- මහින්ද සිරිවර්ධන මහතාගේ සේවය ජනපති විසින් අගයයි
- කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට
- සරසවි සිසුවා නවකවධයට ලක්කිරීමේ සිද්ධියට එරෙහි FR පෙත්සම සලකා බැලීමට දින දෙයි
- සාර්ථකත්වය තියෙන්නේ එකට වැඩ කළොත් විතරයි -කොළඹ පුරපතිනිය
- බූස්සේ රැඳවියන් 5ක් විරෝධයක් අරඹයි
- බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි
- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ඉරාන අධ්‍යාත්මික නායකයා පහසු ඉලක්කයක් බව ට්‍රම්ප් කියයි
Author: Buzzer Editor
සිරුරට භූමිතෙල් හලාගෙන ගිනි තබාගත් සිව්දරු මවක සහ එය නිවීමට ගිය සැමිය ගින්නෙන් පිලිස්සී කළුතර ශික්ෂණ රෝහල ට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. මෙසේ රෝහල් ගතකර ඇත්තේ බේරුවල සමත් මාවතේ පදිංචි 28 සහ 24 දී ඇති අඹුසැමි යුවළක් බව පොලිසිය පවසයි. දෙදෙනා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් අද පස්වරුවේ කතාබහක් සිදුව බිරිඳ නිවසේ ප්ලාස්ටික් කෑන් එකක තිබූ භූමිතෙල් සිරුරට හලාගෙන බිරිඳ ගිනි තබා ගෙන ඇතැයි පොලිසිය පවසයි . ඇයගේ සිරුර ගිනි ගනිද්දී ස්වාමි පුරුෂයා ගින්න නිවා දැමීමට උත්සහ දැරීමේදී ඔහුද පිලිස්සීම් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. දෙදෙනාම කළුතර තීක්ෂණ ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර, බිරිඳගේ තත්වය…
බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් කිතුල්ගල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන ලෝක ප්‍රකට ක්‍රීඩාවක් වන වයිට් වෝටර් රාෆ්ටින් (white water Rafting) ජල ක්‍රීඩාව ආශ්‍රිතව මතුව ඇති ගැටළු සොයා බලා ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා කමිටුවක් පත්කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක උපදෙස් ලබාදී තිබෙනවා. මේ පිළිබඳව පෙරේදා (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ. සංචාරක අමාත්‍යාංශයේ සහ රේඛීය ආයතන වල නිලධාරීන්ගෙන් සමන්විතව පත් කෙරෙන මෙම කමිටුව මගින් ඒ ආශ්‍රිතව ඉදිරිපත්ව ඇති ගැටළු පිළිබඳ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදුකර සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස ද ජනාධිපති ලේකම්වරයා උපදෙස් දුන් බවයි ජනාධිපති…
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව දෙසැම්බර් මාසයේ මෙරට උද්ධමනය පසුගිය නොවැම්බර් මාසයට සාපේක්ෂව අඩුවී තිබෙනවා. ඒ අනුව පසුගිය නොවැම්බර් මාසයේ 65% ක් වූ මෙරට උද්ධමනය දෙසැම්බර් මාසයේ 59.2% ක් දක්වා පහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එසේම නොවැම්බර් මාසයේ 69.8% ක් ලෙස වාර්තා වු මෙරට ආහාර උද්ධමනය දෙසැම්බර් මාසයේදී 59.3%ක් දක්වා පහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.
