- මහින්ද සිරිවර්ධන මහතාගේ සේවය ජනපති විසින් අගයයි
- කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට
- සරසවි සිසුවා නවකවධයට ලක්කිරීමේ සිද්ධියට එරෙහි FR පෙත්සම සලකා බැලීමට දින දෙයි
- සාර්ථකත්වය තියෙන්නේ එකට වැඩ කළොත් විතරයි -කොළඹ පුරපතිනිය
- බූස්සේ රැඳවියන් 5ක් විරෝධයක් අරඹයි
- බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි
- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ඉරාන අධ්‍යාත්මික නායකයා පහසු ඉලක්කයක් බව ට්‍රම්ප් කියයි
Author: Buzzer Editor
පානදුර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේ නිවසකට රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනිතබා විනාශ කර ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි. ගින්නෙන් ජීවිත හානි සිදුව නොමැති බවත් සිදුව ඇති දේපල හානිය මෙතෙක් ගනන් බලා නොමැති බවත් පොලිසිය සදහන් කරයි. පානදුර ජනප්‍රිය මාවතේදී දෙපිරිසක් අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බවත් එයින් පහරකෑමට ලක්වූ දෙදෙනකු පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය කීය. එම පහරදීම මුල්කර ගනිමින් මෝදරවිල මහල් නිවාස සංකීර්ණයට පැමිණි නාදුනන පිරිසක් පහරදීම සිදුකල බව කියන පුද්ගලයන් පදිංචි මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලේ නිවසට ගිනි තබා ඇති බව උසස් පොලිස් නිලධාරීයෙක් කීය. මොරටුව මහ නගර සභාවේ…
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනුකර ඇති බව නීතිපතිවරයා ඊයේ (17) අභියාචනාධිකරණයට දන්වා තිබෙනවා. ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ නීතිඥවරුන් දෙදෙනෙකු වන ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන පිරිස ඉදිරිපත් කළ පැමිණිලි අභියාචනාධිකරණ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා. එම අවස්ථාවේදී වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ද අධිකරණයේ පෙනී සිටි අතර පැමිණිල්ල නැවත පෙබරවාරි මස 23 වනදා කැඳවීමට ද නියම කර තිබෙනවා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
මොනවද මේ කිඩාරම්? එසේනම් අද අප සූදානම් වන්නේ දුර්ලභ ගණයට අයත් ශාකයක් වන කිඩාරම් ශාකයේ ඇති ගුණ සහ අගුණ පිළිබඳව ඔබට වැදගත් තොරතුරු කිහිපයක් ලබා දීමටයි. කිඩාරම් ශාකය බොහෝ දෙනා විසින් දැන හදුනන්නේ එහි වූ විශාල පුෂ්පය මගිනි. මෙම ශාකය කන්ද, දුර්ණාමාරි, සර්පනාල, ගජපද, බහුකන්ද, කණ්ඩුල යන නම්වලින් ද හදුන්වනු ලැබේ. කිඩාරම් මල Elephant foot yam flower, Stink Lily යන නම් වලින් හැඳින්වෙන මෙම මලෙහි සුන්දරත්වය ස්වභාදහමේ තවත් අපූරු නිර්මාණයක් ලෙස සදහන් කරන්නට පුළුවනි. ඉතාමත් කලාතුරකින් දක්නට ලැබෙන මෙම මල තද දම් පැහැයක් ගන්නා අතර මෙහි විශාලත්වය 45cm – 50cm පමණ වේ. සාමාන්‍යය මලකින් හමන සුවදක් වෙනුවෙට කිඩාරම් මල කුණු…
අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ වසර පහක කාලයක් තුළදී සිය වැටුපෙන් හා ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75 කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාවය පිළිබඳ නියෝග ලබන පෙබරවාරි 28 වැනිදා නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මහතා ඊයේ (16දා) දින නියම කළේය. එම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. (දිවයින) Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
