Author: Buzzer Editor

ඊයේ (25) ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළා. ඒ අනුව www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබා ගත හැකියි. එමෙන්ම දිස්ත්‍රික් 25 ට අදාළව දිස්ත්‍රික් කඩඉම් අවම ලකුණු ප්‍රමාණය ද නිකුත් කර තිබෙනවා.

Read More

ජනවාරි 31 වැනිදා ආරම්භ වන එංගලන්ත ලයන්ස් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ‘ඒ’ තරග සංචාරය යටතේ ආරම්භ වන සිව්දින සහ එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එම තරග අංශ සඳහා නායකයින් දෙදෙනකු නම් කිරීමට පියවර ගෙන තිබේ. තරග 2 කින් සමන්විත සිව්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ’ සිව්දින කණ්ඩායමේ නායකත්වය සඳහා නිපුන් ධනංජයව ද එක්දින තරග අංශයේ නායකත්වය සඳහා කමිදු මෙන්ඩිස්ව ද නම් කර තිබේ. මෙම කණ්ඩායමට ටෙස්ට් වරම් දිනා සිටින කමිදු මෙන්ඩිස්ට අමතරව, ඕෂධ ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම සහ ලසිත් ඇඹුල්දෙණිය යන ක්‍රීඩකයින් ඇතුළත්ව තිබීම කැපී පෙනෙයි. කෙසේ වෙතත් නම් කරන ලද ක්‍රීඩකයන් 22…

Read More

ජර්මන් හමුදාව සතු ප්‍රබලතම අවියක් ලෙස ලෙස සැලකෙන ‘ලෙපර්ඞ්’ වර්ගයේ යුද ටැංකි දෙකක්, යුක්රේන හමුදාවට ලබා දීමට ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් කැමැත්ත පළ කර තිබේ. රුසියන් හමුදා ප්‍රහාර හමුවේ යුක්රේනයට ‘බර අවි’ ලබා දීම සම්බන්ධයෙන් ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් සහ ඔහුගේ රජයේ කැමැත්තක් නොතිබුණි. කෙසේ නමුත් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ ඉල්ලීමට කන් දෙමින්, ‘ලෙපර්ඞ්’ යුද ටැංකි යුක්රේන හමුදාවට ලබා දීමට ජර්මන් චාන්සලර්වරයා කැමැති විය. ඒ අනුව, යුද ටැංකි දෙකක් යුක්රේනයට යැවීම සිදුවිය. මේ වනවිට මහා බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව ද යුක්රේනයට යුද ටැංකි ලබා දී ඇත. ඒ, රුසියන් ප්‍රහාරවලට එරෙහිව යුක්රේන සෙබළුව්ට සටන් වැදීම සඳහාය. ඇමෙරිකාව යුක්රේනයට ලබා දී ඇත්තේ ‘එම්1…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Read More

බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි වායු රයිෆල් සහ ක්‍රීඩා උපකරණ අලෙවි කිරීමේ වෙළඳ සැලකට පෙරේදා 24 වෙනිදා හවස පැමිණි නාඳුනන පුද්ගලයකු එහි සේවකයකුගේ ගෙල ප්‍රදේශය තියුණු ආයුධයකින් කපා වායු පිස්තෝලයක් පැහැර ගෙන පලාගොස් ඇතැයි බම්බලපිටිය පොලීසිය පවසයි. තුවාල ලැබූ එම සේවකයා කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් ව ප්‍රතිකාර ලබමින් පසුවන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. නාඳුනන පුද්ගලයකු මෙම වෙළඳසැල වෙත පැමිණ වායු පිස්තෝලයක් අවශ්‍ය බව සේවකයාට පවසා ඇත සේවකයා වායු පිස්තෝලයක් ඔහුට විකිණීමට පෙර එය පරීක්ෂාකර බැලීමට වෙළඳසැලේ දෙවැනි මහලේ පිහිටි වෙඩිපිටිය වෙත එම පුද්ගලයා ද කැටිව ගමන් කරමින් සිටියදී නාදුනන පුද්ගලයා එක්වරම සේවකයාගේ ගෙළ ප්‍රදේශය තියුණු ආයුධයකින් කපා…

Read More

ඊයේ (25) සිට අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය විසන්ධි නොකිරීමට එකඟතාවය පළවී ඇති බව මානව හිමිකම් කොමිසම පවසනවා. ඒ අනුව එම නිර්දේශය ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඇතුළු සියලුම පාර්ශව එකළඟතාව පළ කර බවයි නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ. උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඊයේ මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබුණා.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා A H M ෆවුසි පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කොළඹ නගරාධිපති ධූරය සඳහා තරග කිරීමට පසුගියදා මුජිබර් රහුමාන් තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර තිබුණා. අදාළ ගැසට් නිවේදනය පහතින්, Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

2022 ආසියානු නෙට්බෝල් ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස කටයුතු කළ හයසින්ත් විජේසිංහ මහත්මිය තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාතික පුහුණුකරු ලෙස කටයුතු නොකිරීමට තීරණය කොට ඇත. 2023 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කොට ගෙන ප්‍රධාන පුහුණුකාරිනියක් පත්කර ගැනීම සඳහා වූ සම්මුඛ පරීක්ෂණය පෙරේදා (22) කොළඹ දී පැවැත්වීමට ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය පියවර ගෙන තිබුණි. ඒ සඳහා හයසින්ත් විජේසිංහ ඇතුළු තවත් පුහුණුකාරිනියන් දෙදෙනකු අයදුම්පත් ඉදිරිපත් කොට තිබූ අතර ගතවූ සති අන්තයේ (20) හයසින්ත් විජේසිංහ මාධ්‍ය හමුවක් කැඳවමින් ලෝක කුසලාන තරගාවලි ප්‍රධාන පුහුණුකරු සඳහා ඉදිරිපත් කොට තිබූ අයැදුම්පත ඉවත් කර ගත් බව පැවසුවාය. ශ්‍රී ලංකා නෙට්බෝල් පරිපාලනය විසින් ආසියානු නෙට්බෝල් ශූරතාව ඉලක්ක…

Read More

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සතුව තිබී රහස් ලියවිලි හමුවීම, බයිඩන්ට ලොකු අවාසියක් වනු ඇතැයි ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. බයිඩන් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වූයේ 2020 වසරේ පැවැති ජනාධිපතිවරණයෙනි. මේ වනවිට ඔහු එක් ධුර කාලයක් සම්පූර්ණ කර අවසන්ය. ඇමෙරිකන් ව්‍යවස්ථාන අනුව 2024 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බයිඩන්ට හැකියාව ඇත. කෙසේ නමුත් 2024 ජනාධිපතිවරණට ඉදිරිපත් වෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් බයිඩන් මෙතෙක් කිසිවක් පවසා නැත. (AFP) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් උදැසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More