Author: Buzzer Editor

යුක්රේනයේ කීව් අගනුවරට නුදුරින් පිහිටි බ්‍රොවාරි නමැති නගරයේ පෙර පාසලක් සහ මහල් නිවාස ගොඩනැගිල්ලක් අසලට හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී පුපුරා ගිනි ගත්තේය. යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩෙනිස් මොනාස්ටිස්කි ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් පිරිසක් හෙලිකොප්ටරයේ ගමන් කරමින් සිටි බවත් ඔවුන් සියලු දෙනා ජීවිතක්ෂයට පත්වුණු බවත් පැවැසෙයි. හෙලිකොප්ටරය කඩා වැටී පිපිරුමෙන් සහ ගින්නෙන් පෙර පාසල් ගොඩනැගිල්ලටත්, මහල් නිවාස ගොඩනැගිල්ලටත් හානි සිදුවිණි. හෙලිකොප්ටරය, රුසියන් මිසයිල ප්‍රහාරයකට හසුවීමෙන් කඩා වැටෙන්න ඇති බවත් අනුමාන කෙරේ. පිපිරුමට සහ ගින්නට හසුවීමෙන් 16 දෙනකු මියගිව බවත් කුඩා දරුවන් කීප දෙනකු ද ඒ අතර සිටින බවත් පැවැසෙයි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු මැද, වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (40-50)ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

විසි එක් වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්තා සංශෝධනය අනුව අලු‍තින් පිහිටුවනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයන් තිදෙනා ලෙස ආචාර්ය ප්‍රතාප් රාමනුජාම්, වෛද්‍ය අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න යන අය පත්කිරීමට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය ඊයේ (18) හිමිවිය. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අග්‍රාමාත්‍ය සහ විරුද්ධ පක්ෂයේ නායක යන දෙදෙනාගේම නාමයෝජනා මත මෙම තිදෙනා නම් කරන බවද ඔහු සඳහන් කළේය. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

ජාතික හැඳුනුම්පත් සැකසීමට යොදාගන්නා විශේෂිත කාඩ්පත් ව​ල හිඟයක් පැවතීම හේතුවෙන් පළමුවරට ජාතික හැඳුනුම්පත් අයදුම්කරන පිරිසට හැඳුනුම්පත වෙනුවට මුද්‍රිත කඩදාසියක් නිකුත් කිරීමට කටයුතු කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි පවසනවා. මෙලෙස ලබාදෙන මුද්‍රිත කඩදාසිය දෙස් විදෙස් විභාග කටයුතු මෙන්​ම බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයේ කටයුතු සඳහා​ද වලංගු වන බවත් කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියා. දැනට හිඟව පවතින කාඩ්පත් ලබන අගෝස්තු මාසය පමණ විට ලැබෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Read More

තමන්ටම කියා සිහින නිවසක් ගොඩනංවා ගැනීම කොයිකාගෙත් සිතේ පවතින සිහින කන්දරාවෙන් එකකි. එමෙන්ම එම නිවස වඩාත් සුඛෝපභෝගී සහ නවීන පන්නයේ සිහින නිවසක් කර ගන්නට ඇත්නම් එය කෙතරම් වටිනවාද. බොහොමයක් දෙනාගේ සිත් තුළ නවීන පන්නයේ සිහින නිවසක් පිළිබඳව සිහිනයක් පැවතියද මූල්‍යමය ගැටලූ හේතුවෙන් බොහෝදෙනෙක් සාමාන්‍ය නිවසක් ඉදිකර ගැනීමට පෙළඹෙයි. නමුත් ඔබගේ යහළුවන්ගේ අසල්වැසියන්ගේ නවීන පන්නයේ නිවෙස් දකින විට ඔබේ සිතටත් සියුම් කණගාටුවක් ඇතිවන බවද සත්‍යයකි. නවීන පන්නයේ නිවසක් ඉදිකිරීමට බලාපොරොත්තු වන ඔබ එහි ගෘහ අලංකරණය පිළිබඳව ද වඩාත් සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය කාරණයකි. කෙතරම් විශාලව නිවසක් ඉදි කළ ද එහි සුන්දරත්වයක් නොමැතිනම් නිකම්ම නිකම් බිත්ති කිහිපයක් මෙන් පෙනෙනු ඇත. නිවසේ සුන්දරත්වය පිළිබඳව…

