- මහින්ද සිරිවර්ධන මහතාගේ සේවය ජනපති විසින් අගයයි
- කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට
- සරසවි සිසුවා නවකවධයට ලක්කිරීමේ සිද්ධියට එරෙහි FR පෙත්සම සලකා බැලීමට දින දෙයි
- සාර්ථකත්වය තියෙන්නේ එකට වැඩ කළොත් විතරයි -කොළඹ පුරපතිනිය
- බූස්සේ රැඳවියන් 5ක් විරෝධයක් අරඹයි
- බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි
- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ඉරාන අධ්‍යාත්මික නායකයා පහසු ඉලක්කයක් බව ට්‍රම්ප් කියයි
Author: Buzzer Editor
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් අතර ස්ථාවරත්වයක් නොමැති වීම සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සිය කනස්සල්ල පළ කර තිබෙනවා. ඉන්දියාවට එරෙහිව ඊයේ පැවති තරගයේදී අදහස් දක්වමින් සංගක්කාර පැවසුවේ තමා පුදුමයට පත් නොවන නමුත් පැහැදිලිවම කනස්සල්ලට පත්වන බවත්, ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ද ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවත්ය. “ක්‍රිස් උත්සාහ කරන්නේ පන්දු යවන්නන් සහ පිතිකරුවන් පිටිය මැද ගැටලු විසඳීම පිළිබඳ වැඩි සාකච්ඡාවකට යොමු කිරීමටයි. ඔබ ඇතැම් තණතීරුවල පන්දු යවන්නේ කෙසේද? කොහොමද කඩුලු ගන්නේ? එසේ නම්, නැවත පුහුණු කිරීමට හෝ සීමා කිරීමට ඔබ හොඳින් ආරක්ෂාකාරී ලෙස පන්දු යැවීමට යන්නේ කෙසේද?” ඔහු කිව්වා. පිතිකරුවන් සම්බන්ධයෙන්ද එය එසේම බව…
කැලණිතිස්ස විදුලි බලාගාරය සඳහා ඛනිජ තෙල් සංස්ථාවෙන් පසුගිය සිකුරාදා පස්වරුවේ ලැබුණු ‘නැප්තා’ මෙටි්‍රක්ටොන් 2300 දින තුනකට පමණක් ප්‍රමාණවත් බවත් ලබන 17 වැනිදා සිට කැලණිතිස්ස බලාගාරය ක්‍රියාත්මක කිරීම නැවත අවිනිශ්චිත තත්වයකට පත්වන බවත් විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. විදුලිබල මණ්ඩලය සතුව ‘නැප්තා’ මිලදී ගැනීමට මුදල් නොමැතිවීමෙන් පසුගිය සිකුරාදා සිට විදුලි බලාගාරය අක්‍රීය වීමේ අවදානමක් ඇති වූ අතර ඛනිජ තෙල් සංස්ථාව එදින පස්වරුවේ ‘නැප්තා’ මෙටි්‍රක්ටොන් 2300 ක් සැපයීමෙන් එම අවදානමෙන් ගැලුවුණි. ඛනිජ තෙල් සංස්ථාව අත්පිට මුදලට පමණක් ‘නැප්තා’ සැපයීමට තීරණය කිරීම නිසා මෙම තත්වය උද්ගත වී තිබේ. කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 165 ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි. (ලංකාදීප)
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර තුන්වන හා අවසන් එක්දින තරගය ලකුණු 317 ක ජයක් වාර්තා කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 390 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විරාත් කෝලි නොදැවී ලකුණු 166 ක්, Shubman Gill ලකුණු 116 ක් හා Rohit Sharma ලකුණු 42 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත හා ළහිරු කුමාර කඩුලු 2 බැඟින් බිඳ හෙලීමට සමත් වූ අතර චාමික කරුණාරත්න එක් කඩුල්ලක් බිඳ හෙළීමට…
මගීන් 68 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකු සමඟ නේපාලයේ පොකාරා ජාත්‍යන්තර ගුවන් තොටුපල ආසන්නයේදී මගී ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා. එය “Yeti Airlines” ආයතනයට අයත් ගුවන් යානයකි. ගලවා ගැනීමේ මෙහෙයුම් දැනටත් ක්‍රියාත්මක වනවා. ගුවන් තොටුපළ මේ වනවිට වසා දමා ඇති බවට පුවත් වාර්තා කරනවා. පොකාරා (Pokhra) යනු නේපාලයේ කත්මන්ඩු අගනුවර සිට කිලෝමීටර් 200 ක් පමණ දුරින් පිහිටි නගරයකි. නේපාල හමුදා ආරංචි මාර්ග පැවසුවේ, Kaski දිස්ත්‍රික්කයේ Pokhara හි Yeti Airlines ATR-72 අනතුරට පත් ස්ථානයෙන් ගලවා ගැනීමේ කණ්ඩායමක් විසින් මළ සිරුරු 16ක් ගොඩ ගෙන ඇති බවයි. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
දකුණ, සබරගමුව, ඌව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මි. මී 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නැගෙනහිර පළාතේත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාවද පවතින බව සඳහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති වරයෙක් වන ෆයිසර් මුස්තාෆා මහතා පක්ෂයෙ සියලු තනතුරුවලින් ඉවත් වීමට අදාළ ලිපි ලේඛන පක්ෂ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දී ඇත. (දිවයින) Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
සීතාවක ඔඩිසි සංචාරක දුම්රියේ මංගල චාරිකාව ඊයේ (15) උදෑසන ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර තිබෙනවා. සීතාවක පුරවරය නවතම සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් මෙම නව දුම්රිය සේවය ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ. ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.
