේඛකයින් දෙපලක් වන Hector Garcia හා Frances Mirallers විසින්. ඉතින් අපි බලමු ඒක කොහොමද වෙන්නෙ කියලා. 01. මොකද්ද මේ ඉකිගයි කියන්නෙ මුලින්ම වචනාර්ථය අරන් බැලුවොත් ඉකි කියන්නෙ ජපන් වලින් ජීවිතය කියන අර්ථය. ඒ වගේම ගයි කියලා කියන්නෙ වටිනාකම කියන එක. සරලවම කිව්වොත් අපේ මේ ජීවිතයට හරි වටිනාකමක් දෙමින් සතුටින් දිගු කාලයක් ජීවත් වෙන්න අනුගමනය කරන්න පුළුවන් ක්‍රමයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.…
ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලිය අද (03) ආරම්භ වෙනවා. ඒ අනුව පළමු විස්සයි විස්ස තරගය අද මුම්බායි හී දී පැවැත්වෙන අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
තලේබාන් පාලනයට නතු ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර හමුදා ගුවන් කඳවුරේ බෝම්බයක් පුපුරා යෑමෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 8 ක් බරපතල තුවාල ලැබූහ. තලේබාන් රජයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය නාෆී තක්කූර් කියා සිටියේ ප්‍රහාරයෙන් ගුවන්තොටුපොළට හානි සිදුවුණු බවය. ප්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නැත. එසේ වුවත්, බෝම්බය පුපුරුවන්න ඇත්තේ ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක් අයි.එස්. ත්‍රස්තවාදීන් යැයි සැක කෙරේ. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක්ද පවතිනවා.
යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ඇතුළත් කැබිනට් පත්‍රිකාව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර විසින් ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම ලබන සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම දක්වා කල්දමා ඇති බවයි සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ඊයේ (02) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා. අනෙකුත් ඉන්ධන වර්ගවල මිලෙහි වෙනසක් සිදු නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරන්නේ. මීට සාපේක්ෂව ලංකා IOC සමාගමද ඩීසල් මිල පහළ දමා ඇති බව එම සමාගම පවසනවා.