Read More

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් විසින් ගොනුකර තිබෙන නඩු අද (18) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. එහිදි නීතිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට වන්දි ඉල්ලා ගොනුකර ඇති නඩුවල වගඋත්තරකරුවෙකු වන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී නොසිටින බව අධිකරණයට දැනුම් දුන්නා.

Read More

පසුගිය ජනවාරි 09 වනදා සිට 15 වනදා දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 2,030 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහිදී වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ප්‍රමාණය 452ක් වනවා. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 417ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 257ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 123ක්, කල්මුනේ දිස්ත්‍රික්කයෙන් 107ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් රොගීන් 103ක් වාර්තා වී ඇති බවයි එම ඒකකය වැඩිදුරටත් පවසා සිටි‍යේ. මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.

Read More

ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර තරග සඳහා අවශ්‍ය ක්‍රීඩකයන් තෝරා ගැනීම ඉලක්ක කර ගෙන ක්‍රීඩකයන් 100කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙට (19 වෙනිදා) කොළඹ දී ආරම්භ වීමට නියමිතය. ඒ අනුව කොළඹ සහ කැන්ඩි කණ්ඩායම කොළඹ එස්.එස්.සී. පිටියේදී ද, දඹුල්ල සහ ගෝල් කණ්ඩායම කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ද හෙට සිට සිය සටන් ආරම්භ කරනු ඇත. තරගාවලියට එක්වන අනෙක් කණ්ඩායම වන්නේ ජැෆ්නා කණ්ඩායම යි. කණ්ඩායම් 5කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය මාර්තු 05 වැනිදායින් අවසන් වීමට නියමිත අතර තරගාවලියේ ලීග් වටය අවසානයේ පෙරමුණ ගනු ලබන කණ්ඩායම් 4 අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබයි. අවසන් මහ තරගය මාර්තු 02…

Read More

යුක්රේනයට අවි ආයුධ ලබා දීම සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් බටහිර රටවලට දොස් නැගුවේය. රුසියන් ජනාධිපතිවරයා මෙසේ බටහිර රටවලට දොස් නැගුවේ, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සමඟ පැවැත්වූ දුරකතන කතාබහක් අතරතුරේය. ඇමෙරිකාව, මහා බි්‍රතාන්‍යය, ප්‍රංශය ආදී බටහිර බලවතුන් අවි ආයුධ ලබා දෙමින් යුක්රේන හමුදා ශක්තිමත් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, එයින් සිදුවන්නේ රුසියන් යුක්රේන අර්බුදය තව තවත් උත්සන්න වීම බවත් රුසියන් ජනාධිපතිවරයා තුර්කි ජනාධිපති එර්දොවාන්ට පෙන්වා දුන්නේය. පසුගිය දා මහා බ්‍රිතාන්‍යය ඔවුන්ගේ හමුදාවේ ඇති ‘චැලෙන්ජර් 2’ වර්ගයේ ප්‍රබල යුද ටැංකි දෙකක් යුක්රේන හමුදාවට ලබා දුන්නේ රුසියන් හමුදාවෙන් එල්ල වන ප්‍රහාරවලට එරෙහිව සටන් වැදීමටය. තවත් යුද ටැංකි 4 ක් යුක්රේන…

Read More

බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපා‍ර්තමේන්තුව නිවේදනය කරනවා. දකුණු පළාතේ උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් එහි වැඩිදුරටත් සඳහන් වෙනවා.

Read More