යෝගට් කියලා කියන්නේ පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ ආහාරයක්. මේ කියන යෝගට් යොදාගෙන ඩෝනට්ස් ඉතා පහසුවෙන් සාදාගන්නා ක්‍රමය අද අපි ඔයාලට ගෙනාවා. හැමදාම කන චොකලට් ඩෝනට් වෙනුවට ගෙදරදීම යෝගට් ඩෝනට් එකක් හදලා බලමුද? එහෙනම් මෙන්න රෙසපිය. අවශ්‍ය ද්‍රව්‍ය, සාදාගන්නා ආකාරය, බිත්තරය, යෝගට්, සීනි ස්වල්පයක් දමා හොඳින් බීට් කරගන්න.වයිට් විනිගර් ටිකට බේකිං සෝඩා ටික දමාගෙන ටික වේලාවක් තියන්න. දැන් යෝගට් මිශ්‍රණයට දෙවනුව අපි සාදාගත් බේකිං සෝඩා ටික දමා නැවතත් හොඳින් කලවම් කරගන්න. දැන් එයට ටික ටික පිටි ටික දමමින් පිටි ගුලියක් මෘදුව සකසා ගන්න.විනාඩි 15 ක් පමණ තෙත රෙදි කඩකින් වසා එසේත් නැත්නම් ක්ලිං රැප් එකකින් වසා විනාඩි 15 ක් තබන්න. විනාඩි…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර තුන්වන හා අවසන් එක්දින තරගය අද (15) පැවැත්වෙනවා. ඒ අනුව එම තරගය ඉන්දියාවේ Thiruvananthapuram හිදී අද දහවල් 1.30 ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු එක්දින තරග දෙකම ඉන්දියාව ජය ගැනීමට සමත් වුණා. නුවනිදු පෙර තරගයේ ඉහළින්ම සිටි ක්‍රීඩකයා අර්ධ ශතකයකින් පසුව ඔහුව ඉවත් කර තැබීම පහසු නොවනු ඇත. ඔහු දේශීය ක්‍රිකට් තරගවලදී මැදපෙළ පිතිකරණයේ යෙදෙන නිසා නිශ්ශංක සිටියහොත් චරිත් අසලංකට ඉවත් වීමට සිදුවනු ඇත. සදීර සහ ප්‍රමෝද් මධුෂාන් ඇතුළත් කිරීම ගැන සලකා බැලිය යුතුයි. අවිශ්ක දෙවතාවක් අසාර්ථක වූ නිසා පැතුම් නුවනිඳු සමඟින් පිතිකරණය ආරම්භ කරනු ඇත්තේ ඔහු යෝග්‍ය නම්…
යුක්රේනයේ නගර රැසකට රුසියාවෙන් මිසයිල සහ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල විය. නැගනෙහිර යුක්රේනයේ නිප්‍රෝ නගරයේ මහල් නිවාස ගොඩනැගිල්ලකට ද මිසයිල ප්‍රහාරයක් එල්ල වුණු අතර, එයින් සිවිල් වැසියෝ නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 27 ක් යැයි පැවැසෙයි. රුසියන් හමුදාව, ප්‍රහාර එල්ල කරන්නේ යුක්රේන වැසියන්ගේ යටිතල පහසුකම් අඩපණ කිරීමේ අරමුණින්ය. විදුලි බලගාර, ජල සැපැයුම් පද්ධති ආදිය රුසියන් හමුදාවේ ඉලක්ක වී තිබේ. රුසියන් හමුදා පහර දීමට, ඉරානයෙන් ලබා ගත් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ද යොදා ගන්නා බව යුක්රේන රජය දිගින් දිගටම චෝදනා නගයි. කීව් අගනුවරට, කාර්කීව් සහ ඔඩෙසා නගරවලට ද මිසයිල ප්‍රහාර එල්ල විය. මේ වනවිට ඇමෙරිකාවෙන්, ප්‍රංශයෙන් සහ මහා බ්‍රිතාන්‍යයෙන්…