Author: Buzzer Editor

නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතිය යටතේ කොළඹ පී. සරා ඔ්වල් පිටියේ පැවැති තරගයේදී පළමු සතියේ අපරාජිතව පසුවූ මහනුවර පිලට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට රමේෂ් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු ගාලු කණ්ඩායම සමත් විය. මෙවර තරග වාරයේදී ගාල්ල කණ්ඩායම විසින් පිට පිටම වාර්තා කරන ලද දෙවැනි ජය ලෙසින් මෙම ජයග්‍රහණය සනිටුහන් වූයේ තරගයේ සම්පූර්ණ දිනයක් ඉතිරිව තිබියදීය. ගාල්ල කණ්ඩායම අතින් අද දිනයේදී පරාජයට පත්වූයේ පළමු සතියේදී කලම්බු පිලට එරෙහිව ඉනිමක සහ ලකුණු 279 ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වූ කැන්ඩි කණ්ඩායම වීම කැපී පෙණෙයි. මහනුවර දෙවැනි ඉනිම ලකුණු 198 කටට සීමා වීම නිසා ගෝල් කණ්ඩායමේ ජයග්‍රාහී ඉලක්කය…

Read More

තුර්කි ඉරාන දේශසීමාවේ ප්‍රබල භූමි කම්පාවක් හටගත්තේය. භූමි කම්පාව සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.9 ක් ලෙසය. භූමි කම්පාවෙන් සිවු දෙනකු මියගිය බවත් 122 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. ඉරානය පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි. එහෙයින්, භූමි කම්පා හට ගැනීම ස්වභාවිකය. මරණ සහ තුවාල ලැබූවන් වාර්තා වන්නේ ඉරානයේ කොයි නමැති නගරයෙනි. නගරයේ නිවාස රැසක් ද භූමි කම්පාවෙන් විනාශ වී ඇතැයි පැවැසෙයි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ සොයා බැලූ කොමිෂන් සභාවල වාර්තා සලකා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය ලබන මස 28 වැනිදා දක්වා දීර්ඝ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්2021 ජනවාරි මස 21 වැනිදා සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත මෙම කොමිසම පත් කෙරුණේ මෙරට මානව හිමිකම් තත්ත්වය පිළිබඳ කළ විවිධ විමර්ශන සමාලෝචනය සඳහාය. (ලංකාදීප) Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ආර්.එම්. ඩබ්ලිව්. එස්. සමරදිවාකර යන අය පත් කොට ඇති බව වාර්තා වනවා. ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක දැක්වෙන්නේ පසුගිය 20 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි මෙම පත් කිරිම් සිදුකර ඇති බවයි. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

ලබන පෙබරවාරි 04 දිනට යෙදී ඇති ජාතික නිදහස් දින සැමරුම් උළෙල සහ එහි පෙරහුරු සඳහා වසා තැබෙන මාර්ග සහ වාහන ගමනාගමනය සීමා කරනු ලබන මාර්ග ශ්‍රී ලංකා පොලීසිය විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව පෙබරවාරි 01, 02, 03 යන දිනයන් හිදී උදෑසන 5 සිට දහවල් 12 දක්වා අදාළ මාර්ගවල විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. අදාළ මාර්ග ඇතුළත් නිවේදනය පහතින්,

Read More

ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත නෙදර්ලන්තයේ බෙස්ට් සත්වෝද්‍යානය මගින් පැන්තෙරා වර්ගයට අයත් ජගුවර් පිරිමි සත්වයකු ලැබී තිබෙනවා. සත්ව හුවමාරු වැඩසහටනක් යටතේ දෙහිවල සත්වෝද්‍යානයට මෙම සත්වයා ලැබුණු බවයි ආරංචි මාර්ග පවසන්නේ. මේ වන විට ජගුවර් සත්වයා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින අතර, සුදුසු පරිසර තත්ත්වයට හුරු කළ පසු දැනට සත්වෝද්‍යානයේ ඉන්න කලු ජගුවර් සිටින ස්ථානයට යොමු කර ජගුවර් පවුලක් ලෙස ජනතාවට දැකබලාගැනීමට සලස්වන බව ද තවදුරටත් ආරංචි මාර්ග පවසනවා. (Neth Gossip)

Read More

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් මඩකලපුව, අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ද ඇතිවීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

Read More

සිව්වැනි ඉනිමේදී හඹා යෑම අසීරු බව සම්මතය වුවත් කොළඹ එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (27 දා) නිමාවට පත් තෙදින පුහුණු තරගයේදී ලකුණු 309 ක ඉලක්කයක් කඩුලු 6 ක් පමණක් දැවී රැස් කර ගනිමින් එය යථාර්ථයක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිලෙහි ක්‍රීඩකයෝ සමත්වූහ. පන්දුවාර 50.4 ක් ඒ සදහා වැය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම කඩුලු 4 ක ජයක් වාර්තා කරන ලද්දේ ප්‍රාහාරාත්මකව ක්‍රිකට් ශෛල්‍ය සැම විටම සාර්ථක නොවන බවට එංගලන්ත ලයන්ස් කණ්ඩායමට පසක් කර දෙමිනි. මෙම ජයග්‍රහණයේ සුවිශේෂීතාව වූයේ පළමු ඉනිමේදී එංගලන්ත ලයන්ස් පිල ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම හමුවේ ලකුණු 58 කින් ඉදිරියෙන්…

Read More

හවායි දූපත්වලට ඉහළ අහසේ දිස්වුණු අබිරහස් සර්පිලාකාර වස්තුවක ඡායාරූපයක් මේ වනවිට විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී තිබේ. මෙම අබිරහස් වස්තුව දකින්න ලැබී ඇත්තේ ජපාන තාරකා විද්‍යාඥයන්ටය. ජපන් විද්‍යාඥයන් ඔවුන්ගේ සුබරු දුරේක්ෂය හරහා මෙම අබිරහස් වස්තුව නිරීක්ෂණය කළ බව ද පැවැසෙයි. මෙම වස්තුව දකින්න ලැබී ඇත්තේ හවායි දූපත්වලට අයත් මවුනාකේ දූපතට ඉහළින් අහසේය. අබිරහස් වස්තුව විද්‍යාඥයන් පුදුමට පත් කිරීමට සමත් වී ඇත. පසුව එම “පියාඹන සර්පිලාකාර වස්තුව” සැබවින්ම SpaceX දිනට පෙර දියත් කරන ලද නවතම චන්ද්‍රිකාවක් බව එම තාරකා විද්‍යාඥයන් පැවසීය. “ස්පේස්එක්ස් (SpaceX) සමාගම විසින් නව චන්ද්‍රිකාවක් දියත් කිරීම හා සහසම්බන්ධව එය සර්පිලාකාර ලෙසින් පෙනේ” යනුවෙන් ජපානයේ ජාතික තාරකා විද්‍යා…

Read More