විසිවන සියවසේ මුල් භාගයේදී Vesto Slipher විසින් සර්පිලාකාර නිහාරිකා නිරීක්ෂණය කිරීමෙන් පසුව ඔහුට නිගමනය කිරීමට හැකි වූයේ නිහාරිකා කිහිපයක් හැර (ඇන්ඩ්‍රෝමීඩා වැනි) අනෙකුත් සර්පිලාකාර නිහාරිකා පෘථිවියෙන් ඈත් වන බවයි. 1925 දී එඩ්වින් හබල් (Edwin Hubble) විසින් ඇන්ඩ්‍රෝමීඩා වල සෙෆීඩ් විචල්‍ය තාරකා (Cepheid variable stars) සොයා ගැනීමත් සමග තහවුරු කළේ සර්පිලාකාර නිහාරිකා සැබවින්ම වෙනම මන්දාකිණි බවයි. මෙම ස්පන්දන තාරකා (pulsating stars) කාලයත්-දීප්තියත් අතර ඇති නීතියට එකඟ වේ. ඇත්ත වශයෙන්ම, ආලෝක විචලනය පවතින කාලය වැඩි වන තරමට තරුව දීප්තිමත්ව පවතී. එමඟින් ඒවායේ දුර තීරණය කිරීමට හැකි වේ. අනෙක් තාරකා විද්‍යාඥයින් මුලදී සැක කළ දෙය සනාථ කරමින්, ඇන්ඩ්‍රෝමීඩාට අපේ මන්දාකිනියේ කොටසක් වීමට නොහැකි…
කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපයට ඉහළින් පියාසර කරන ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අය කරන ගුවන් ගමන් සංතරණ ගාස්තු සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා පෞද්ගලික සමාගම විසින් මෙම ගාස්තු 1985 වර්ෂයෙන් පසුව සංශෝධනය කර නොමැති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ. ඒ අනුව දැනට අයකරනු ලබන ගාස්තු පෙබරවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කළ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුව විසින් නිකුත් කළ නිර්දේශ සහිත වාර්තාව පදනම් කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීම ලබන 1 වැනිදා දක්වා වළක්වමින් අභියාචනාධිකරණය පසුගිය 20 වැනිදා නියෝගයක් නිකුත් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා හා ලේකම් මොහාන් සිල්වා යන මහත්වරුන් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සමක් සලකා බැලූ සෝභිත රාජකරුණා හා ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රමුඛ ක්‍රීඩා බලධාරීන්ට එම නියෝගය නිකුත් කළේය. මෑතකදී ක්‍රීඩා අමාත්‍යවරයා වෙත භාරදී එම පංච පුද්ගල කමිටු වාර්තාව තමන් වෙත ලැබුණේ පෙරදින පස්වරු 4.00…
නයිජීරියාවෙන් ලාසා වයිරසය ආසාදිත 105 දෙනකු හමුවී ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. ඊට අමතරව, තවත් ආසාදිතයන් යැයි සැක කරන 369 දෙනකු ගැන එරට සෞඛ්‍ය බලධාරීන් විමසිල්ලෙන් පසුවන බව ද වාර්තා වේ. පසුගිය ජනවාරි මස 2 වැනිදා සහ 15 වැනිදා අතර, කාලය තුළ මෙම ආසාදිතයන් හමුවී තිබේ. නයිජිරියාවේ ප්‍රාන්ත 10ක එය ව්‍යාප්තව ඇතැයි සෞඛ්‍ය අංශ අනුමාන කරයි. ඉබෝලා, මාබර්ග් වැනි මාරාන්තික වයිරසයක් වැනි ලාසා, මීයන් වැනි ලෑටිගාන සතුන්ගේ මනුෂ්‍යයන්ට ව්‍යාප්ත වෙයි. ලාසා වයිරස, පළමු වරට හඳුනා ගැනීම සිදුවූයේ නයිජිරියාවේ ඊසානදිග බෝනෝ ප්‍රාන්තයෙනි. ඒ, 1969 වසරේදීය. උණ, හිසරදය, උගුරේ වේදනාව, කැස්ස, පාචනය, මාංශ පේෂි වේදනාව මෙන්ම, පපුවේ වේදනාව ලාසා රෝග ලක්ෂණ බව…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවර එළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි අතර උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් දකුණු වෙරළබඩ ප්‍රදේශවලදීත් උදෑසන කාලයේදී වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ලිට්‍රෝ ගෑස් මිල ලබන පෙබරවාරි මස මුල සතියේ රුපියල් 500කට වැඩි මුදලකින් ඉහළ යන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 500ත් 750ත් අතර මිලකින් ඉහළ යන බවත් එම මිල ඉහළ යෑමට සාපේක්‍ෂව කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරවල මිල ද ඉහළ යන බවත් එහ නිලධාරියා කීය. එම මිල ඉහළ දැමීම ලබන පෙරවාරි මස 5 වැනිදා සිට ක්‍රියාත්මක වන බව කී එම නිලධාරියා සඳහන් කළේ ලෝක වෙළෙඳපොලේ ගෑස මිල ඉහළ යෑම මෙම මිල ඉහළ දැමීමට හේතුව බවය. (ලංකාදීප)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 03ක් ලබාදී තිබෙනවා. ඒ අනුව ඊට අදාළ චෙක්පත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී ඇති බවයි සඳහන් වන්නේ. රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම, රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, වී මිලදී ගැනීම ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගිය වසරේදී ලැබූ මෙහෙයුම් අතිරික්තයෙන් මෙම මුදල ලබා ඇති බවයි සඳහන් වන්නේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ ට්විටර් නිවේදනය පහතින්,