ඉන්දියාව සමග පැවති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයේදී අත්වූ පරාජය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරුට දැනුම් දී තිබෙනවා. ඒ අනුව අදාළ වාර්තාව දින 5ක ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉදිරිපත් කළ යුතු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම්දී තිබෙන්නේ. පෙරේදා (15) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිරුවනන්පුරම් හි පැවති තෙවැනි එක්දින තරගය ලකුණු 317කින් ශ්‍රී ලංකාව පරාජයට පත්වූ අතර එක්දින ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් ලද විශාලම පරාජය ලෙසද වාර්තා පොත් අතරට එක් වුණා. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර අනුග්‍රහයෙන් පිහිටුවා තිබූ ඇෆ්ගන් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ මුර්සාල් නබිසාදා වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. බටහිර අනුග්‍රහයෙන් පිහිටුවා තිබූ ඇෆ්ගන් රජය බිඳ වැටුණේ පසුගිය 2021 වසරේ අගෝස්තු මාසයේය. ඒ, ඇමෙරිකන් හමුදා යුද මෙහෙයුම් අවසන් කර ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසුවය. ඉන්පසු තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගත් අතර, මේ වනවිට ඇෆ්ගනිස්තානයේ ඇත්තේ තලේබාන් පාලන රජයකි. 32 හැවිරිදි නබිසාදා, කාබුල් අගනුවර සිය නිවසේ සිටිද්දී සන්නද්ධ පිරිසක් නිවසට කඩා වැදී ඇයට වෙඩි තබා ඇති බව පොලිසිය කියයි. නබිසාදාගේ ආරක්ෂාවට ආරක්ෂක නිලධාරීන් පිරිසක් ද සිට ඇති අතර, එක් ආරක්ෂක නිලධාරියෙක් ද වෙඩි වැදී මියගියේය.නබිසාදාගේ ඝාතනය ඇමෙරිකාව ඇතුළු…
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නැගෙනහිර පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර දකුණු පළාතේ උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරින් කල්පිටිය ඒත්තාල ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී ලක්ෂ 150 කට වැඩි වටිනාකමකින් යුත් එන්සාල් තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු හා වාහන දෙකක් අත් අඩංගුවට ගත් බව කියයි. අදාල එන්සාල් තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් නීති විරෝධි ලෙස රැගෙන විත් පසුව කල්පිටිය ඒත්තාල ප්‍රදේශයේ සඟවා තබා පසුව එය ලෙලි නොගැසු පොල් තොගයක් තුළ සඟවා කොළඹට ප්‍රවාහනය කරමින් තිබියදී කල්පිටිය විජය නාවික හමුදා කදවුරේ බුද්ධි නිළධාරින් ලබා දුන් තොරතුරකට පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් 16 අලුයම අත් අඩංගුවට ගෙන ඇත. (ලංකාදීප)
කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ප්‍රතික්ෂේප කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කැබිනට් මණ්ඩලයට ලිඛිතව දැනුම්දී තිබෙනවා. ඒ අනුව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක විසින් කැබිනට් ලේකම්වරයාට මේ බව ලිඛිතව දැනුම්දී ඇති බවයි සඳහන් වන්නේ.
දැනට ලෝකයේ ඇති ප්‍රධානතම පැතලි පෘථිවි න්‍යායන් (flat-earther theory) එකක් වන්නේ, පෘතුවිය යනු තැටියක් බවත් එහි මධ්‍යයේ ආක්ටික් වෘතය සහ එහි ගැට්ටේ ඇන්ටාක්ටිකාව නම් වූ අඩි 150 ක් උස අයිස් තාප්පය ඇති බවයි. තවදුරටත් ඔවුන් පවසන්නේ, මිනිසුන් මේ අයිස් තාප්පය තරණය කොට පෘතුවියේ ගැට්ටෙන් එහා පැත්තට වැටීම වලක්වා ගැනීම සදහා, නාසා ආයතනයේ සේවකයින් විසින් ඇන්ටාක්ටිකාව ආරක්ෂා කරන බවයි. ඔවුන් පෘතුවියේ දිවා-රෑ චක්‍රය පැහැදිලි කරන්නේ: ඉර සහ සද යනු සැතපුම් 32 එකිනෙකාට දුරින් පිහිටි ගෝල දෙකක් බවත්, ඒවා පෘතුවි තැටියට සැතපුම් 3000ක් ඉහලින් වෘතාකාරව ගමන් ගන්න බවයි. තරු පිහිටා ඇත්තේ පෘතුවියට සැතපුම් 3100ක් ඉහලින් බවත්, මේවා ස්පොට් ලයිට් මෙන් දවසේ පය…